Saturday, December 19, 2015

පේ‍්‍රමයේ ලියුකේමියාව


පේ‍්‍රමයේ ලියුකේමියාව


හැකිවේනම් ගණින්නට තත්පර
ඇසෙන තුරු කටහඩක්
ඇසට කාන්සිය ඇත්නම්
දකිනතුරු එක රුවක්
ඉඩ ලැබෙන ඇසිල්ලක
මවයිනම් සිහින කප්පරක්
ඉතා දිගු විනාඩි
ඉතා කෙටි පැය
කාලය සාපේක්ෂයි
සිහිකරයිනම් අයින්ස්ටයින්
ඉතිං ඔබ ආසාදිතයි
ඒ සොදුරු රෝගයෙන්
කොච්චර තිත්ත කසාය බිව්වත්
බෙහෙත් ඇඟට පත්තියන් නොවෙන
සිරුරම රුපියල් සත වලින්
කිරා මැන බැලෙන කල
ඒ රෝගයට
සිරවෙන්න දිය හැකිද
බෙහෙත් තුණ්ඩු බිල්පතක
සූරලා ඉවත ලන
හෙම්බිරිස්සාවක් නොවී
පේ‍්‍රමයට ඉඩදෙන්න
ලියුකේමියාවක් වෙන්න
ලේ ඇට මිදුළු විනිවිදින

(රිවිහාර පින්නදුව)

2 comments:

  1. ලියුකෙමියාවක් වුනොතින් ප්‍රේමය නොමැරී මැරෙන්නේ ඔබමය.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ජීවත්වුණා කියල හරි දැනෙයිනෙ

      Delete