Monday, January 26, 2015

ආදරේට බිස්නස් මැනේජ්මන්ට්................


ආදරේට බිස්නස් මැනේජ්මන්ට්................


ගීතයක විහග
තාලයට හද සුසර කොට
කුඩය යට තනිවෙලා
පියඔන්න සිත් ආකහේ
නොදැනෙන්න ලෝකයට
සිපගන්න මුව ඇසිල්ලක පේ‍්‍රමයේ
හදවත් කතාකරන
මිනිසුන් එකිනෙකා හමුවන
නවාතැන්පලකි අපි දන්න ආදරේ
ගහක් යට හෙවනක
දෑසට දෑස බලාගෙන
වචනෙකුදු නොදොඩා
බොහෝ දේ කතා කරණ
ගැහැණියෙකු පිරිමියෙකු මැද්දට පැන
ග‍්‍රහයො ගැළපෙනවාද අහනකොට
හිතයි මට සෙනසුරුගෙ බොටුවෙන් අල්ලා
බ‍්‍රහස්පතිගෙ ඔළුවේ ගසන්නට
උස මදිද මහතද
කළු වැඩිද නහය ලොකුද
උන්ට වගේ වගක් නැත්නම්
බඩේ අමාරුව මොකද ලෝකෙට
කුලය මොන මගුලද
වෙනස් කරමු වාසගම් ඔක්කොම
එකෙක්ගෙවත් අක්මුල් හොයන්නට බැරිවෙන්න
උඩරට පහතරට නායපලයව්
සේරම එක ගාන වෙන්නට
ගෙදර වර්ග අඩි කීයද
වාහනේ මොකක්ද
ගොඩ මඩ ඉඩම් කොහොමද
දැන්ම යමු බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකකට
ආදරේ කරන්නට
වත්කම් පවුල් පසුබිම්
නම්බුව පරම්පරව ජාතකය
හර බැර වෙලා එද්දි
බොල් ණය වෙලා තියේවිද ප්‍රේමය
පියනගන්නට හිතයි මට
ආයෙමත් දඩයම් යුගයට
ගල් ආයුධේකින් සතෙක් එළාගෙන
ගල් තලාවක් උඩ පෙම්වතුනට
නිරුවතින් පෙම්සුව විදින්නට
මානව බැදීමුත් වෙළද ගණුදෙනු කරපු
අපේ ජීවිතත් දැන් හරියට
පොඩි කාලෙ පාඩම් කරපු
මෙලෝ රහක් නැති චක්කරේ වගෙයි
පවුරු පදනම් බිදී වැටෙනකොට
මුක්කු ගහන්නට මේ ක‍්‍රමයට
කියන්නට ආවොතින්
මොක්කන් කරමි නාසය
මද සුළගෙ පාවයන
පුළුන් රොදක් ලෙද
පාවෙන්න ඉඩදෙන්න පේ‍්‍රමයට
මානව බැදීමට ජීවිතයට
හොයායමු ඒ මග................

( රිවිහාර පින්නදුව )



Saturday, January 24, 2015

අපි එනවා යාපනයට................


අපි එනවා යාපනයට................



යාල් පානමේ අහසම
කළුවුණ දවසක් ඒක
රැහිරැ පුරැදු මහපොළවට
ආයෙත් හැඩුනා එදිනම
මල්ටි බැරල් පායන සද
සිනහ වෙච්ච කරැමය මැද
වැරදුණු මග හරිගස්වන
පහන් තරැව පෑ අහසට
ගිල ගත්තා කළු මේඝය

නල්ලූර් කෝවිලත් ගොළුවුණා
දෙවියොත් බුදි වැද සැගවුණා
පැතුම් පාකළ සැඩ සුළගට
කදුළු ගන් වතුර ගැලූ බිමකට
සිහින අරගෙන ආව වරදට
සැගවුවා නුඹලා ඔවුන්
හිරවෙනව හදවත තවත්

දෙමළ දුකට
සිහළ මුවෙන්
මුමුණන දවසක් ඒවා
සිහළ දුකට
දෙමළ අවිය
එසවෙන දවස ඒවා
වර්ග නොමැති
හදවත් සැම
රතු ධජ යට
එක්වන දවසක් ඒවා
නුඹේ සොහොන 
මත රතු මල්
පිබිදෙන දවසක් ඒවා

සිර කුටියෙද තවමත් නුඹ
සිර කරගෙන වද දුන්නද
කාටත් නොකියාම ඉතින්
මහ පොළවේ සැතපෙනවද
විසදුම් නෑ සහෝදරය
දෙමළ සිහළ වෙන වෙනමම
එකම එකයි අප හැමටම
උත්තරයයි මේ කරැමෙට
නව ලිබරල් ධනවාදයෙ 
මල් වඩමක් හදමු සැවොම
සිහල දෙමළ අත් එක් කොට

