Thursday, January 1, 2015

බේකරියක දවසක් දා.....................



බේකරියක දවසක් දා.....................


බේකරියක දවසක් දා
හැදුව කේක් ගෙඩියක්
දෙකට කපල ඒක
කෝකියෝ දෙන්නෙක්
පාට දෙකකින් අයිසින් කලා
වේටර්ල අතේ
මේසවලට අපේ
මගෙ එකෙන් කන්න
මගෙ එකෙන් කන්න
දෙන්නම කියනවා
මේ එකම කේක් එක
කෝකද වැඩියෙන් රහ
ඉතින් අපි හිතනවා
එකක් කොළ පාටයි
නිල් පාටිනුයි හැඩ වැඩ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ අයිසින්
දැක්කද අර
18 අහෝසි කරන
ස්ට්‍රෝබෙරි ගෙඩියකුත් තියෙනවා
නිල් පාට කේක් එක
අනිත් පැත්තෙන් ඔන්න
දේශපේ‍්‍රමී අයිසින් මල්
හරි රහයිලු
රතු පාට මුද්දරප්පලම්
තියෙනව කේක් දෙකේම
හොදට හපන්න
හැපේවි සමාජවාදය රහට
පුස්කාපු වහ දාපු
හැමදාම කාල
විසවෙලා බඩ ගිය
පරණ පුරුදු එකම වට්ටෝරුව
තිත්ත රහ යට යන්න
කාලයයි මේ ආයෙමත්
අයිසින් තවරන
උන් හදන කේක් කාල
බඩේ අමාරුව හැදුන මදිද
අපිම කේක් එකක් හදන්
කන දවසක් ඒවිද
අඩු වැඩිය වරදින්න
කේක එක පිච්චෙන්න
හරි කමක් නෑ කවදද
කෝකියෝ අපි වෙන්නෙ

- සංකල්පය සොරාගන්නා ලද්දකි -

( https://www.facebook.com/photo.php?fbid=764458496964236&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )

No comments:

Post a Comment