Saturday, April 28, 2018

වරෙල්ලා යන්න පාරට


වරෙල්ලා යන්න පාරට


අවුරුද්දෙ අන්තිම දවස
අලූත් අච්චු පොත් හම්බෙන දවස
කරඩුව වගේ පරිස්සමට
අපි ගෙදරට වඩම්මන
කෙල්ලට වගේ ආදරෙන් 
පිටකවර දාන
රවුම් බෝල අකුරෙන්
නම පංතිය ලියන
පිටුවෙන් පිටුව ආසාවෙන්
පෙරළල බලන
මතකයන් තියෙනවා
අපි කාගෙත් ගාව
ඉසුරුපායෙ පෝළිම්වල
අම්මල එක්ක වේලෙන පොඩි උන්ට
ලස්සන නැතුව ඇති එච්චර
අලූත් අච්චු පොත්
බිල බල බල අම්ම හූල්ලන
ලොකු ලොකු උන්ගෙ පොඩි උන්
දිස්නෙ දෙන අලූත් අච්චු පොත්
එක්කලා හිනාවෙන
පොඩි පොඩි උන්ගෙ පොඩි උන්
පිටු ගැළවුණු වර්තමානයක්
එක්කලා ඔරවන
මහ බැංකුව කඩල වියදම් කරන
පොඩි උන්ගෙ හෝඩි පොතෙන්
සල්ලි ඉතුරු කරන්න
හොර පාරෙන් අච්චු පොතටත්
මුන් කෙළින්න හදන එක ඉවසතැහැකි
ඒ ඔක්කොම නාඩගම්
බකන්නිලන් බලන් ඉන්න එක
ඉවසන්නෙ කොහොමද රත්තරන්
උත්තරය තියෙන තැන මෙතන
ඒ තමයි අරගලය
තොරොම්බල් හීන අතහැර
පොළව සිප වැළදගනු මැනවි
සාමා අමර
සල් ගහ යටට වෙලා
මොනවද තව කරන්නෙ?
වරෙල්ලා යන්න පාරට
ජීවිතය හොයාගෙන......

(රිවිහාර පින්නදුව)


Monday, April 16, 2018

දහඩියෙන් කදුළින් ඔපවැටුණු ඒ නුඹේ ප්‍රෙමයයි



දහඩියෙන් කදුළින් ඔපවැටුණු
ඒ නුඹේ ප්‍රේමයයි


අයන්නෙන් අම්මා
හෝඩිපොත අතට ගත් දවසෙ ඉදලම
ගණදෙවි පහන වාගේ
අදුර නසමින් හැමදාම
දැල්වුණේ ඔබලයි
සුදු ඇදුමෙ දවටලා
අරන් ගියෙ ඉස්කෝලෙ
කොටුරූල් දික්රූල් 
පිටු අතර තැවරුණේ
දහඩියෙන් කදුළින් ඔපවැටුණු
ඒ නුඹේ ප්‍රෙමයයි
ජීවිතේ කඩඉම්
එකින් එක පසුකරන සද
සෙවණැල්ල ලෙස ආවෙ නෑ
මගේ පසුපස
අදුරෙදී සැගවෙද්දි එය
කෙළස සමකරන්නද මම
උණුසුමට සිසිලසත්
සිසිලසට උණුසුමත්
රැගෙන ආවේ නුඹලයි
නිදිමරන දා පොත් අතර
ප්ලේන්ටියෙ උණුසුමත්
නුඹයි ඒ නුඹලමයි
හැමදාම වගේම
අරගල බිමෙත් අද
තනිකරන් නෑ මාව
මට පුදුම නෑ ඒක
ඒ මගෙ අම්මයි තාත්තයිනෙ
ඇස් අග රැුදුණු 
මේ හීන අම්මාට
ඒ හීන තුළ පිරුණු
ආදරය තාත්තට

(රිවිහාර පින්නදුව)


