Tuesday, November 6, 2018

ආදරේ practice කරන්න


ආදරේ practice කරන්න


fail වුණු ලෝකයක
fail වෙන එකම
පස්ස් යැයි සමරන
මැණික ඉතිං
අපිට පුලූවන්ද
ආදරේ practice කරන්න
තරුත් නැති අහසක
හද කොහොම උනත්
අඩුම තරමේ
උල්කාපාතයක්ව කඩාවැටෙන්නට
අපිට පුලූවන්ද
පහන් තරුවක් වෙන්න
පුරන්වූ කුඹුරක
රන්වන් ගොයම් කරලක්ව
පැසෙන්නට හැකිවේද
පෙද පාසිවත් නැති විලක
නෙළුමක්ව විකසිත වෙන්න
හැකිවේවිද අපිට
සවන් අහිමි ලෝකයක
දනන් මුසපත් කරමින්
සිතාරය වයන්නට
ඉතිං අපි සිපගමුද
හති වැටෙන තුරු දෙතොල
ඉතිං අපි මොරදෙමුද
ආදරෙයි ආදරෙයි කියා
ජින්තු යන තුරු උගුරෙ
නෙත් බැල්මට සමවැදී
මැණික ඔයත් එනවද
ආදරේ practice කරන්න

(රිවිහාර පින්නදුව)


No comments:

Post a Comment