Monday, November 10, 2014

ආත්මයක් මැරුණ ඉකිගහලම..................



ආත්මයක් මැරුණ ඉකිගහලම..................

හඩන ගන් දිය
නැගෙන රැළි මැද
කිරි සුවදක් කොහේ
සැගව ගත්තෙද
අම්මෙක්ගෙ ළමැදක
උණුසුමෙන් පාකළ
රෝස මල් පෙත්තක
සිනිදු බව දැනුණිද
කිරි මුට්ටිය කාසි කොළ වල
ගහන් යන දින
ගගට උඩින් අධිවේගෙ යන

සත්තකින් අම්මෙක්ට
කරන්න පුළුවන්ද ඔහොමත්
අපිනම් එහෙම නෑ
වැරැද්ද ඒකිගෙ
පත්තිනි අම්මල 
පෝළිමේ ගෙන්නල
ගල් ගහමු ඕකිට
වටේට ඉදගෙන
කුණු හරුපෙන් බනිමු
දැන් ඉතින් වැඩේ ඉවරයි
අත පිහදගමු අපි
තවත් රෝස මල් පෙත්තක්
පාළමක් ළග පාකරනකන්
වැඩේ ලේසියි
අපි සුජාතයි

තිඹිරිගෙයි මල්
කුණු ගොඩක පොඩි වෙද්දි
කොටහළු මගුලටත් කළියෙන්
සමනළියන් සෙයිලමට විකිණෙද්දි
රන් වැල්ලෙ කොලු පැටව්
ඩොලර් කොළයකට 
කලිසම ගලවද්දි
විත්ති කූඩුවට 
නග්ගන්නෙ කවුරුද

මිනී කදු වහන්
අතුරනා කාපට්
ජීවිතේ සිහින දිග හැර
සාදනා නෙක උයන්
සදුන් ලීයෙන් හදපු
සමන් පිච්ච පෝරකය
අපි අපිම එල්ලන
යුගය තාමත් මදිද
සැබෑ වැරදිකරු
දැන දැනම ඇස් පියන්
මුව හමට තඩි බාල
දැන්වත් අත් රිදෙන් නැද්ද

පාළමක් උඩදි
ආත්මයක් මැරුණ ඉකිගහලම
ගන් දියට විසිකලේ
ඒ අපේ හදවතයි
මිනිසුනේ කල් ඇවිත්
ගන් දියට පැන පිහින
අහිමිවුණු හදවත් සොයන්නට
නවන් ඉරක් නැගෙන තුරු
බලා ඉන්නේ නැතිව
ඉර සොයා දුවන්නට........

( https://www.facebook.com/photo.php?fbid=670596043017149&set=pb.100002002790094.-2207520000.1415599971.&type=3&theater )

No comments:

Post a Comment