Monday, November 3, 2014

සමනලයගෙ පෙම් කවිය.........




සමනලයගෙ පෙම් කවිය.........

නෙකපාට සියදහසක්
මල් පිපිදෙන උදෑසන
සමනලුන් බඹරුන්ද
මල් සොයා ඇදෙන යාමය
අතු අතර සැගව සිටි
නුඹ පුන්චි පිච්ච මල
නවතින්න සිතුනෙ කිම
නුඹ ළගම මේ ලෙසින්

සුදුයි පුන්චියි
සිනිදුයි සුවදයි
මදපවනෙ තාලෙට
අතු අතර නැළවෙද්දි
කෙළසනම් හැරයාද
මගෙ පුන්චි පිච්ච මල

පැණි බොන්න අඩගසයි
දහසක් මල් කැකුළියන්
නුඹ වෙතම සැනසෙමි
තව කුමට වතුසුද්ද
සූරියකාන්ත නිල්මානෙල්

හමන සැඩ සුළගට
ගසාගෙන යන්න ඉඩනොදී
රොන් සොයන බඹරුන්ට
ළන්වෙන්න ඉඩනොදී
රැකගතිමි පිච්ච මල
තටු අතර සගවාන

ඉතින් ඒ ඇත්ත
මන් කෙලෙස පිළිගන්න
කළුවරත් සමගින්ම
නුඹ පරව යන වග
හැකිනම් නවතන්න
කෙළස හෝ රැකගන්න
අසරණ සමනලය මන්
කෑගසා අඩනු හැර
අන් කුමක් කරන්නෙම්

අපේ කදුලැලි නමින් දිවුරා
එකම පැතුමක් පතන්නෙමි
පුන්චි මල් පර නොවෙන ලෝකෙක
පිච්ච මල යළි පිපීයන්
හැමදාම තටු අතර
උණුසුමට රැකගන්න
මන් එදත් නුඹ ළගින් හිදින්නම්

හිරු අනේ තව ටිකක්
නුඹ අහසෙ රැදෙනු මැන
අවැසිය මට තව වරක්
සිපගන්න මගෙ පිච්ච මල
අවසාන හාදුව
නුඹෙ සියුම් පෙති මත
තබන්නෙමි මෙලෙස

හෙට උදේ නැවතත්
දහසක් මල් පිබිදේවි
ඒත් ඒ නුඹ නොවෙයි
හැරදමා මතකයන්
කෙළසනම් පියඹාද
නුඹෙ සුවද රැදි ඉසව්වට
හෙට උදෙත් ඇදෙන්නෙමි
ඉතින් තව ටිකයි
මගෙ පුන්චි පිච්ච මල
වෙන් වෙන්න අපි දෙදෙන
පරවෙනා බව දැන දැනත්
නුඹ ගාව රැදෙන්නෙමි

( රිවිහාර පින්නදුව ) 
( https://www.facebook.com/photo.php?fbid=548905465186208&set=pb.100002002790094.-2207520000.1415004914.&type=3&theater )

No comments:

Post a Comment