විහඟුන් අයිති අහසට
අමතක කරන්නට
බැරි මතක කෝටියක්
සුසුමකට හැකිවේද
පිටකර හරින්නට
කදුළුවල බරකිරා
හැකිවේද රත්තරනින් ගෙවන්නට
සා පැටව් මරු විකලෙන්
උනුන් මරාගන්නා කලෙක
වෘකයින් පාඩුවේ
ගොදුරු අනුභව කෙරුව
වැරදුණේ අපි හැමෝටම
හීනවලට ගිණිබින්ද
විහගුන් සිරකෙරුව
ඒ ලේ තැවරිච්ච පිංකමට
අපිත් බැති සිතින්
සාධුකාර දුන්නු
ඉතුරුවුණු ක්ලේමෝ
පුපුරන්නෙ හදවතක
උන්ට තවත් මෝටාර්
ගහන්නේ මොකටද
පොල් රුප්පා යට
වැළලූව සමනළ කෝෂ
තාමත් තටු දිගහරින්නට
පෙරුම් පුරනවා රහසෙම
තල් අරණෙ විහඟ කැදලි
ගිණි අරන් මේ දැනුත්
විහඟුන් අයිති අහසට
දැන්වත් යදම් බිඳ
උන්ට පියඹන්න ඉඩදෙන්න
(රිවිහාර පින්නදුව)
හොඳ කවි පෙළක්.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteපට්ට බන්!!! සිරා කතාව!
ReplyDeleteසුපිරියි
ReplyDelete