උන් දෙන්නව සැගෙව්වාට
ඔක්කොම හරි හිතනවාද
ගිළිහෙන අසිපත ගන්නට
අපෙ අත් එසවෙනව බලන්
දසත පැතිරි මේ ඝනදුර
නැතිකරගෙන අරුණෝදය
හෙට දවසේ නැග ඒවි
නුඹෙ ජීවෙන් ලැබ පන්නර
අලිමන්කඩ පහුකරගෙන
රතු ධජ ගෙන හෙට දවසේ
අපි එනවා යාපනයට

නුඹේ සුවද ඉව කරණව
හදවත තාමත් ඇත්තට
ඇස් අග කදුලක් ආයෙත්
ඉගි මරනව මට හොරාට
තාමත් ආදරෙයි උඹලට
ඔව් ඒක හැමදාම

( රිවිහාර පින්නදුව )

Tuesday, January 20, 2015

ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........



ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........


මතයන් රැළි නැග ඇවිත්
හද වෙරළ හැපී බිදෙනා
ඉස්සො වඩයක දසුන අතරින්
හදවතත් මහ බර ගෙනා
දුකට සතුටට දුවන් ඇවිදින්
බදාගෙන අපි ඇඩුව හිනැහුන
මිතුරු පෙම් සුවද තාමත්
මේ සුළගෙ තැවරෙනා
සැදෑ ඇදුමින් සැරසුණ
පෙරදාක අපි එක්ක හැප්පුන
අහස කිසිවක් අහන්නෙපා
දෙන්න උත්තර නැහැනෙ මට
කවුදෝ දීගෙක යන
පණිවිඩය අහන්නට එක්වුණ
ඇසිල්ලක දුවන ජීවිත
නතරවිය මොහොතක
ළෙන්ගතුම හිත්ගාව
වඩේ කරත්ත සරුංගල්
ඇය එක්ක තනිවෙච්ච බංකුව
දහසක් මතක සැමරුම් අද්දර
ගාලුමුවදොර තාමත් ඒවගෙයි...........

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=776469699096449&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )


Monday, January 19, 2015

කිරළ විලාපය.................



කිරළ විලාපය.................


ඇළ දෙපස අධිරජය
පුරා බලය හිමි
කිරළ ‍ජෝඩුවක් උන්නා පෙර දාක
සෙනහසක විජිතයක
සදාතනික සළකුණව
ආදරෙන් රැකගත්තු
කිරළ පැටවා සුරතල්
දුව ඇවිද හැම තැනම
හැඩ කළා දොළ දෙපස
දිනෙන් දින ටිකෙන් ටික
වැ‍ඩෙන හැටි අපූරුව
බලන් උන්නා හැම දාම
කබරගොයි ගැරඩින්ට
ළං වෙන්න ඉඩ නොදී
සටන් කළ හැටි ඔවුන්
සෙනෙහසක නාමයෙන්
මල් සුවද තවරාන
මුදු සුළං හැමුව බිම
කිරළ අධිරදය වටලන්න
සතුරු සේනා චණ්ඩ
ආවා වැහි වළාවල නැගී
සුළං බර අවි
අඔරවා ඇළ දෙපස
ගස් නැමැති ප‍්‍රාකාර
කොකුන් සහයක සේනා
හැර යද්දි සටන් බිම
බිද වැටුණි කිරළ අධිරදය
ඇළ දෙපස පේ‍්‍රමයේ 
පැටවා කෝ කිරළ
විලාප දෙයි ඔවුන්
සතුරන් අරන් ගිය ආදරේ නමට
ඇළ දෙපස ආයෙමත්
මල් පිපෙන් නැති බවට
මල් ගසුත් එකග තාවයක
ඇළෙහි හැඩ මවා
පීනුව මසුන් අද
හිටි තැන්වලම ගල් වෙලා
පැටවා කෝ කොහිද
ඇට මිදුළු ලේ නහර
පවා කකියවන 
කිරළ විලාපය 
නැගෙන්නේ මා හදිනි අද

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=776043875805698&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

Friday, January 16, 2015

මං ආදරේ ගෙම්බාට...................



මං ආදරේ ගෙම්බාට...................

( ගෙඔි කුමරුගේ ආදරයේ අතුරු කතාවක් )



