Sunday, November 9, 2014

ගැබ්ගත්ත සිහිනයට.......................



ගැබ්ගත්ත සිහිනයට.......................

දකින එක සිනහවක
මන් කැමති නවතින්න
මගෙම වූ හදවතක්
ඈතට විසිකරන්නේ කෝම
කඩු කිණිසි වදන් වැල්
මන් මටම ගිණි තබන
කටොර දුර මග ගෙවා
වසන්තය අද්දරදි
මන් බලන් උන්න නුඹ
පැමිණේවි ස්නේහයේ නිම්නයට
කදුළු වැට නුඹට නොව
සිතයි මට මොරදෙන්න
ලෝකයම දෙදරන්න
ගව් ගණන් දුර ඈත
පාවෙද්දි හදවතක්
සුසුම් සුළි කුණාටුව
වනසනා නිම්නයම
කදුළු ගන් වතුරක
පීනන්න දන්නෙ නෑ මම
කදුළු තෙත බරිත වසන්තය
මට හරිම සීතළයි අද
ළගක නොව දුරක උව
ප්‍රේමයක් උණුසුම්ය
බොද වෙච්ච ඇස් තුළින්
සොයන්නේ නුඹෙ රුවය
මල් නොපිපි වසන්තෙක
නිම්නයක හැඩ කොහිද
මකරන්ද සොය සොයා
සමනළුන් හාමතේ මියැදෙන
ගොළුවෙච්ච විහගුන්
තටු කඩා පා කරණ
කළු පාට දේදුන්න
පායලා අහස් කුස
මිරිකලා ආත්මය
වදන් කොට සාරය
හදවතක ලියූ හසුන්පත
හාද්දක තවරලා
නිම්නයම පීරලා සොයාගත්
අතරමන් වුණු ලෙහෙනෙකු
අත එවමි පණිවිඩය
"ගැබ්ගත්ත සිහිනයට
ඉපදෙන්න ඉඩදෙන්න"
( https://www.facebook.com/photo.php?fbid=683801018363318&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )


No comments:

Post a Comment