Friday, March 13, 2015

අපි තවත් නරඹන්නෝ නොවෙමු............


අපි තවත් නරඹන්නෝ නොවෙමු............

                  
                  ඉස්කෝලෙ තුන වසර පන්තියෙ පන්ති නායකය පත්වුණේ වාර විභාගවල ලකුණු ගන්න පිළිවලට. ඉතින් පන්තියෙ මුල් දහදෙනාගෙන් එහාට කාටවත් පන්ති නායකය වෙන්න බැරිවුණා. තුන වසරෙ විවේක වෙලාව දැනුම් දෙන සීනුව තිබ්බෙ අපේ පන්තියෙ. පන්ති නායකයට විතරයි  ඕක ගහන්න පුළුවන්. ඒ දවස් වල අපිට සීනුව ගහන එක හරිම ආස්වාදනීය වැදගත් කටයුක්තක් වුණා. පන්ති නායකය සීනුව ගහද්දි අනිත් අය වටේට කට ඇරන් බලන් ඉන්නව. ඔය අතර දවසක පාසලේ අළුත් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුණා. ඒකෙ ආරාධිත අමුත්තන්ට බුලත් දීල පිළිගන්න භාරවුණේ තුන වසරට. ඉතින් පන්තියෙ පසුගිය වාරවිභාගෙ වැඩිම ලකුණු ගත්තු පස් දෙනාව ඒකට තෝරගත්ත. එක පාරටම තුන වසරට යන්න හිතුනෙ මහා සමාජයෙ දේශපාලනයත් වැඩිම ලකුණු ගත්තු ළමයට සීනුව ගහන්න ලැබෙනවට සමානයි කියල හිතුන හින්දයි.
මේ දවස් වල දේශපාලන කරළිය බලන්න ලස්සනයි. කාලයක් යුද්ධෙ බලල ආස්වාදනය කළා වගේ තමයි අපි දැන් රූපවාහිනියෙ සජීවීව විකාශනයවන එක එක පක්ෂවල මාධ්‍ය සාකච්චා බලන්නෙ. වෙනද ප‍්‍රවීන+, වසූදා බලල පහුුවෙනි දවසෙ ඔෆිස් එකෙයි, බස් එකෙයි හැම තැනම ටෙලි නාට්‍යයෙ වෙච්ච දේවල් කතා කළා වගේ තමයි අපි දැන් හැම තැනම පක්ෂ මාරුකිරීම්, දේශපාලන බෙලි කැපීම් ගැන කථා කරන්නෙ. කි‍්‍රකට් තරගයක මාලිංග විකට් එකක් ගන්නකන් බලන් ඉන්නව වගේ තමයි ආණ්ඩුවෙන් ඊළගට පනින්නෙ කවුද කියල බලන් ඉන්නෙ. නළුවො ටිකක් වේදිකාවෙ රගපානව අපි විසිල් ගගහ බලන් ඉන්නව. වේදිකාව පිටිපස්සෙ ඇත්ත කථාව දක්න්නෙවත්, මේ වේදිකාවට ගොඩවෙන්නවත් කාටවත් අදහසක් නෑ. හැමෝම නරඹන්නො වෙලා. හරියට තුන වසරෙ පන්තියෙ නායකය සීනුව ගහද්දි වටේට වෙලා බලන් හිටපු ළමයි වගේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ මහගෙදර වෙච්ච ගී‍්‍රක පෞර රාජ්‍යය වල පාලනයට නගරයෙ සියළුම පුරවැසියො මැදිහත්වුණා කියනව. හැබැයි වහල්ලූයි කාන්තාවොයි හැර. කාන්තාවන් ලිංගික වෙනස මත ආන්තී‍්‍රකරණයට ලක්කිරීම පිළිබද සංවාදය ටිකකට පැත්තකින් තියල වහලූන් ගැන කථා කළොත් එක් වහල් හිිමියෙකුට වහල්ලූ දෙතුන් දෙනෙකුගේ සිට