Saturday, January 16, 2016

ආදරේ හැටි එහෙම වෙන්නැති

ආදරේ හැටි එහෙම වෙන්නැති


බොහෝ තැන්වල
දුවන සිත නුඹ ළග
සිල් ගන්නම හදනවා
පාවයන වළාකුළු මත
හැඟුම් සිතුවම් අදිනවා
විහඟ ගීතත් වෙනස් ස්වරයෙන්
ඉතිං සවනට වැටෙනවා
මාක්ස් චේ ළඟ
නුඹේ රූපෙත්
බිත්තියේ ගහගන්නම හිතෙනවා
දහස් ගණනක් දෑස් අතරෙක
එකම දෑසක් සොයනවා
කාලයත් අවකාශයත් අතර වෙනසක්
දැන් දැන් මටත් දැනෙනවා
සිතපුරා හැමතැනම
නුඹ පා තබන හඩ
නිබඳ මට ඇහෙනවා
හද බිතෙහි හැම තැනම
නුඹේ රුව කවුරුන්ද ඇන්දේ
මම මගෙන් අහනවා
ආදරේ හැටි එහෙම වෙන්නැති
මහ දවල් ඇස් ඇරන්
හීන දකිනවා ඇති

(රිවිහාර පින්නදුව)

Tuesday, January 12, 2016

මීට හිතවත් පික් පොකට්කාරයා මං


මීට හිතවත්
පික් පොකට්කාරයා මං


පොඩි එවුන් බඩසයින්
අඩන හඩ ඇහෙනවා
හෝඩිපොතෙ පිටු කැඞී
පාවෙනව පේනවා
ඇගෙ හැට්ටෙ බොත්තම්
ගැළවෙනව වගෙ දැනෙනවා
හදවතක් ගිණි අරන්
අළු පෙනහැල්ලෙ හිරවෙනා
පඩිපතක් තුඩින් ගෙන
තුටින් කැදැල්ලට පියඹනා
විහගුන්ට නොදැනෙන්න
තටු සොරා ගන්න සද
පොඩි එකීට බෝනික්කෙක්
පොඩි එකාට කැවිලි මුලක්
මේ පාරවත් බේරගන්න
උකස් කරපු ඇගෙ කනකර
උඹේ සතුට පොඩිකරගෙන
හිනාවකට ගිණිතිබ්බට
සමාව ඉල්ලලා කුමට
පොට වැරදුණු අපෙ ජීවිත
බජාර් එකේ මුදලාළිට
කොටහ දීල ඉතුරු ටිකෙන්
බත රත්වෙයි අපේ ගෙදර
දුක තැම්බෙයි උඹේ ගෙදර
ඉතිං පාලායමි මා
පියවි සිහියෙන්
මධුවිතක දුම්වලාවක සූස්තියක
සිරකරණෙමි සිත් සමුදුර
වැරදුණේ කොහේද
කියාදෙන්න පුළුවන්ද
හන්දියේ බුදුරුවට
කවද හරි වෙඩි උණ්ඩෙක
පිහි තුඩෙක ඇමිණෙනා බව ජීවිතය
දැන දැනම කරක් ගසනෙමි
පිසාච අඩවියෙහි
වෙන කොහේනම් අපි යාද?
වතුර ටැංකිය මුදුනෙ
වැස්සට සේදිලා ගිය
රතු පාට පෝස්ටරය
කියවගන්න අමාරුයි මට
දුර වැඩියි ඒක
අයිඩින්ටි කාඞ් එක එක්ක
සල්ලි වලින් භාගයක්
එවනවා මේ එක්ක
මීට හිතවත්
පික් පොකට්කාරයා මං
උඹෙ පර්ස් එකට විද්ද

(රිවිහාර පින්නදුව)

මහත්වරුනි අපි ඔටුවොද?


මහත්වරුනි අපි ඔටුවොද?


අයවැය ගිණි අරන්
වැඩබිම් ඇවිළිලා
ආණ්ඩුව රත්වෙලා
ගිණි නිවන හමුදාව ඕනෑ වෙලා
ඉතිං තජුඞීන්
ආයෙත් උඹ පොරවෙලා
මොකද වෙන්නෙ
පොඩි එවුන් රොකට් හදනවද
රෙදි වවුචර් වලින් රෙද්ද
ඔක්කොම කතා යටයවන්
කොළ නිල් රතු
පිරවුම් හල් වලින් තෙල් ගහන්
රේඩියෝ ඉස්සරහ
ඇවන්ගාඞ් ආයෙත්
මෙන්න නැංගුරම් දාල
රැකියා විරහිත උපාධිධාරියො
දේශපාලන සිරකරුවො
වකුගඩු රෝගියො
ඕව මොනවද
මේවනෙ කතා
කට ඇරන් බලන් ඉන්න
විතරමයි අපිට තියෙන්නෙ
සගයිනි අසව්
නිවෙන්නට ඉඩනොදෙව්
දැල්වෙන ගින්නට
තව තවත් ඇවිළෙන්න
දවා අළු කරලන්න
මේ නාටක නොතේරෙන්න
මහත්වරුනි අපි ඔටුවොද?

