Saturday, July 3, 2021

දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව


 දොස්තර බමුණන් ක්ෂතී‍්‍රය හෙදියන් සහ ශුද්‍ර කුලයේ ලෙඞ්ඩුන්ගේ කථා වස්තුව හෙවත් අපේ කතාව

මේ දවස් වල බුකියෙ ජුගුස්සාජනක වලියක් දකින්න තියෙනවග වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයින් අතර මෙම ආරෝවල වෙලාවකට ජෝක් එකක් වගේ පෙනුනට ඇත්තටම ඒක අපි හැමෝම මුහුණ දෙන ගැටලූවක හරස් කඩක්. මේ වලිය කැම්පස් කාලෙ ඉදන්ම තියෙනව. අනිත් ෆැකල්ටි වල ළමයිගෙන් මෙඩිකල් එකට ගොඩක් තැන්වල තියෙන්නෙ සෑහෙන විවේචනයක්. සයිටම් අරගලය වෙලාවෙ අනිත් ෆැකල්ටි වලට මෙඩිකල් එකත් එක්ක එකට වැඩකරන්න කතා කරන්න ගියහම, තමන්ගෙ වැඬේට විතරයි එන්නෙ කියන එකේ ඉදන් කෙල්ලගෙන් බූට් එකක් කාපු කොල්ලෙක් එයා ගැන විවේචනය කරනකොට වගේ චෝදනා වැලක්. අනිත් පැත්තෙන් මෙඩිකල් ෆැකල්ටිවල ළමයින්ට තිබුණෙ අනිත් අයගෙ ඊරිසියාව වගේ විග‍්‍රහයක්. ඒත් ගැටලූව එහෙම සරලව මහන්තත්වෙටයි ඉරිසියාවටයි ලඝු කරන්න පුලූවන්ද?

පාසලේ මාත් එක්ක සාමාන්‍ය පෙළ හා ඊට පහල පන්තිවල අධ්‍යාපනය ලබපු විවිධ විෂයන්ට දක්ෂතා දැක්වුව විවිධ හැකියා තිබුණ ගොඩක් යාලූවො හිටිය. සමහර දේවල් එයාලගෙ ජීවිතේ කොටස් වගේ තිබුණෙ. එත් ඒ ගොඩක් දෙනෙක් දැන් ඉංජිනේරුවො නැත්තන් වෛද්‍යවරු එහෙමත් නැත්තන් ඒ විෂයන් ආශි‍්‍රත වෙනත් රස්සාවල. වෙනත් ක්ෂේත‍්‍රයක වැඩකාරයෙක් වෙන්න හිටපු එකෙක් වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙලා ඔහේ ජීවිතේ ටයිම් පාස් කරල දානව. තමන් ආදරය කරපු කොල්ල ඉද්දි තමන් අකමැති මනුස්සයෙක්ව බැදල දවස ගාණෙ ඌ එක්ක බුදියන්නයි, උගෙ යට ඇදුම් හෝදන්නයි වෙච්ච ගෑණියෙක් වගේ ඉන්න වෙලා. මේ ගැටලූවෙ එක පැත්තක් පටන් ගන්නෙ මෙතනින්.

