Saturday, April 28, 2018

වරෙල්ලා යන්න පාරට


වරෙල්ලා යන්න පාරට


අවුරුද්දෙ අන්තිම දවස
අලූත් අච්චු පොත් හම්බෙන දවස
කරඩුව වගේ පරිස්සමට
අපි ගෙදරට වඩම්මන
කෙල්ලට වගේ ආදරෙන් 
පිටකවර දාන
රවුම් බෝල අකුරෙන්
නම පංතිය ලියන
පිටුවෙන් පිටුව ආසාවෙන්
පෙරළල බලන
මතකයන් තියෙනවා
අපි කාගෙත් ගාව
ඉසුරුපායෙ පෝළිම්වල
අම්මල එක්ක වේලෙන පොඩි උන්ට
ලස්සන නැතුව ඇති එච්චර
අලූත් අච්චු පොත්
බිල බල බල අම්ම හූල්ලන
ලොකු ලොකු උන්ගෙ පොඩි උන්
දිස්නෙ දෙන අලූත් අච්චු පොත්
එක්කලා හිනාවෙන
පොඩි පොඩි උන්ගෙ පොඩි උන්
පිටු ගැළවුණු වර්තමානයක්
එක්කලා ඔරවන
මහ බැංකුව කඩල වියදම් කරන
පොඩි උන්ගෙ හෝඩි පොතෙන්
සල්ලි ඉතුරු කරන්න
හොර පාරෙන් අච්චු පොතටත්
මුන් කෙළින්න හදන එක ඉවසතැහැකි
ඒ ඔක්කොම නාඩගම්
බකන්නිලන් බලන් ඉන්න එක
ඉවසන්නෙ කොහොමද රත්තරන්
උත්තරය තියෙන තැන මෙතන
ඒ තමයි අරගලය
තොරොම්බල් හීන අතහැර
පොළව සිප වැළදගනු මැනවි
සාමා අමර
සල් ගහ යටට වෙලා
මොනවද තව කරන්නෙ?
වරෙල්ලා යන්න පාරට
ජීවිතය හොයාගෙන......

(රිවිහාර පින්නදුව)


No comments:

Post a Comment