Sunday, November 9, 2014

හුස්ම ගන්නා මළමිනී අතර...........



හුස්ම ගන්නා මළමිනී අතර...........

මළමිනී හුස්ම ගන්නා ලොවක
ජීවිතය සොයන්නෙමි
ගොළු වතින් කතා කරණා ලොවකින්
ජීවිතය අසන්නෙමි
සවන්පත් අහිමි ලෝකයට
කෑගසා කියන්නෙමි
මිනිස්කම සැගව ගිය ලෝකයෙන්
ජීවිතය යදින්නෙමි

රෑ මැදියමේ අවදිව
හිරු සොයා දුවන්නෙමි
හිරැ මුදුන්වූ දවාලක
පුන්චි තරුවක් හොයන්නෙමි
සිසිරයේ හිම අතර
මල් පිපීදැයි බලන්නෙමි
අමාවක අහසට අහෝ
සද නවෙ මන්දැයි අසන්නෙමි

නෙත් වසා නෙතු පියන් යට
පුරවනා නෙක පාට හීන
බල බලා හිනැහෙන්න
හිරි වැටුනු නිදරාවෙ
තවත් බෑ මට ඉන්න
නිදන උන් ඇහැරවන
සක් නදක් වනු පිණිස
මළමිනී හුස්ම ගන්නා ලොවක
ජීවිතය සොයන්නෙමි...........

( https://www.facebook.com/photo.php?fbid=501293393280749&set=pb.100002002790094.-2207520000.1415600172.&type=3&theater )

No comments:

Post a Comment