පේ‍්‍රමයේ ලියුකේමියාව
හැකිවේනම් ගණින්නට තත්පර
ඇසෙන තුරු කටහඩක්
ඇසට කාන්සිය ඇත්නම්
දකිනතුරු එක රුවක්
ඉඩ ලැබෙන ඇසිල්ලක
මවයිනම් සිහින කප්පරක්
ඉතා දිගු විනාඩි
ඉතා කෙටි පැය
කාලය සාපේක්ෂයි
සිහිකරයිනම් අයින්ස්ටයින්
ඉතිං ඔබ ආසාදිතයි
ඒ සොදුරු රෝගයෙන්
කොච්චර තිත්ත කසාය බිව්වත්
බෙහෙත් ඇඟට පත්තියන් නොවෙන
සිරුරම රුපියල් සත වලින්
කිරා මැන බැලෙන කල
ඒ රෝගයට
සිරවෙන්න දිය හැකිද
බෙහෙත් තුණ්ඩු බිල්පතක
සූරලා ඉවත ලන
හෙම්බිරිස්සාවක් නොවී
පේ‍්‍රමයට ඉඩදෙන්න
ලියුකේමියාවක් වෙන්න
ලේ ඇට මිදුළු විනිවිදින
(රිවිහාර පින්නදුව)
ලියුකෙමියාවක් වුනොතින් ප්‍රේමය නොමැරී මැරෙන්නේ ඔබමය.
ReplyDeleteකමක් නෑ ජීවත්වුණා කියල හරි දැනෙයිනෙ
Delete