Monday, November 3, 2014

මගෙ ආදර සරොජිනී......




මගෙ ආදර සරොජිනී......

එහා ගෙදර සරෝජිනී
රැළි ගවුමට පිච්ච මලට
මොට්ටුවටම මා බැදගත්
හොරෙන් බලා
නෙතගින් ආදරය කෙරුව
භාෂාව නොදැන
හදවත කිති කැව්ව මගේ
හද නොආපු පසලොස්වක
පිච්ච සුවද ආ දෙසින්ම
අමු ලේ සුවද ගලන
යාපනේට ගහගෙන ගිය
මට සුපුරුදු පිච්ච සුවද
යලි දැනුනි මට
වෙඩි බෙහෙත් ගද මැදින්
නන්දිකඩාල් කලපුවෙන්
දසත සොයා
පුරුදු ඉවට
හමුවුනේය සරෝජනී
මගෙම උන්ඩෙකින්
හදවත පසාරැ කල
රිදුම් දීපු
තිස්වසරක පෙම්වතියයි
මගෙ ආදර සරොජිනී......

( රිවිහාර පින්නදූව )
(තිස් වසරකට පෙර අදවන් දිනක මරාදමන ලද ඒ මනව ප්‍රේමය සිහි කරනු වස් )
( https://www.facebook.com/photo.php?fbid=501669269909828&set=pb.100002002790094.-2207520000.1415005214.&type=3&theater )

No comments:

Post a Comment