Sunday, November 9, 2014

ඉතින් මට ඉඩදෙන්න.........



ඉතින් මට ඉඩදෙන්න.........

ළගපාත මුඩුක්කුව
දුර ඈත මන්දිරය
සමතලා වනදාක
කුසගින්න පැරදුණු
ධනයේ කූඩැල්ලො මියැදුණු
සොදුරැවූ දේශයක
සිනා පිරි මිනිසුන් සමග
හඩ නගා සිනාසෙමි
ඉතින් මට ඉඩදෙන්න
සිහිනයක් දකින්නට

උත්පැන්නෙ ජාතියක් ආගමක්
කුලයක් වෙන කෙහෙල්මලක්
වගේ වගක් නැති මිනිස්සු
වැව් ඉවුරෙ හැන්දෑවක
කියනව එක එක භාෂාවෙ සින්දු
සමහරැ දන්නව වැඩිපුර
එක භාෂාවක්
තවත් සමහරු තව එකක්
එච්චරයි... එච්චරමයි...
මාත් කියනව උන් එක්ක
දෙමළ සින්දුවක් නට නට
ඉතින් මට ඉඩ දෙන්න
සිහිනයක් දකින්නට

ප්රේනමයට ලන්සු නැත
පොරොන්දම් කුණු වළක
නීති නැත රීති නැත
ලින්ගිකත්වය කුණුහරැපයක් නොව
හදවතින් ඉම සොයන
සින්නක්කර ඔප්පුවක් නොවුණ
ශිෂ්නයෙන් යෝනියෙන්
එහා ගිය ප්රේනමයට
හුස්ම ගන්නට ඉඩක් ඇති
විසිල් නැති උද්යාන කෙළවරක
ඇය සමග තනිවෙන්න
ඉතින් මට ඉඩදෙන්න
සිහිනයක් දකින්නට

සහෝදරත්වයෙන් නැහැවුණු
සෙනෙහසින් ඔපවැටුණු
කාසි කොළ වලින් නොව
හදවතින් ගනු දෙනු කරණ
වරායවල් ගණනට
දියුණු යැයි බෙරිහන් නොදෙන
මානව සාරයම
දියුණු යැයි කියන
අප හදන සමාජෙක
මගේ පොඩි දෝණිව
රැගෙන ගොස් කදු මුදුනට
උස මදිනම් වඩාගෙන
දිගුකර අත
පෙන්වමි ලෝකය
පුතේ කොච්චර ලස්සනද
අප්පච්චි ඔයාට හදපු
ඉතින් මට ඉඩදෙන්න
සිහිනයක් දකින්නට

අප දකින සිහිනයම
මහ පොළවෙ පැළවෙන්න
සොහොයුරණි තව තවත්
වෙර රැගෙන පිබිදෙන්න
එරෙහිවෙන සතුරනේ අසනු
අවැසිනම් පපු කැවුතු
ගලවලා අරගන්න
ඉතින් මට ඉඩදෙන්න
සිහිනයක් දකින්නට..

( https://www.facebook.com/photo.php?fbid=513267835416638&set=pb.100002002790094.-2207520000.1415600156.&type=3&theater )

No comments:

Post a Comment