Friday, March 23, 2018

හොර බළලූනි ඉතිං ඕනෙමනම් ගලේ පහරපන් දැන්


හොර බළලූනි ඉතිං ඕනෙමනම්
ගලේ පහරපන් දැන්


පෙම්වතුන් ඒ පේ‍්‍රමය අරන්
අද ආයෙ එනවලූ කොළඹ
නිදන්නට බල කෙරුණු ලෝකයක
ඇහැරිලා ඉන්න එකමත් ඇති
වවුචරයක දවටා නිළ ඇදුමට
ගේම දුන්න උන්
සාමල අමරල
සල් ගහ යට නෑ
උන් අච්චු පොත් ගන්න පෝළිමේ අන්න
පොහොර නෑ ගොවියන්ට
වතුර නෑ වකුගඩු රෝගීන්ට
රස්සා නෑ උපාධිධාරීන්ට
විශ‍්‍රාමෙ නෑ රජයේ සේවකයින්ට
ජීවිතේ නෑ අපි ඔක්කොටම
සයිටම් එක්ක දානවනම්
එක එක අයිටම්
හොර බළලූනි ඉතිං ඕනෙමනම්
ගලේ පහරපන් දැන්
වැදගත්ම දේ ඒකයි
උන් සුපර් මෑන්ල හොයන් නැති එකයි
උත්තර හොයාගෙන 
උන්ම ගේමට බහින එකයි
දූෂණ විරෝධයේ ක‍්‍රම විරෝධී
ටයිම් පාස් කිරිලි මැද
ධනවාදයේ බොටුව මිරිකන
ගලඋඩ සටන් මේවයි
ඕන රෙද්දකට ඡුන්දෙ දීපන්
බැරිමනම් ඡුන්ද කොළයෙන් 
රොකට් ඇරපන්
ඒත් හඩ කොළය අතනෑර
වරෙන් අරගල බිමට

(රිවිහාර පින්නදුව)

Wednesday, February 28, 2018

මේ පේ‍්‍රමයේ මන්දාරමයි


මේ පේ‍්‍රමයේ මන්දාරමයි


වැහිලිහිණියනි පියාඹනු 
වහින්නට කාලය එළැඹිලා 
ඉරිතැලූණු පොළව මත 
ආදරෙන් සැතපෙන්න 
වැහි බිංදු හීන විතරක්ම දුටු කාලය 
අවසන් කළ යුතුය 
සීතළ කුමක්දැයි නොදන්නා කතරකට 
වහිනව කියන්නෙත් ලේසි නැති ගේමක් 
වාෂ්ප වෙන බව දැන දැනම 
පතිත වන මුල්ම වැහි බිංදු 
අවුලවයි ආයෙ ආයෙම 
පැතුමන් කෙම්බිමක 
පොළවටත් රහසින් සැගවිලා ඇති බීජ 
පොළෝ ගැබ පලාගෙන 
මතුවේවි විසල් ගස් ලෙස දවසක 
ඔව් කවදහරි දවසක 
ඒ දවස එන්නට වහින්නට අවැසිමයි නුඹ 
නැත්තන් ඉතිං මුන් 
කාන්තාරෙට හට් ගගහ 
හෙවනවල් හොය හොයම ඉදීවි හැමදාම 
කාන්තාරෙ රස්නෙ බව ඇත්ත 
ඒක මාකට් කර කර 
ගොරවනව විතරයි හැමදාම 
දැකලාම ඇතිවෙලා 
කාලෙන් කාලෙට එන 
විදුලි කෙටිලි ඵලක් නැති 
ඉතිං තව බලාගෙන ඉන්නෙ
වැහැපල්ල වැහැපල්ල 
ඔය එක එක 
කටුසු තලගොයි කබරයන්ට 
නිව්මෝනියාව හැදෙන්නට 
ස්නේහයෙන් වහින්නට පුලූවන් 
ආදරේ පිරුණූ වළාකුලූවලට විතරමයි 
ඒ මද අන්ධකාරය ලස්සනයි 
මේ පේ‍්‍රමයේ මන්දාරමයි