(රිවිහාර පින්නදුව)

Saturday, December 19, 2015

පේ‍්‍රමයේ ලියුකේමියාව


පේ‍්‍රමයේ ලියුකේමියාව


හැකිවේනම් ගණින්නට තත්පර
ඇසෙන තුරු කටහඩක්
ඇසට කාන්සිය ඇත්නම්
දකිනතුරු එක රුවක්
ඉඩ ලැබෙන ඇසිල්ලක
මවයිනම් සිහින කප්පරක්
ඉතා දිගු විනාඩි
ඉතා කෙටි පැය
කාලය සාපේක්ෂයි
සිහිකරයිනම් අයින්ස්ටයින්
ඉතිං ඔබ ආසාදිතයි
ඒ සොදුරු රෝගයෙන්
කොච්චර තිත්ත කසාය බිව්වත්
බෙහෙත් ඇඟට පත්තියන් නොවෙන
සිරුරම රුපියල් සත වලින්
කිරා මැන බැලෙන කල
ඒ රෝගයට
සිරවෙන්න දිය හැකිද
බෙහෙත් තුණ්ඩු බිල්පතක
සූරලා ඉවත ලන
හෙම්බිරිස්සාවක් නොවී
පේ‍්‍රමයට ඉඩදෙන්න
ලියුකේමියාවක් වෙන්න
ලේ ඇට මිදුළු විනිවිදින

(රිවිහාර පින්නදුව)

Sunday, December 13, 2015

කවියන් නොවේ කෙරුමන්


කවියන් නොවේ කෙරුමන්


කවියෙක්දැයි නොදන්නෙමි
එනමුදු ලියන්නෙමි
ලියන උන් කවියන්නම්
මමත් කවියෙක්මි
විවේක සුව වරප‍්‍රසාදයක්
ගළපා වෙනස් වචනයක්
තවරා සාහිත රසයක්
මහා ලොකු කෙරුමක් නොවේ
සගයිනි ඒකත්
ලෙයින් දහඩියෙන් සැදුණ පොළවක
වපුල කවි බිජුවක්
ඵල දැරූවත් මා නමින්
පැළවන්න පොළවක් නොවේනම්
අරුතක් තියේවිද
පොළවක් මඟ ඇරුණු ගහකට
පෙම්වතිය ගැන
ඇගේ පේ‍්‍රමය ගැන
විප්ලවය ගැන 
ලෙළෙන රතු ධජ ගැන
ලියූ දහසක් කවි කැටි කොට
හිලව් කරනෙමි
අරගල බිමක හෙළන
එක දහඩිය බිඳුවකට
සමාජ ජාලා පුරා
මහා බර වදන්
ලයික් ගොඩ ගැහුවට
ක්ෂණික වීරයින් බිහි කෙරුවට
පැසසුම් නොලඹනා වීරයින්
ඇත මේ අවකාශයෙන්
එපිට සොයුරනි එමට
වර්ණනා අභියස
නොලැබිය යුක්තක් ලබන
අපුලක් දැනේ ඉඳ හිට
උන් යන මගට
දහිරිය දෝතක් රැගෙන යනු මැන
එයම වේ අසෙනිය පූජාව
වීරයන් නමට
පරමාදර්ශ මියැදුනද
තවමත් වීරයින් ඇත
උන් අපි වැනිම මිනිසුන්ය
අත හරින්නට බල කෙරෙන
නිමේෂෙක තව තවත්
ආදරෙන් සිහිනයන් වැළඳගන්නා
ඉතිං කිව යුතුයි සගයිනි
ඉඩක් ලද මොහොතක
බුකියේ මොකක් හරි කුරුටු ගානා
කවියන් රැඩිකලූන් ප‍්‍රාඥයින්
නොවේ සගයිනි කෙරුමන්

(රිවිහාර පින්නදුව)

පුරුද්දට බැලෙනවා


පුරුද්දට බැලෙනවා
නැද්ද මග ඇරුණු ඇමතුමක්
කෙටි පණිවිඩයක්
දෙදරද්දි ෆෝන් එක
මෙහොතකට හද පිරී තුටින්
දැක නුඹෙන් නොවන වග
මුකුලිතව හදවත
ඉතිං නුඹ අමතන්න
පාළුයි මට නෙමෙයි
ජංගම දුරකථනයට

රිවිහාර පින්නදූව

Wednesday, December 9, 2015

විහඟුන් අයිති අහසට


විහඟුන් අයිති අහසට


අමතක කරන්නට
බැරි මතක කෝටියක්
සුසුමකට හැකිවේද
පිටකර හරින්නට
කදුළුවල බරකිරා
හැකිවේද රත්තරනින් ගෙවන්නට
සා පැටව් මරු විකලෙන්
උනුන් මරාගන්නා කලෙක
වෘකයින් පාඩුවේ
ගොදුරු අනුභව කෙරුව
වැරදුණේ අපි හැමෝටම
හීනවලට ගිණිබින්ද
විහගුන් සිරකෙරුව
ඒ ලේ තැවරිච්ච පිංකමට
අපිත් බැති සිතින්
සාධුකාර දුන්නු
ඉතුරුවුණු ක්ලේමෝ
පුපුරන්නෙ හදවතක
උන්ට තවත් මෝටාර්
ගහන්නේ මොකටද
පොල් රුප්පා යට
වැළලූව සමනළ කෝෂ
තාමත් තටු දිගහරින්නට
පෙරුම් පුරනවා රහසෙම
තල් අරණෙ විහඟ කැදලි
ගිණි අරන් මේ දැනුත්
විහඟුන් අයිති අහසට
දැන්වත් යදම් බිඳ
උන්ට පියඹන්න ඉඩදෙන්න

(රිවිහාර පින්නදුව)