ගෙම්බෙකුට මා පෙම් කළා
අසා ඔබ හිනැහේද
සිනහ හඩ මැද මැකුණු
කදුළක්ය ඒ ආදරේ
රුවැති දියණිය මං එකම
මහ රජුගෙ දස දෙස පතළ
නෙක කුමරුවන් සිටුවරුන්
ආවෝය අත පතා
ආඩම්බරකාරි මම
මායිම් නොකළ එකෙක්වත් තඔයකට
පාළු ළිද ළග එදා
කුළුදුලේ අප හමුවීම
ළිදට වැටි රත්තරං පන්දුව
අරන් දෙන්නට ගණන් උස්සා
බින්ද හැටි මගේ මානය
පුදුමයි රුවැති කුමරුවන්
ළගවත් නැමුණෙ නැති
මගේ උපන් දින සාදයට
රජ මැදුර වෙත ආව
අරුම අමුත්තා ඔහු
බොළද සාද කතාවෙන්
නිදිබරව උන් සැම මුවට
සිනහ කැන්දුව අපූරුව
ඔරවාගෙන උන්නත් මං
හදින් ගැසුවෙමි විසිල්
මිනිසුන් නොමැති මිනිස් සිරුරු මැද
ගෙම්බෙක් තුළ මට
මිනිසෙක්ව හමුවිය
සිරුර මෙන්ම
මිනිස්කමත් හුස්ම වැටෙන
මගෙ සයනෙ ගෙම්බෙක් නිදන
සිහිනයක් දෝ හැගුන
රැයම ගෝනුස්සා සමගින් සටන
පෙර විහිළුකාරයා
අභීත සටන් කරුවෙකු විය කදිම
හාදුවක් දුන්නෙ මම
ගණුදෙනුවකට නෙමේ රන් පන්දුවට
මේතාක් මා සෙවූ
සෙනෙහෙ පිරි හදවතක්
ගෙඔි සිරුර තුළ තිබු බැවිනි
ඇත්තමයි ඒ
හාදුවකි දුන් ආදරෙන්
කුමරෙකු බවට පත්විය ඔහු
සැමටම වඩා කඩවසම්
ඊළගට උන ඔක්කොම කෙටියෙන්
"ඊට පස්සෙ අපි බැන්දා"
ඔහු රජවුණා
දැන් හරිම වැඩ ඔහුට
රන් පන්දුවක් ගන්න
ළිදට පැන්න හැටි මතකවත්
නැහැනෙ අද
එදා වගේම අදත් සාදයක්
බදු බරෙන් හෙම්බත්ව
අවි අතට ගත් කැරළිකරුවන්ව
නසා ජය පැන් බොන
කොහෙද ඒ මිනිසා
ගෙඔි සිරුර තුළ උන්නු
මගේ කුටියවත් දෙස නොබල
පරාජිත කැරළිකරුවන්ගේ දියණියන්
තුරුළු කොට සයනෙට ඇදෙන
නුඔට නෑ මා පෙම් කළේ
මං ආදරේ ගෙම්බාට...................

( https://www.facebook.com/photo.php?fbid=774488882627864&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

Wednesday, January 14, 2015

හීන සරුංගල් අරිනට......



හීන සරුංගල් අරිනට......


දුකක් සගවනා ඇස් යට
සිනහවක් තවරාගෙන
දුරක ගහන් යන ජීවිත
ළගදි සිල් ගන්න ඔ්සෙට
පාර අද්දර ඉදගෙන
අත පාන පොඩි එකෙක් මුව අග
මුමුණනා ගීයක පද වැල
ආණ්ඩු පෙරළන රතිඥ්ඥාවක
හඩින් තනුවක් ලැබේවිද
හදවත් විකුණ සිල්ලරට
ලැබෙන සල්ලි දී
සුපර් මාර්කට් එකකට
ලොලි පොප් අරන් උරන කොට
දැනෙන ආතල් අපමණ
මිනිසුන් සොයා ඉවකරණ
සටන් බිම් මග නොහැර
පැළුණු දෙපතුල් රිදුම් දුන්නත්
අඩියක් තබමු පෙරටම
විහග තටු සිදුණද
අධිඨනක් වැළලේද පොළවක
රෝස මල් සොයමින
පිච්ච මල් පොඩිකර
සෙන්ට් තවරපු සියොළග
පිච්ච සුවදයි යහමින
කදුළු හිනාවෙන ලෝකෙක
දුකට බැලුම් අද පුම්බමු
රැළි දාල හැඩකරල ගත්තම
බඩගින්නත් හරි ලස්සනයි
ඉතිං බලන් ඉමු ඉඔ ඉඔ
ලැම්බෝගිනියක නැගී නිවනට
යන්න ෂෝට් කට් හොයමුද
අළුත් කැබිනට් එක
දිවුරුම් වෙන වහළෙට නැග
ඔයත් එනවද මා එක්ක
හීන සරුංගල් අරිනට......

( https://www.facebook.com/photo.php?fbid=773277232749029&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )




Tuesday, January 6, 2015

පේ‍්‍රමයේ සුවද මා අසල...............


පේ‍්‍රමයේ සුවද මා අසල...............


නුඔ හඩත් දැන් 
බොහෝ දුරකය
සිත් අහස මත
පෙම් වළාකුළු
බරවෙලා කදුළු වැසි දිය
ඉඩ ලැබෙන ඇසිල්ලට
කදුළු වැසි ඇදහැලෙන
මතකයන් අකුණු පුපුරමින
හුස්මක් ගන්න ලද ඇසිල්ලක
දැනෙයි මොනතරම් බරද
එනමුදු පී‍්‍රතියකි
පේ‍්‍රමයේ සුවද මා අසල
මේ දැනුත් මුව සිඔින