බුදුරුවක් වෙච්ච කළුගලක්
දස අතින් මහ සෙනග
ඇවිත් මට වදිනවා
සුවද මල් සුවද දුම්
මගේ පාමුල පිදෙනවා
සුදු පිරුවට පොරව
රජවරුන් මැතිවරුන්
තවත් නෙක මහතුන්
ඇවිත් සාදු යැයි කියනවා
හේවිසි හොරණෑ හඩ මැද
මගේ කළුගල් හදවත
හීන් ස්වරයෙන් ඉකිබිදිනවා
සොච්චමකට කුළියට ගත්ත
බුදුන් උපන් දේශයෙන් ආනයනික
මා එක්ක හැප්පුණ
ඒ දුහුවිලි මිනිසුන්
ඇටකටු හමින් වැසුණු
කෙසග අත්වලින්
සිහිකොට පොඩි එවුන්
කරදිය වළල්ලෙන් ඔබ්බෙහි අඩන
ගල් කටුව මිටිය
වදින විට මගෙ සිරුර මත
හිතුන මට කුඩුවෙන්න
හැකිවුණිනම් මැටි කදක් ලෙස
උන්ගෙ දහදියෙන්
තෙත් වෙද්දි මගෙ සිරුර
මොන තරම් සනීපද
ඒ සුවද ඒ සිසිළ
මං එක්ක ඔට්ටු වී
රූ තිස්සෙ රිදුම් පිරිමැද
උන් නැගූ කෙදිරිල්ල
දෝංකාරදෙයි තවම
කළු ගලක් තුළ සොවින
කළු ගලක් බුදුරුවක්
වෙච්ච විශ්මය
ඒත් උන්ගෙ ජීවිත
තවම තිබ්බ තැන්වලම
උන් දුන්නු ඇස් හෙළා පහළට
මල් අසුන දෙස
බලා ඉන්නවා මං
උන් වෙනුවෙන් හිරු නැගෙන්නට
නව ලොවක හීනයක් අද්දර
රතු මල් පොකුරු අරගෙන
දොවා දහදිය කදුළින් ලෙයින්
මේ මල් අසුන මත තබන්නට
නුඹල මෙහි එනතුරු
(රිවිහාර පින්නදූව)
( https://www.facebook.com/photo.php?fbid=829499737126778&set=a.169941886415903.41399.100002002790094&type=1&theater¬if_t=like )
පලංචියේ වැඩ හිඳගන-මහ සෑයේ හුණු තවරන
ReplyDeleteපියානණී....
හුණු බදාම ඔසවාදෙන-ඔය අත්දෙක රිදෙනවාද
පුතණුවනී....
කියෙවුවට පස්සේ මට මතක්වුනේ මේක.කොහොමත් හැම තැනම ඔහොම තමයි.මිනිස්සු හදනවා.ඇමති විවෘත කරණවා.
හැම තැනම වගේම අතීතයත් එහෙම තමා. රජවරු විතරයි ඉන්නෙ
Deleteමට හරිම සතුටු නුඹලාගෙන් වැඳුම් ලබන නිසා නොව මා හැදූ උන් දැක උන්ගේ පැටව් සිනාසෙනු දැකීම නිසාය කාලෙකට පසු
ReplyDelete