සෞඛ්‍ය සේවක වර්ජනයේ රෝගීන් මුහුණ දෙන අපහසුව වගේ විවේචන ටිකකට පැත්තකින් තියල අපිට මෙතන්ට අදාල කාරණය ගත්තොත් ශ්‍රේණි අතර පරතරයන් වෙනස් කිරීමට අදාල ඉල්ලීමකට වෛද්‍යවරු බහුතරයකගෙ විරෝදය එල්ලවෙලා තියෙනව දැක්කාග ඒ කාලෙ අපි වගේ මහන්සිවෙලා පාඩම් නොකර දැන් හොර පාරෙන් අපේ මට්ටමට එන්න හදනවා වගේ විවේචන එම ඉල්ලීමට අදාලව මං දැක්කාග වෛද්‍යවරු ඉංජිනේරුවො නීතීඥයො ලියන මං ඇතුලූ හැමෝම මේ යක්ෂයාගේ අධ්‍යාපන රටාව ඇතුලෙ දැන් මේ ඉන්න තැන්වලට එන්නේ කෝම්පිට්ටු උයන්න  ඕනෙ කාලෙ ශිෂ්‍යත්ව පංති වල ටැග් ගැහිලා ලව් කරන්න වල බහින්න  ඕනෙ කාලෙ රිවිෂන් ගිහින් ජිවිතේ ඇරියස් පුරෝගෙනග :සමාවෙන්න ව්‍යතිරේකී පුද්ගලයො ඉන්න පුලූවන්ල ඒත් මං කතා කරන්නෙ පොදු තත්වයෆ අනිත් අතින් අපි බහුතරයක් කරන්නෙ අපිට අදාල නැති රස්සාල ඒ කිව්වෙ මං කලින් කිව්ව වගේ අපි ආස වෙන දේකට ඒත් අපිට රස්සාව විදිහට අපේ ජීවිතේ කරගන්න වෙලා තියෙන්නෙ තවත් දෙයක්ග තමන්ට තමන් විදිහට නැතුව වෙන කෙනෙක් විදිහට ජීවත්වෙන්න වෙලාග ඉතිං තමන් කරණ දෙයින් තමන්ට සතුටක් නෑග ඉතිං ජීවිතේ හැම මගුලක්ම උකස් කරල පොඩි කාලෙ ඉදල සාර්ථකත්වය කියල මවපු රෙද්දෙ හීනයක් පස්සෙ දුවන් ආපු අපිල දැන් පෙරේතයො කුම්බාණ්ඩයො වගේ සල්ලි හොය හොය වලිකන එකේ හරිල සමාජෙ වැඩි වටිනාකමක් නැත්තන් බමුණු කුලේ සැළකිල්ලක් බලාපොරොත්තු වෙන එකෙත් ඒක නැතිවුනහම මළපනින එකෙත් වැරැුද්දක් නැහැග මොකද අපි කියල වෙන මොනව කරන්නද?

ඊළගට අපි මහන්සිවෙලා පාඩම් කරපු නිසා මෙතන ඉන්නෙ, අනිත් අය එහෙම කරල නෑ කියන එක අමූලික සාපේක්ෂ ඇත්තක්. අපිත් එක්ක එක පංතිවල හිටපු සමහරු ගත්තු ආතල් අපි ගත්තෙ නැහැ. ඒ කැපකිරීම නිසා අපි මෙතන ඉන්නව. ඒක හරි, හැබැයි ඒක පරම සත්‍යත් නෙමෙයි කියන එක මතක තියාගන්න වෙනව. නිකමට වෛද්‍ය පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි, කලා පීඨයක ඉන්න සිසුන්ගෙ සමස්ථයක් විදිහටයි පවුල් පසුබිම් සංසන්දනය කලොත්, අපිට දකින්න ලැබෙන දෙයක් තමයි වෛද්‍ය පීඨයේ ඉන්නෙ සමස්ථයක් විදිහට යම් හෝ ආර්ථික ස්ථාවරත්වයක් ඇති පවුල්වල ලමයි කියන එක. මේ තත්වය ඉස්සරට වඩා පහුගිය දශකයක විතර කාලයක වේගයෙන් වෙනස් වෙමින් පවතිනව. [ඒ කියන්නෙ වෛද්‍ය පීඨවල දුප්පත් අම්මල තාත්තලගෙ ළමයි නෑ කියන එකවත්, කලා පීඨවල සමාජයේ ඉහළ ස්ථරවල දෙමාපියන්ගෙ ළමයි නෑ කියන එකවත් නෙමෙයි] උසස්පෙළ කියන්නෙ අධිතරගකාරී විභාගයක් වෙලා, ඉතිං ඒ තරගෙ සමාන තත්වයන් යටතේ නෙමෙයි වෙන්නෙ. ඉතිං පහළ ස්ථරයකින් තරගකාරීත්වය වැඩිම වෛද්‍ය පීඨයකට වගේ තේරෙන්නෙ එහෙමත් කෙනෙක්. අපි ඉන්න තැන තීරණය වෙලා තියෙන්නෙ, අපි පාඩම් කරපු එකෙන්ම විතරක් නෙමෙයි. යම් මට්ටමකට තාත්තගෙ පඩිය මතත් තීරණය වෙච්ච දෙයක් කියන එක නොසළකා හරින්න බැහැ.

