Tuesday, December 27, 2016

මට කැමතිද?

මට කැමතිද?


අහස පුරා සායම් ගෑ හීන ගොඩක්
පාට සේදිලා දැන්නම් නැහැනෙ හැඩක්
ආයෙ ආයෙ තිරිහන්වෙන නාකි කතක්
ඇහැක් ගහල ටෝක් කරන් යනව අපිත්
පාටි දාල හිනා වෙලා ෆොටෝ අරන්
මධු සමයත් කළුවරේම නොදැක යමක්
බබා හම්බුණහමයි දන්නේ මේ පරණ එකක්
ඩිවෝස් කරගන්න වලි කෑව තරම්
පෙරහැරේම ඒකිව ගෙන ආව හරක්
දැන් ඉදගෙන හූල්ලනව අහක බලන්
ඩෙනිම ගලවලා ආයෙම සාය ඇදන්
ඒකි ආයෙ එනු ඇත නිතඹ වනන්
තිතට අල්ලලා තැන අපෙ ඇවිළෙන මදන යකුන්
ගේම ගහයි ලෙසටම ජයමංගල ගීත කියන්
දැන් මේකට උත්තරයක් හිතල අනේ
පොට යනවා කොයි මොහොතක හිතේ මගේ
ටිකක් ලේසි උත්තරයක් හිත අගට එබෙයි
ඒකිට රතු නයිටියක් අන්දලා දුහුල්
ඇද අකුලල පැදුරක බුදියන්න හිතයි
ඒත් ඉතිං බඩවෙන්නේ අර ඇගමයි
පුරුදු ලෙසට ඉපදේවී මළ දරුවන්
පළු යව යව ඒ ගෑණිගෙ දශක ගණන්
පාට මාරු කර කර හැඩ සාරි ඇදන්
තවත් අවුල්නම් සාරිය මදිව ගියොත්
කැත වහන්න චේ සන්නාම දරන්
පාට පාට සාරි වලට
රතු ජංගි ඇන්දුවා තරගෙට ඉතිං අපිත්
තව කෙල්ලොත් ඉන්නවාද කියල හිටං
හිතන්නවත් ඉඩදුන් නෑ දපනෙ දාන්
විහිළු සිනා ගල් මුල් මැද එඩිය අරන්
හීන මන්දිරෙන් බැහැල එන්න ඔයත්
පය නොතිබ්බ උද්‍යානය හොයන් යන්න
අපිට කියල පෙම්වතියක් ළගට ගිහින්
රතු රෝස මලක් දී නෑඹුල් අතට හෙමින්
මට කැමතිද අහමුද අපි ෆැන්ටසිය බිදන්

(රිවිහාර පින්නදුව)

4 comments:

  1. ෆැන්ටසිය කුඩු... 'මධු සමයත් කළුවරේම නොදැක යමක්
    බබා හම්බුණහමයි දන්නේ මේ පරණ එකක්' මාරු... ජයවේවා !!!

    ReplyDelete
  2. මම කල්පනා කරේ ලංකාව නමැති රූමතිය ගැනද ලිව්වේ කියල?

    ReplyDelete