Thursday, September 28, 2017

ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය



ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය


ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය
සීතලම නිමේෂෙක උණුසුම ගෙනෙන
සිතිවිලි මීවිත පොද නුඹය
දුරකථන ඇමතුමකින් නිවී සැනසෙන
සුහර ගුණයට පාරමිතා පුරමින
ජීවිතේ දුර වන්දනාවක
යන්න පේවී මාත් එක්කම
ගැයෙන සී පද රාව නුඹමය
වෙහෙසකර සිත් පතුල පිරිමැද
ගිම් නිවාලන ඔසුව නුඹ මට
සටන් කවි අතර
අයිතිවාසිකම් අහමිවූ
මගේ පෙම් කවිය නුඹ

(රිවිහාර පින්නදුව)


No comments:

Post a Comment