Tuesday, February 20, 2018

රිමාන් හිරගෙදර අපේ ළග නෑදෑ ගෙදර

රිමාන්ඩ් හිරගෙදර
අපේ ළග නෑදෑ ගෙදර


රිමාන්ඩ් හිරගෙදර
අපේ ළග නෑදෑ ගෙදර
අපි නිතර යන එන
නෑදෑයො බලල එන්නට
දිය බිදක් නැති කතරක
හරිත පැහැයක ඉගිසොයා
පැතුමන් පවා සෙළවුණු කලෙක
ක්ෂේම භූමියක් හෙව්ව උන්
දින සති මාස ගණනට
ශිරගෙදර ළගින එක
උපිට මේ තරම් සිම්පල්ද
අවුලක් නෑ නතිංද?
හොරුත් භය නැතුවම
අමුඩෙ ගළවා හෙලූව පෙන්නන
හොරු අල්ලන උනුත් හෙලූවෙන්
උන්ගෙ හෙලූව ෂේප් කරණ
නීතියේ කන්‍යාවියගේ කන්‍යා පටලෙන්
හදාගෙන රබානක්
විරිදු කියමුද අපි
මහ බැංකුව ගාව
හදවත් අධෝ මුඛයො ගසාගත්
මිනිසුන්ට ඇසෙන්නට

(රිවිහාර පින්නදුව)

Thursday, February 8, 2018

හේදෙන්නෙ නැති මතකයන් පොගනට


හේදෙන්නෙ නැති මතකයන් පොගනට


පියඹන්න අහස ඉඩමදිවුණු
ලිහිණි ජෝඩුවක් ආයෙම
දශක දෙකකින් ඉක්බිති
අහම්බෙන් හම්බුණා බම්බලපිටියෙදි
අදත් ඒ වාගේම
වැහිකෝඩෙ අහස බරකළ
සරසවියෙ ගස්වදුළු අතරෙක
හාදු වැහි මතකය
නැති කලා වැහැකෝඩ සීතල
කාර් එකකින් ගෙනත් ඇරලූව ලිහිණිට
කරගැට හැදුණු පියාපත් ඇති
ලිහිණියාගේ සිත ගිය
අලූත් විහගුන් මේච්චල් කරන කාලෙදි
පේ‍්‍රමය පිළිගත්ත යට බැජ් එකේ ලිහිණිය
බේරෙ වැවේ රැළි ගාණට
හැදෙන බිදෙනා පේ‍්‍රමය
ඇසවහක් නෑ ෆයිනල් ලියද්දිත්
දෙන්න ගාවම පට්ට ලව් එක
එයින් ඉක්බිති එසැවුණි වාන් දොරටුව
වැවක නිසසළ බවක් කොහිවෙද
කඩාහැලෙනා ගගක දිවියක
හොස්ටල් එකේ නොතිබුණ බොහෝ දේ
තිබුණි ඇයගේ සදළුතලයේ
එතකොටයි ඈට තේරුණේ
පරතරය බැජ් එකකට වැඩි වගක්
ඉනික්බිති ටික කාලයක්
දිවා නොමැතිව
කදුළු ගැලූවා ෆෝන් එකකින්
හූල්ලන සමය අවසන
කෑලි පොඩිවිය කපල් සිම්වල
පත්තරෙන් ගෙන්නුව
මහත තාරාවෙකු සමග
ඇය ඉතිං ඉගිලූණි
ඉඩදී මදක් කාලයට
ටවුම පැත්තෙ වලි කිකිළියක්
ඔහුත් ගෙන ආව ගෙදරට
මගඇර වෙනද දුම්රිය
ඊළග කෝච්චිය එනකන්
එදා අත්වැල් බැදන්
පාගමන් ගිය මාවත් දිගේ
දෙන්න ඇවිදන් ගියා
කොල්ලූපිටිය පැත්තට
එදා පෙරළුව බැරියර්
තාම එහෙ තියෙනවා
එදා මග ඇරණු සටන් පාඨයක්
ගෝල් ෆේස් සුළගෙ හමනවා
ආදරේ අයිතියක්
වෙළද භාණ්ඩයක් නොවේ
ටොන් ගණන් මතකයන්
තබාගෙන හිත් කර මතක
පැටව් හඩනා කැදළි වෙත
ඔහු ඉගිලෙද්දි ගාලූ කුමරියේ නැග
ඔෆිස් අවසන්ව තාරාව ආව
ඇයව ගන්නට ඵක්‍ එක ගාවට
මෙතෙක් වේලා දරාගෙන ඉද
බැරිම තැන ඒ කොළඹ අහසම
කදුළු වැහි අතඇරිය පොළවට
හේදෙන්නෙ නැති මතකයන් පොගනට

