ආදරේ හැටි එහෙම වෙන්නැති
බොහෝ තැන්වල
දුවන සිත නුඹ ළග
සිල් ගන්නම හදනවා
පාවයන වළාකුළු මත
හැඟුම් සිතුවම් අදිනවා
විහඟ ගීතත් වෙනස් ස්වරයෙන්
ඉතිං සවනට වැටෙනවා
මාක්ස් චේ ළඟ
නුඹේ රූපෙත්
බිත්තියේ ගහගන්නම හිතෙනවා
දහස් ගණනක් දෑස් අතරෙක
එකම දෑසක් සොයනවා
කාලයත් අවකාශයත් අතර වෙනසක්
දැන් දැන් මටත් දැනෙනවා
සිතපුරා හැමතැනම
නුඹ පා තබන හඩ
නිබඳ මට ඇහෙනවා
හද බිතෙහි හැම තැනම
නුඹේ රුව කවුරුන්ද ඇන්දේ
මම මගෙන් අහනවා
ආදරේ හැටි එහෙම වෙන්නැති
මහ දවල් ඇස් ඇරන්
හීන දකිනවා ඇති
(රිවිහාර පින්නදුව)






