Sunday, November 9, 2014

එන්න යමු අපි.................



එන්න යමු අපි.................

තුරුළු කොට සමනලිය
සොදුර නුඹ ඈතට ඇදෙන
නුඹ නිබද පෙම් කෙරුව
ළෙන්ගතුම සිනාවෙන්
සමුදුනමුදු මුව සරස
නුඹ නොදත් කදුළක්
හැන්ගුවා හද කොණක
හිරු නැගෙන හිරු බසින
ඇස් අරින හැම වරම
නුඹේ මුව දකින්නට
වරම් ඉල්ලයි දෑස
ඒත් ඉවසමි සොදුර 
දනිමි මම කළ යුත්ත
යදම් දා මා ළගම
නුඹව සිර කෙරුම නොවන වග
නුඹ යන මගම
හෙට නොවේ මේ දැන්ම
නුඹ සමග ඇවිද එමි
සමලිවද තුරුළු කොට
තනන්නට ලොවක් 
ඇයට නොව පරපුරකට
දන්නවද දෙයක් නුඹ
කෙදින හෝ මේ මග
නුඹ නතරවුවද අතරමග
තුරුළු කොට ඇයව
ඇවිද යමි මන් තනිව
සිද්ධාර්ථ නොවෙ නුඹ
මන් යශොදරත් නොවේ අද
ආදරේ අඩු නොමැත
හදවතම පුරවා නුඹට
දෑස් දෙස බලාගෙන
ප්‍රේමයෙන් මත්වෙන්න
තව පමා වනු කිමෙද
එන්න යමු අපි
ස්නේහයේ අරගල බිමට
තරහ නැත්නම් සමලිව පොඩ්ඩක් ගන්න......

( https://www.facebook.com/photo.php?fbid=685180271558726&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )

No comments:

Post a Comment