(රිවිහාර පින්නදුව)

Wednesday, February 7, 2018

ජවිපෙන් ටයිම් පාස් කිරීම


ජවිපෙන් ටයිම් පාස් කිරීම


මැතිවරණය විසින් සමාජයේ සියලූම සංවාදයන් අනුභව කර ඇති මොහොතක බුකිය තුළ ඇතිවී ඇති එක් තත්වයක් ගැන ලියන්න හිතුව. ඒත් මේ සංවාද විවාද හැම මගුලක්ම මැතිවරණයේ දිග පළලට සාපේක්ෂව බුකියේ එක්තරා කවයක අපේ ආතල් අපිට ආතල් පන්නයේ දෙයක් වුවද වැදගත්කම අඩුවෙන් නෑ. පහුගිය මැතිවරණයේ වගේම මේකෙදිත් ලිබරල් බුද්ධිමතුන්, සිවිල් කි‍්‍රයාකාරිකයින් පිරිසක් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නව දකින්න ලැබෙනව. ජවිපෙත් මැතිවරණයේ තමන්ගේ ප‍්‍රධානම ආභරණය බවට පත්කරගෙන ඉන්නේ කලාකරුවන් ඇතුලූ මෙම ස්ථරයයි. මේ අදහස් ඒ හැම දෙනාටම එකවගේ අදාල නොවුණට හැමදෙනාටම අඩුවැඩි වශයෙන් අදාල වෙනව.
සමාජජාල අවකාශය ප‍්‍රමුඛව කාලෙන් කාලෙට එක එක සීසන් එනව. මේ මැතිවරණ සීසන් එකේ තමන්ගෙ අනන්‍යතාවය නඩත්තු කරගන්නෙ කොහොමද කියන එක මේ ගොඩක් දෙනෙක්ට ප‍්‍රශ්නයක් වෙනව. එතනදි පොඩි වෙනසකුත් එක්ක රැුඩිකල් ගතියකුත් ඇතුව ඒ කාලය ගෙවල දාන්න ජවිපෙ එයාලට උදව් වෙනව. හැබැයි ඉතිං එයාල දෙයියනේ කියල ජවිපෙත් එක්ක තියෙන ගැට්ට නඩත්තු කරණ ගමන් තමයි මේක කරන්නෙ. ඒකියන්නෙ ඡුන්දෙන් පස්සෙ ආයෙ අපිට කදුලූ ගෑස් කන වෙලාවක එහෙන් මෙහෙන් හරි හම්බෙන්නෙ අර පරණ ජවිපෙ මූණවල් ටික මිසක් මේ හාදයො නෙමෙයි. එයාල වගවීමක් ඇතුව ජවිපෙට ඡුන්දෙ දෙන්න කියල එයාල බලාපොරොත්තු වෙනව කියන වෙනස වෙනුවෙන් මේ සීසන් එකෙන් පස්සෙ කි‍්‍රයාකාරී වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ එයාල හොයන්නෙ මේ රැුය ගෙවල දාන්න ගෑණියෙක් මිසක් දීග කන්න බිරිදක් නෙමෙයි. අවුල තියෙන්නෙ එයාල ගෑණියෙක් එක්ක බුදියන එක ගැන නෙමෙයි ඒ ගෑණි එක්ක ඉදල හදන දරුවො දාන ඉස්කෝල ගැන හිටං අපේ හිත්වල අදහසක් හදන එකයි.
