Sunday, November 9, 2014

පාවෙනා දුම් රොදක.........................



පාවෙනා දුම් රොදක.........................

බරවෙච්ච හදවතක
බර දරාගනු බැරුව
හිස්වෙච්ච ජීවිතය
පුරවන්නෙ කුමකින්ද
අඩන්නට කදුළු නැති
දෑස් අද අඩවන්ය
හීනත් ගහන් ගිය
හැමදාම ග්‍රීස්මය
සෙවණක් සොයන දිවියක
ගිණි සිළක ඇවිළෙන
දුම් රොදක පාවෙන
මල්ලියේ ඇහැරෙන්න

අතරමන්වුණු දිවියක
මන් සොයා ගිය ගමන තනියම
මල්ලියේ දන්නවද
හැමෝම හොයන් දිව්වට
පාරක් නැහැ අපිට
අළුතින්ම හදනවා මිසක
සල්ගහ යටට ගිය
සාමල අමරල
කඩල ගොටුවී විකිණෙද්දි
කවුරුන්ද වැරදි හරස් කෙරුවට
රුපියලක් ගල් ලෑල්ලක් මත

ඇස් ඇරන් නුඹ අද
බලන් ඉන්නේ කෝම
කඩු කිණිසි පහරවල්
වැදෙනවා හදවතට
නෙත ගැටෙන හැම දේක
දන්නවා මන් ඒක
කුඩු ගහපු සමාජෙක
සිල් ගත්තු අපි ගාව
උඹල වැරදි නෑ තවත්

ඒත් මල්ලියේ
නුඹලගෙ ආත්මය
උරා බීපු උන් ළගම
සින්න කළේ ඇයි ජීවිතය
පාවෙනා දුම් රොදක
විසදුමක් හමුවේද
මත්වෙලා හැරයන්නෙ
ජීවිතේ නේද ඔය
කුඩුකාරය නම්බුවට
රවන උන්ගෙත් නෑ වෙනස
සැබෑවෙන සිහිනයක
පන්ගුකාරයෝ වෙන්න
දස අතේ හැමෝගෙම
මත් වෙච්ච දෑස් මත
රතු පාට තවරන්න
සිනිදු සුසිනිදු
පාවඩ නොමැති මුත්
ලෙයින් ඇදි
ප්‍රේමයක මන් ලකුණු ඇත
මග හැදින
ඇවිද එනු
තව පමා වනු කිමෙද
වසන්තය සොයන්නට...........

( https://www.facebook.com/photo.php?fbid=692362510840502&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )

No comments:

Post a Comment