Monday, November 3, 2014

මට පිස්සු කියල හිතන්න සර්........




මුළු පලාතෙම තිබ්බ පීදෙන්න ළන් වුණ තරුණ ගස්වල මැද ගොබය කුරුමිණියො කන්න පටන් ගත්තා
මුදුන් මුලේ සිට දල්ලටත් දල්ලේ සිට මුදුන් මුලටත්
කොළ අතු නාරටිවල පවා සුදු පුල්ලි මතුවුණා 
කුෂ්ඨ රෝගයක්
දල්ල කොඩවෙලා මැරුණා
මුදුන් මුලට පණුවෝ ගහපු හින්දා
ඊටපස්සෙ මුළු පලාතම කාන්තාරයක් වෙනකම්
පීදෙන්න ලන් වුණ ගස්ටික
බිමට පෙරළන්න සිද්ධ වුණා
පෙරළලා කුඩා කොටස් වලට කෙපුවා
කපල පිච්චුවා
අළු ගන්ගා ඇළ දොළ වල පාකරල යැවුවා
මුල් කුණු උනේ ඇයි කියලා හෙව්වේ නැ
හැමොටම ඔනෙ උනේ ඒක එතනින් නවත්ත ගන්න
ඒත් කුරුමිණියො තාම ඉන්නවා
පුදුමෙ කියන්නෙ 
මුදුන් මුල් නැති ගස්වලට 
ඔය වසන්ගතය බලපෑවෙ නෑ 
දැනට ඔය ඉතිරිවෙලා තියෙන්නේ
ඒ වද ගස් ටික
මේ කියපුව දරාගන්න අමාරුයි වගේනම්
මට පිස්සු කියල හිතන්න සර්........

( ග්ලැඩියේටර් ප්‍රේමය ) 

No comments:

Post a Comment