අපි මේ සමාජ ක‍්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙනවනම් අනිවාරයෙන්ම යායුතු දුෂ්කර මාර්ගයක් තියෙනව. එහෙම නැතුව විවේකෙට විනෝදෙට එහෙමත් නැත්තන් හිතේ තියෙන අවුල මැකෙන්න ඔය පුලූ පුලූවන් මොන මොනව හරි කලා කියල සමාජය වෙනස් වෙන් නෑ. නුවරටනම් යන්න  ඕනේ කදු නැගගෙන කොළඹ නුවර පාරෙ යන්න  ඕනෙ. මුහුදු හුළග වැදි වැදී ගාලූ පාර දිගේ මාතර යන එකට කියන්නෙ නුවර යනව කියල නෙමෙයි මාතර යනව කියලයි. ඒ කියන්නෙ පූර්ණ කාලීනව හැමෝම දේශපාලනය කරන්න  ඕනෙ, ඒක විතරයි දේශපාලනය කියන එක නෙමෙයි. අපි සමාජ වෙනසක් වෙනුවෙන් ගෙවන්නෙ විනාඩි පහද ඒ විනාඩි පහ රැල්ලට මාකට් වෙන්න අරින් නැතුව හරි දිශාවට ස්ථානගත කළ යුතුයි.
මේ සමාජයේ ඉදිරි පියවරයන් තියන්න වෙන්නෙ ජනතාව තමන්ගෙ දේශපාලන බලය අභ්‍යාස කරන තත්වයක් ඇතුලෙයි. ඔවුන් දේශපාලනික සවිඥාණිකත්වයකට කි‍්‍රයාකාරීත්වයකට තල්ලූකර ගන්න විදිහක් තමයි හොයන්න  ඕනෙ. එතනදි මැතිවරණත් ඒ සදහා යොදාගන්න පුලූවන් උපකරණයක්. ඒත් මේ වෙද්දි ප‍්‍රධාන පක්ෂ වල වගේම ජවිපෙ මැතිවරණ ප‍්‍රවේශය ඇතුලෙ මැතිවරණය මිනිස්සු තව තවත් දේශපාලනයෙන් ඈත් කරවන වහන්තරාවක් බවට පත්වෙලා තියෙන්නෙ. උඹල අපිට ඡුන්දෙ දීල බුදිය ගනිල්ල අපි ගේම ගහන්නම්, අපි තමා වැඬේට කියාපු පොරවල් වගේ අදහසක් තමයි මැතිවරණයෙන් මිනිස්සුන්ගෙ ඔලූවලට යවන්නෙ. මිනිස්සුත්  ඕව අපිට අයිති වැඩ නෙමෙයි අපිට කරන්න තියෙන්නෙ ඡුන්දෙ දීල චූ කරල බුදිය ගන්න එක වගේ අදහසක තමයි මිනිස්සුත් ඉන්නෙ, මේ දේවල් වලින් ඒ අදහස තව තවත් ඔලූ ඇතුලෙ පත්තියන් වෙනව.
මෙතනදි ජවිපෙත් දිගින් දිගට මේ ස්ථරයන් ඇතුලූ මැදපන්තියේ ඡුන්ද පදනම් දිනාගැනීමට වැඩ තේරීම ඇතුලෙ ඔවුනුත් දන්නෙම නැතුව අතරමං වෙන්න නියමිතයි. සරළව මේ ඡුන්දෙදි ජවිපෙ කරණ කියන දේවල් ගැන පහළ ජවිපෙ සාමාජිකයන් විමසුවොත් ඔවුන්ට ඒ ගැන අදහසක් නෑ තියෙන්නෙ ඊළග ඡුන්දෙකදි බලය ගැනීම ගැන නඩත්තු කරණ හීනයක් විතරයි.
දරුවෙක් ලබන්නනම් සංසර්ගයේ යෙදෙන්නම වෙනව, එහෙම නැතුව කොච්චර හොදට ස්වයං වින්දනේ යෙදුනත් දරුවො ලැබෙන් නෑ. ඒ හින්ද මේ වෙලාවෙ ටයිම් පාස් කර ගන්න මොකක් හරි අටමගුලක් කරන් නැතුව සමාජ වෙනසක් වෙනුවෙන් වූ විශ්වාසය සමාජයට ගෙනියන්න කැපවෙමු. දහවෙනිදට ගිහිල්ල උඩපැනල  ඕනෙ එකෙක්ට ඡන්දෙ දීගන්න ඒත් මේ දේත් හිතල බලන්න. ඡුන්දෙ කාලෙට ෆෝම් වෙලා නටන නැට්ටුවො නෙමෙයි ජීවිතය ඇතුලෙ අරගලය අභ්‍යාස කරන මිනිස්සුයි මේ වෙලාවෙ  ඕනෙ කරන්නෙ.

රිවිහාර පින්නදුව