Monday, November 3, 2014

බලාගෙන ඉන්න අයට ලස්සනයි ආදරේ............




බලාගෙන ඉන්න අයට
ලස්සනයි ආදරේ............

අත්වැල් බැදන්
ඇවිදන් යද්දි
බත්මුල තියන්
බලාගෙන ඉද්දි
අහුමුලු හොයන්
ගුලිවී ඉද්දි
ඉරිසියාද නුඹලට
හැම තිස්සෙම මට
කෝල් එද්දි
කොයිවෙලේ බැලුවත්
මැසේජ් කරද්දි
මොන තරම් ආදරේද අපි
හිතුනාද නුඹලට
අපි අපිම ගස් යට
හුරතල් වෙද්දි ඕසෙට
අයිස් ක්‍රීම් සීතලට
රත්වෙද්දි හාදුවක්
රගපාන හිනාවක්
මොනතරම් බරද
හිනාවෙන කදුලකින්
හීරිච්ච හදවතක්
අපි අපිම අතරමන්
නොගැළපෙන ගැළපීම
රෑ එළිවෙන තුරා
සෙනෙහසක නාමයෙන්
දික් ගැහෙන ආරවුල
අපි දැකපු හීනයක
අපි අපිම හිරකරණ
බොදවෙච්ච හෙට දවස
ආදරේ දියකරණ
වෙන් වෙන්න බැරිකමට
ළන්වෙලා අපි ඉන්න
බලාගෙන ඉන්න අයට
ලස්සනයි ආදරේ............

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=606430706100350&set=pb.100002002790094.-2207520000.1415004853.&type=3&theater )

No comments:

Post a Comment