Friday, November 7, 2014



පුතේ අම්මෙක් තාම
මග බලන් ඉන්නව...........................................

උදගිර කදු මුදුන් පිස
ආයෙමත් හිරු ඇවිත්
හොරු අරන් ගිය ඉර එළිය
කළුවරයි මගෙ ලොවම
සුසුම් හඩ තානමට
රගන දිය කේතලය මත
සීනි නැති කහට ටික
ඔක්කාරය ගෙනෙන
ඉස්සර මහ රෑට
හිටි ගමන් ගෙට වඩින
හිරු මඩල සිසිල දෙන
අම්මේ කියාගෙන
හුරතලය නාකි නැත
නන්ගීගෙ උසස් පෙළ
ගැන අසා ටොකු අනින
අප්පච්චිගෙ දෑස්
බිම බලන් මග අරින
අපිටත් හොරෙන්
මල්ලිට පත්තර ගෙනෙන
ඒකගෙ කටිනුත් හිටි ගමන්
බර වචන දොට්ට එන
කැම්පස් එකේ ලේලියෙක් ගැන
උජාරුවෙන් මට කියන
පහුවදා ආයෙමත්
අන්ධකාරෙ සැගව යන
වෘකයෙකුට දාව
ඩයිනෝසිරසයෙකුගෙ කුසින්
කොර එළුවෙක් උපන්
එකෝමත් එක කාලෙක
ගිජු ළිහිණි ඇවිදින්
සා පැටව් ගොදුරු කළ
මතකයන් රාමු කර 
සාලෙ මැද එල්ලුව
බැදල දරුවොත් උන්නට 
ඒකි තාමත් ආදරේ උඹටයි
උපන් දිනේට කිරි බත්
හදන් එනව මෙහෙටත්
තාත්තගෙ සොහොනට 
පහනක් තියන හැමදාම
හැමෝටම පොළවක්
හදන්නට ගිය උඹටත්
සොහොනක්වත් තිබුණනම්
අද ඒවි හෙට ඒවි
දින සති මාස නොව
දශකත් ගෙවෙනවා දැන්
මාත් අප්පච්චි ගාවින්
නිදාගත් දවසක
අනේ උඹ ගැන හිතල
අඩන්නටවත් එකෙක් නැතිවෙද
මේ දවස්වල හීනෙන්
ආයෙමත් උඹ පේනවා
සමනළ කෝෂයක් දෑතට ගෙන
නුඹ සිනහ නගනවා
මල්ලීගෙ පොඩි එකා
නුඹෙ පරණ පොත් ගොඩ අදිනවා
කුස්සියේ ලිප් බොක්කෙ
අළු අතර ගිණි පුපුරු
තාමත් උණුසුම ගේනවා
පුතේ අම්මෙක් තාම
මග බලන් ඉන්නව..............

( රිවිහාර පින්නදුව )
https://www.facebook.com/photo.php?fbid=706735936069826&set=pb.100002002790094.-2207520000.1415379515.&type=3&theater

No comments:

Post a Comment