අපි එකිනෙකාට තියෙන්නෙ එකිනෙකට වෙනස් හැකියාවන් හා නැඹුරුතාවයන්. අපේ අධ්‍යාපන ක‍්‍රමය එක් හැකියාවක් විතරක් මනින, ඒකට විතරක් වටිනාකමක් දෙන දෙයක්. ප‍්‍රසිද්ධ උදාහරණයක් ගත්තොත්, කැළේක ඉස්කෝලයක් තියෙනවා. ඒකට කැළේ සත්තු ඔක්කොම එනව ඉගෙනගන්න. කැලේ ඉස්කෝලෙ විභාගෙ විදිහට පවත්වන්නෙ උස ගහකට වේගෙන් නගින එක. ඉතිං වදුරා පළවෙනිය වෙනව. හැමෝම එයාව අගය කරනව, එයාට වටිනාකම් දෙනවා. මාලූවට ගස් නගින්න බැහැ. එයා අසමත් කියල ලේබල් කරනව. හැබැයි කොහෙන්වත් මාලූවගෙ පීනන්න තියෙන හැකියාව මනින් නෑ. ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙත් නැහැ. අපි කැමති නැත්තන් අපිට නැඹුරුතාවයක් තියෙන දෙයක් කැපවීමෙන් කරන්න අපි පෙළඹෙනවා. එත් අපිට එහෙම නැඹුරුතාවයක් නැති දෙයක් වෙනුවෙන් කැපවෙන එක, එහෙම නැඹුරුතාවයක් තියෙන දෙයක් වෙනුවෙන් කැපවෙනව වගේ ලේසි නෑ. හරියට හිතන්න, මං කි‍්‍රකට් ගහන්න ආසයිල මගෙ යාලූව රගර් ගහන්න ආසයි. ඒත් කි‍්‍රකට් ගහන එකට විතරක් වටිනාකමක් දෙනව. මං කැමති දේ හින්ද ඒ වෙනුවෙන් දාගෙන ෆැක්ටිස් කරන එක මට ඒ තරම් දෙයක් නෙමෙයි. ඒත් මගේ යාලූව කි‍්‍රකට් වලට කැමති නැහැ. ඒත් එයාට කි‍්‍රකට් ගහන්න වෙනව. මං වගේ එයා කැපවීමෙන් කි‍්‍රකට් ගහන්න පෙළඹෙන් නෑ. ඉතිං මං කි‍්‍රකට් ටීම් එකට තේරෙනව. හැමෝම කියනව මං මහන්සිවුණා, මගෙ යාලූව මහන්සිවුණේ නැහැ කියල. ඒත් ඇත්තටම කි‍්‍රකට් වලට නැතුව රගර් වලට වටිනාකම දුන්නනම්, ඔය දේම අනිත් පැත්තට කියවෙයි. ඒ හින්ද අපි මහන්සිවෙලා පාඩම්කලා, අනිත් අය කලේ නැහැ, ඒ හින්දයි මේ වෙනස. ඒකට කරන්න දෙයක් නැහැ කියන එක ඇත්ත වුනාට, ඒ කථාව සම්පූර්ණයෙන්ම සාධාරණයි කියන්න අමාරුයි.

