අපි එනවා යාපනයට................
යාල් පානමේ අහසම
කළුවුණ දවසක් ඒක
රැහිරැ පුරැදු මහපොළවට
ආයෙත් හැඩුනා එදිනම
මල්ටි බැරල් පායන සද
සිනහ වෙච්ච කරැමය මැද
වැරදුණු මග හරිගස්වන
පහන් තරැව පෑ අහසට
ගිල ගත්තා කළු මේඝය
නල්ලූර් කෝවිලත් ගොළුවුණා
දෙවියොත් බුදි වැද සැගවුණා
පැතුම් පාකළ සැඩ සුළගට
කදුළු ගන් වතුර ගැලූ බිමකට
සිහින අරගෙන ආව වරදට
සැගවුවා නුඹලා ඔවුන්
හිරවෙනව හදවත තවත්
දෙමළ දුකට
සිහළ මුවෙන්
මුමුණන දවසක් ඒවා
සිහළ දුකට
දෙමළ අවිය
එසවෙන දවස ඒවා
වර්ග නොමැති
හදවත් සැම
රතු ධජ යට
එක්වන දවසක් ඒවා
නුඹේ සොහොන
මත රතු මල්
පිබිදෙන දවසක් ඒවා
සිර කුටියෙද තවමත් නුඹ
සිර කරගෙන වද දුන්නද
කාටත් නොකියාම ඉතින්
මහ පොළවේ සැතපෙනවද
විසදුම් නෑ සහෝදරය
දෙමළ සිහළ වෙන වෙනමම
එකම එකයි අප හැමටම
උත්තරයයි මේ කරැමෙට
නව ලිබරල් ධනවාදයෙ
මල් වඩමක් හදමු සැවොම
සිහල දෙමළ අත් එක් කොට
උන් දෙන්නව සැගෙව්වාට
ඔක්කොම හරි හිතනවාද
ගිළිහෙන අසිපත ගන්නට
අපෙ අත් එසවෙනව බලන්
දසත පැතිරි මේ ඝනදුර
නැතිකරගෙන අරුණෝදය
හෙට දවසේ නැග ඒවි
නුඹෙ ජීවෙන් ලැබ පන්නර
අලිමන්කඩ පහුකරගෙන
රතු ධජ ගෙන හෙට දවසේ
අපි එනවා යාපනයට
නුඹේ සුවද ඉව කරණව
හදවත තාමත් ඇත්තට
ඇස් අග කදුලක් ආයෙත්
ඉගි මරනව මට හොරාට
තාමත් ආදරෙයි උඹලට
ඔව් ඒක හැමදාම
( රිවිහාර පින්නදුව )
No comments:
Post a Comment