Thursday, June 4, 2015

පේ‍්‍රමයේ අභියාචනය


පේ‍්‍රමයේ අභියාචනය


ස්වාමීනි මා ඇයට පෙම්කලා
නීතියේ කන්‍යාවියගෙ
කන්‍යා පටලය පල්ලා
නඩු තීරණ නැතත් පෙර
සාක්ෂිකාරයො මෙන්න

ඇගේ මුව දැකගන්න
අහන්බෙන් මෙන් හමුවෙන්න
ඩේ ස්කූල් තියෙන හැමදාම
උදේම දතුත් මැදගෙනයි
මං ආවෙ පාළම ළගට
විවෘතයෙ කුණු ඇළ සාක්ෂියි

පැය ගණන් රෑ පුරා
පෙම්බස් දෙඩුව මම
ඇති තරම් නිදි මැරුව මම
බෝඩිමේ මදුරුවො සාක්ෂියි

එයා කිව්ව හින්දම
කොණ්ඩෙ කැපුව මම
ඇදුනුත් හේදුව
මටමම පුදුමයි
මගෙ ඩෙනිම සාක්ෂියි

එක බත් එකක් පැය ගාණක්
අපි කෑව බව
තුරුළුවෙලා හොරාට
හාදු දුන්න බව
කුණු බක්කියගාව උන්නු
කපුට සාක්ෂියි

ආලෙන් මත්වෙලා
මං පිස්සු කෙළිය බව
විරහවෙන් ආතුරව
නන්නත්තාර වෙච්චබව
එයා එxඅම් ගොඩයද්දි
මං ඇන ගත්ත බව
රිසල්ට් ෂීට්එක සාක්ෂියි

අපි මේක නවත්තමු
ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්
තීරණයක් ආපු බව
අභියාචනා අයදුම්පත්
විභාග නොකරම
ඉවතදාපු බව
මට හොරෙන් ඇය ලැම්බට් උන බව
යට බැජ් එකේ ජුන්ඩ සාක්ෂියි

(රිවිහාර පින්නදුව)

( https://www.facebook.com/photo.php?fbid=840848805991871&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

1 comment:

  1. මේක නම් ඉතින් ආයේ සුපිරිම සුපිරි!!

    ReplyDelete