දැන් අපි මොකද කරන්න ඕනෙ? ඇත්තටම එක් එක් වෘත්තීන්ට දීල තියෙන එකිනෙකට වෙනස් සමාජ වටිනාකම් හා මුල්‍ය වටිනාකම් නැතිකරන්න නැත්තන් සාපේක්ෂව අඩුකරන්න  ඕනෙ. එතකොට හැමෝම වෘත්තීන් කිහිපයක් පස්සෙ දුවන එක නතරවෙයි. වෛද්‍යවරයෙක් වෙන්න  ඕනෙ කෙනා වෛද්‍යවරයෙක් වෙයි, මෝටර් කාර්මිකයෙක් වෙන්න   ඕනෙ කෙනා බොරුවට වෛද්‍යවරයෙක් නොවී තමන් කැමති වෘත්තීයට අදාල උසස් අධ්‍යාපනයක් ලබාගනීවි. අධ්‍යාපනයේ තියෙන මේ අස්වාභාවික, ළමයින්ගේ ළමා කාලය මකබාවන තරගය අඩුවේවි. දැන් උසස් කියල කියන වෘත්තීන් වල අයටත් විශේෂයෙන් ඉහළයි කියල සමාජ මට්ටමක් නඩත්තු කරන්න  ඕනෙ නැතිනිසා, බොරුවට සුපෝඛභෝගී වාහනයක් ලොකු ගෙයක් අරන් ලීසිං වලට ණය වලට හිරවෙලා දගලන්නෙ නැතුව, සැහැල්ලූවෙන් ඉන්න පුල්වන් වෙයි. සරළවම තමන්ට තමන් විදිහට ජීව්ත්වෙන්න ඉඩක් තියෙන, ඒ හින්ද ඇරියස් අඩු සමාජයක් බිහිවෙයි.

දැන් ඔය කිව්ව්ට මේ දේවල් කරන්න පුලූවන්ද? ඔව් ඒක ලේසි නෑ. හැබැයි ඒකනම් උත්තරේ අපිට ඒක කරන්නම වෙනව. අනික ඇත්ත කතාව, ඒක මොකක් හරි පනතක් ගෙනල්ල පඩි අඩුකරනව හරි වැඩිකරනව වගේ හරි සරළ දෙයක් නෙමෙයි. මං කළින් කිව්ව දේවල් සමස්ථ සමාජයක වෙන වෙනසක එක් පැතිකඩක් විතරයි. අපිට අපේ චින්තනයේ සීමාවන්ගෙන් එහාට හිතන්න වෙයි. මොකද අපේ චින්තනයත් මේ සිස්ටම් එකේම කොටසක් නිසා. සචේතනිකව දේශපාලනය කරන්න වෙයි. ඒ කිව්වෙ ඡුන්දෙ දාන එක හරි ඡුන්දෙ ඉල්ලන එක හරි නෙමෙයිග [ඒවත් අයිතියි] සමාජ වෙනසක් වෙනුවෙන් වැඩකරන එක. 

රිවිහාර පින්නදුව


1 comment:

  1. "දැන් අපි මොකද කරන්න ඕනෙ? ඇත්තටම එක් එක් වෘත්තීන්ට දීල තියෙන එකිනෙකට වෙනස් සමාජ වටිනාකම් හා මුල්‍ය වටිනාකම් නැතිකරන්න නැත්තන් සාපේක්ෂව අඩුකරන්න ඕනෙ. එතකොට හැමෝම වෘත්තීන් කිහිපයක් පස්සෙ දුවන එක නතරවෙයි. වෛද්‍යවරයෙක් වෙන්න ඕනෙ කෙනා වෛද්‍යවරයෙක් වෙයි, මෝටර් කාර්මිකයෙක් වෙන්න ඕනෙ කෙනා බොරුවට වෛද්‍යවරයෙක් නොවී තමන් කැමති වෘත්තීයට අදාල උසස් අධ්‍යාපනයක් ලබාගනීවි. අධ්‍යාපනයේ තියෙන මේ අස්වාභාවික, ළමයින්ගේ ළමා කාලය මකබාවන තරගය අඩුවේවි. දැන් උසස් කියල කියන වෘත්තීන් වල අයටත් විශේෂයෙන් ඉහළයි කියල සමාජ මට්ටමක් නඩත්තු කරන්න ඕනෙ නැතිනිසා, බොරුවට සුපෝඛභෝගී වාහනයක් ලොකු ගෙයක් අරන් ලීසිං වලට ණය වලට හිරවෙලා දගලන්නෙ නැතුව, සැහැල්ලූවෙන් ඉන්න පුල්වන් වෙයි. සරළවම තමන්ට තමන් විදිහට ජීව්ත්වෙන්න ඉඩක් තියෙන, ඒ හින්ද ඇරියස් අඩු සමාජයක් බිහිවෙයි."
    මේක තමා පරම සත්‍යය!

    ReplyDelete