Sunday, November 9, 2014

නුඹේ ළෙන්ගතු සුවද තවරාන.............



නුඹේ ළෙන්ගතු සුවද තවරාන.............

සමුගන්න නිමේෂෙක
හමුවීම දුරස්වෙද
නෙත නොගැටෙනා කාලයක 
දැනෙන පාළුව කප්පරක
නොකීවාට නොදැනේද
ඉවසලා සීමාවන් කැඩුණ
සිරකරපු කදුළක්
ඉල්ලනව බැමි කඩන් ගිලිහෙන්න
පය පැකිළෙමින් ආපහු ඇදෙන
නුඹේ රුව ආයෙමත්
මතු වෙතැයි හිත කියන
හැරි හැරි යළි යළි බලන
සාන්කාවයි හිත හැම තැනම
කියන්නට මහ මෙරක්
බර දෙවන හැගීමක්
වචන නැත ගොළු වතින්
රිද්දනව හද බෝම
තුරුළු කර ආදරෙන්
නළලත සිපගන්න
වරම් නැති නිසාමද
සුසුම් බර මේ තරම්
දුර උනත් වැහි බිදු
නෙත් යොමා ඉන්නෙ පොළවට
වරම් ලද ඇසිල්ලක
පැමිණ මිහිකත සිප ගන්න
පිපී හිනැහෙන පුන්චි මල් කැකුළිය
නුඹ දන්නවද
මද පවන හැමුවත් දසත
නුඹ වෙතම ඇදෙන බව
නුඹේ ළෙන්ගතු සුවද තවරාන......

( https://www.facebook.com/photo.php?fbid=719227884820631&set=pb.100002002790094.-2207520000.1415599964.&type=3&theater )

No comments:

Post a Comment