සිය දහස් ගණනක් වෙනකන් ඉන්න ඇති. ඒ අනුව ගී‍්‍රක පෞර රාජ්‍යය වල සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවා සකී‍්‍රය වුණේ, අවස්ථාව හිමිවුණේ ඉතා සුළුතරයක්වූ පිරිසකට පමණයි. සමාජය වැඩවසසම්, ධනේෂ්වර යුගයන් කරා ගමන් කරද්දිත් මේ බහුතරය ‘‘බලය’’  නැමැති නැමැති විෂයෙන් ඈත්කර තැබීම සිදුවුණා. ආසියානු නිෂ්පාදන ආර්ථික රටාවන් තුළ පවා මෙම තත්වය දැක ගත හැකියි. රජුගේ පටන් පහළට රාජ්‍ය නිළධාරී ධූරාවලිය පුරාවට ගම් මට්ටම දක්වාම පැවතියේ එක්තරා සුළු පිරිසකගේ පාලනයකි. යටත් වැසියන්වූ සාතිශය බහුතරයට සිදුවන්නේ කුමක්දැයි දළ අදහසක්වත් නොවූ අතර ඔවුන් බලය හෝ රාජ්‍ය කියා දැන සිටියේ තමන් අස්වනු නෙළන කාලයට ආයුධ සන්නද්ධ රාජ පුරුෂයන් පැමිණ අස්වැන්නෙන් සැළකිය යුතු කොයසක් රැුගෙන යන බව පමණි.
                අස්වැසුම චිත‍්‍රපටයේ එක් දර්ශනයක ග‍්‍රාමීය නිවසක දරුවෙකුට ඉතා අසාධ්‍යව ගම් වැසියන් ඔහුව වෛiවරයෙකු වෙත රැුගෙනයයි. ඒ ලංකාවට බි‍්‍රතාන්‍යයින්ගෙන් ඊනියා නිදහස ලද දිනයයි. වෛiවරයාගේ බංගලාවේ බි‍්‍රතාන්‍ය ජාතිකයාන් හා එම ප‍්‍රදේශයේ දේශීය ප‍්‍රභූන් රැුස්වී නිදහස සැමරීමට සාදයක් පැවැත්වෙයි. අර ගම්වැසියන් ගේට්ටුව අසළට වී ප‍්‍රතිකාර ගැනීමට විදිහක් නොමැතිව බලා සිටී. ඔවුන්ට මේ සිදුවන දේ ගැන අවබෝධයක් නැත. ඔවුන් ‘‘ සුද්දො මහත්තයලට මොකක්ද දීලලූ කියන්නෙ’’ ලෙසින් කථා බස් කරයි. සැබවින්ම සුද්දො මහත්තුරුන්ට මොකක්දෝ දී ඇත. එය පීඩිත පන්තියේ ජනතාවට අදාල නැත. ලොව සෑම තැනකම ඒ මොකක්දෝ එක හිමිවී ඇත්තේ මහත්තරුන්ටමය. පීඩිත පන්තියේ මිනිසුන්ට සිදුවී ඇත්තේ ගේට්ටුව අසළට වී ඒ මොකක්දෝ එක දිහා බලා සිටීමටය. 
අද දවසේ ඡුන්ද දායකයාගේ භූමිකාවද වහලූන්ගේ භූමිකාවට වැඩි වෙනසක් නොමැත. තමන්ව සූරා කන යාන්ත‍්‍රරණය කි‍්‍රයාත්මක කරන්නන් ඇද සිටිය යුත්තේ මොන පාට කමිසයක්දැයි තීරණය කිරීමේ හැකියාව ඔහුට ලැබී ඇත. තමනුත් එම පාට කමිසයක් ඇද තමන් පාලන බලය ලබා ගත්තා වැනි මෝහනයකට ලක් වීීමට ඔවුන්ට වරම් හිමිවී ඇත. එතනින් ඔබ්බට සියළු පාලන බලතල මෙහෙය වෙන්නේ ඔහුට අවැසි ලෙස නොව ප‍්‍රාග්ධන උවමනාවන්ට අනුව සුළුතරයක් මතය. පසුගිය දකුණු පළාත් සභා ඡුන්දයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේ රෝහණ උපුල්ය. ප‍්‍රතිපල ප‍්‍රකාශ වන මොහොතේ ඔහුගේ ආධාරකරුවන් වන පීඩිත පන්තියේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් ජයග‍්‍රහණයෙන් උද්දාමව පී‍්‍රති ඝෝෂා කරමින් මැතිවරණ කාර්්‍යාලය අසළ රැුදී සිටිනු දක්නට ලැබුණි. මන්තී‍්‍රවරයා පැමිණි පසු පිරිස පොර කමින් ඔහු වටා එක්වූ අතර ඇතමෙක් ඔහුගේ සුපෝඛභෝගී සුදු පැහැති රථය උඩටද නැගුණි. කෝපාවිෂ්ඨවූ මන්තී‍්‍රවරයා කෑ ගැසුවේ මගෙ වාහනයේ කුණු ගාන්න එපා කියාය. ධනේෂ්වර දේශපාලනය තුළ සැබවින්ම පීඩිතයා කුණු කසළ බවට පත්කර ඇත. මෙම නායකයින් වටා පී‍්‍රතිඝෝෂා කරණ පීඩිතයින් කෑගසන්නේ අපේ එකා දිනුවා කියාය. ඔවුන් වෙනත් ධනපති අපේක්ෂකයෙකුට සහාය දුනු වෙනත් පීඩිතයින්ට ඔච්චම් කරයි, ගහ මරාගනී. අපට අසන්නට ඇත්තේ ඌ උඹලගෙද කියාය. උඹල කාගෙද කියාය. 
මේ අප ගතකරණ නිමේෂයට ආපහු ආවොත් දේශපේ‍්‍රමී මහින්දත් ප‍්‍රජාතනිත‍්‍රවාදයේ  මුරදේවතා මෛතී‍්‍රත් සටනට ඇවිත් කළින් කිව්ව වගේ රසකර කර බලන්නට මාධ්‍ය තුළින් විවිධ ජවනිකා රග දැක්වෙනව. වෙනදා 7.30 , 8.30 ටෙලිනාට්‍ය බලන්න මිනිස්සු කොහේ ගියත් ගෙදර දුවන් එනව වගේ දැන් පුදුම උනන්දුවකින් ප‍්‍රවෘත්ති බලන්න කට්ටිය එන්නෙ. මේ ක‍්‍රමයේ අර්බුදයට, පීඩිත පංතියෙ මිනිස්සුන්ගෙ සැබෑ ප‍්‍රශ්න වලට මේ දෙන්නගෙන් කාගාවද උත්තර තියෙන්නෙ? මේ වෙලාවෙ මහින්ද පරද්දන එක තමයි වැඬේ අනිත්ව පස්සෙ පුළුවන්, මෙයා හිටියොත් මොකුත්ම කරන්න ලැබෙන් නෑ, මේ වගේ කථාත් හැම තැනින්ම අහන්න ලැබෙවනව. ප‍්‍රශ්නෙ මිනිස්සු ඉතිහාසය පුරාවටම කළේ මේකමයි. එන එන තත්වයන්ට ධනපති ක‍්‍රමයම ලබාදෙන විකල්ප තෝරන එක. එතනින් එහාට තමන්ගෙම වුණු සැබෑ විසදුම් වෙත ඔවුන් පෙළ ගැසෙන් නෑ. අන්තිමට ඒ කොයි විකල්පයත් තාවකාලික ප‍්‍රගතිශීලීත්වයක් විනා සුපුරුදු තැනටම ඇද වැටෙනව. මොකෙක් හරි නායකයෙක් බලයට ගෙනත්  එයා වැඬේ කරනකන් බලන් ඉන්නව. දේශපාලනිකව ඒ තැන් වලට මැදිහත් වෙන්න තමන්ට හයියක් නෑ, ඒක තමන්ගෙ වැඩක් නෙමෙයි කිය කිය හැමදම හූල්ල හූල්ල තමන්ගෙ වැඩක් බලාගෙන ඔහේ ඉන්න්ව. ධනේෂ්වර දේශපාලන ඇස් බැන්දුම් වලට රැුවටෙන් නැතුව ජනතාව ඔවුන්ගේ දේශපාලනික අවකාශයට කඩා පැන එය තම අතට ගැනීමට කාලය පැමිණ ඇත.

  ( රිවිහාර පින්නදුව )
-ජනරළ-


No comments:

Post a Comment