Friday, November 7, 2014

ගිණි කණ වැටුණි ඈ ප්‍රේමයේ...................




ගිණි කණ වැටුණි ඈ ප්‍රේමයේ...................

රෑ අදුර සීතළ
පාළුව හදට තෙරපන
අරමුණක් නැති ජීවිතය
හිස්කමකි හැමතැනම
හදවතත් අහිමිකළ බිමක
පාදඩකමම අවදි විය
රති සැප සොයා පුරැද්දට
දෙකකුල් අරන් ගියා
ඇග්නස්ගෙ පොට් එකට

ඇය මට නුදුරුයි
දෑස් හමුවන ඇසිල්ලක
හැගුණි මට යමක්
නොතේරෙන නුපුරැදු
ඒත් මන් සෙව්ව
පැයට මිළ නියමවන කයට
මිනිත්තුවක් අත් හරිනු කෝම
දොර වැසෙන ඇසිල්ලක
වැළදගෙන සයනේ දපන
පෙරදා කාම අග්නිය
අද නිවී සැනසුණිද

අපට අප අහිමි කළ
සමාජෙන් ඈත්වුණ
ඒ පැයට මා කෙළෙස
මිළක් දුන්නේ ඇයට
පාසලේ වැට ගාව
ඇගේ කුළුදුල් ආදරය
මේ ඇස් ගාව
ඔහු තැවරෑ සිහිනයට
ගිණිකන වැටුණි ඈ ප්‍රේමයේ

ඔහු සමග නගරයට
පැතුම් පොදි බැදන් ඇය
ආවාට මුව සරස සිනාවෙන්
හොර අඹුව වන්න විය
දරු දෙන්නෙක්ගෙ පියෙකුට
මුදල් හිගවනදාට
මිතුරන්ට විකුණුව
තටු සිදපු සමනළිය
අවසනේ සින්නවිය
පොට් එකේ ඇග්නස්ට

වැළපෙන හඩාවැටෙන
අසරණියක සෙව්වද
ඇද විට්ටමට බරදී
සිටියේ ගැහැණියකි
අදිටනේ අවි දැරැව
රාගයෙන් ඔද්දල්
පිරිමි කයට යටවී
තැලෙන්නට තැලෙන්නට
පන්නරය ලබන්නේ හදවතයි
ඇය කීව කතාවට
ලැජ්ජා දැනුණි පිරිමි ලිගුවට

ගැළවෙන්න මේ කරැමයෙන්
විකල්ප නෑ අපට
පෙරළන්න සමාජය
ඇගේ හඩ නිරවුල්ය
ගිණි ජාලාවක් නොවූවද
මේ සමාජය අවුළවන
ඇගේ හද ගිණි සිළුව
තවමත් දැල්වෙයි
වෙසගනයි මා අභියස
ඒත් ඇය කන්‍යාවියකි
මුවගට සිනහ නන්වන
ඇය කීව වදනක
ගැඹුර දැන් මට හැගෙයි
ගිණි කණ වැටුණි ඈ ප්‍රේමයේ......

( https://www.facebook.com/photo.php?fbid=567461636663924&set=pb.100002002790094.-2207520000.1415380078.&type=3&theater )
( රිවිහාර පින්නදූව ) 

No comments:

Post a Comment