Sunday, November 9, 2014

ඉතින් අපි තනියෙන්............



ඉතින් අපි තනියෙන්............

දහසක් සෙනග මැද
ඉතින් අපි තනියෙන්
තෙතබරිත නගරයක
මෙතන හරි උණුසුම්
දුවන ඇවිදින උන් අතර
ඔන්න අපි නැවතිලා
පැයට දෙකකට ඇත්තමයි
හදවතත් සිල් අරන්
වරායක් නැති හෙයින්
ආදරේ අපි අතර
නැන්ගුරම් දාල හෙමිහිට
ගුවන් පාලම යට මෙච්චර
ලස්සනයි හිතුනෙ කවදද
බරක් නැහැ සැහැල්ලුයි
පියඹන්න අවසරයි........

( https://www.facebook.com/photo.php?fbid=643826255694128&set=pb.100002002790094.-2207520000.1415599986.&type=3&theater )




No comments:

Post a Comment