Saturday, January 3, 2015

අපි ඔබේ ෆැන්ටසියට ගල් ගසමු............




අපි ඔබේ ෆැන්ටසියට ගල් ගසමු............


මේ ලියමන ආරම්භ කරන්නේ පෙද්ගලික කාරණාවක් සමගයි. මගේ දේශපාලන සගයෙකු හා තවත් අයෙකු කරණ කථාබහක් අහන්න ලැබුණ. කොහොමද? කුමාර් ගුණරත්නම් ආණ්ඩුවෙ උදව් නැතිව ලංකාවට එන්නෙ? ඔයාල ඔය කරන්නෙ ආණ්ඩුවෙ කොන්ත‍්‍රාත් එකක් නේද? සමාජවාදෙ පස්සෙ පුළුවන් මේ වෙලාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ටිකක් දිනාගන්න උදව් කරන් නැතුව ඔයාල මොනවද මේ කරණ විකාර? මගෙ මතකය ඊට මාස කීපයක් අතීතයට ගියා. ඒ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා සටනක්, පොළිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල වුණා. ගෑණු ළමයි ඇතුළු හැමෝම යනකන් දරාගෙන ඉදල මගේ සගය අන්තිමට ඉස්සරහින් ගෙනිච්ච බැනර් එකත් අරගෙන කදුළු ගෑස් මැද්දෙන් එන දසුන මට හොදට මතකයි. පා ගමන ඉවරවෙලා රැ යන ගමන් නුගේගොඩ හන්දියට වෙලා ඉද්දි කළින් කියපු මගේ සගයගෙ මිත‍්‍රය ඉහළ පෙළේ අවන්හලකින් එළියට එනව මට හම්බවුණා. ඔහු ඒ වෙලාවෙ එතන හිටපු කෙනෙක්ට පා ගමන නිසා ඇතිවුණ වාහන තදබදය ගැන බැන බැන හිටියෙ. අද ඔහු මගේ සගයගෙන් අහනව ඔයාල ඇයි මිනිස්සුන්ට පොඩි හරි දෙයක් හරි දිනන්න උදව් කරන් නැතුව ආණ්ඩුවට කඩේ යන්නෙ? මට  මේ වෙලාවෙ අඩන්නද හිනාවෙන්නද හිතාගන්න බැරි වුණා. FB ආවම වමේ පෙරමුණ ආණ්ඩුවට කඩේ යනවලු, බැසිල්ලු උදව් කරන්නෙ, ගෝඨලු පස්සෙන් ඉන්නෙ, සල්ලි මෙච්චරක් ගත්තලු. ඔ්න එකක් කියාගන්න මෙච්චර වැඩ තියෙන වෙලේ කියල හිතුවට මේක ලියන් නැතුව ඉන්න බැරිවුණා.

කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පැමිණීමත් සමග දියත් වී ඇති අවලාද යාපාරය දෙස බලන කල ඇතිවන්නේ දුකකි. එයට මූලිකම හේතුව වී ඇත්තේ  වැඩි වශයෙන් වමේ හෝ යම් ආකාරය වමට බර දේශපාලනයක නිරතවන අපේම සහෝදරයින් වෙතින් මෙම අපවාද වැඩිපුර එල්ල වීමයි. මේ සරළ පැහැදිලි කිරීම සදහායි. කුමාර් සහෝදරයා ලංකාවට ගෙන්වා ගැනීමට දිගින් දිගටම උත්සහයක නිරතවුණා. ගොඩක් දෙනෙක් අහන එක රශ්නයක් තමයි මේ දවස් වලම ගෙන්නුවෙ මෛතී ගහන්න නේද කියන එක. පැහැදිලිවම ඔහු මෙම මැතිවරණ සමය තුළ ගෙන්වා ගැනීමට කටයුතු කළේ මෙවන් සමයක අනවශ් දේවල් පටලවා ගැනීමට පාලකයින් දෙතුන් වතාවක් සිතන බැවිනි. මෙහිදී පළමුව ආණ්ඩුව බාධාකාරී ලෙස හැසිරී පසුව මෙම කාරණය මාධ්යයේ කතා බහට ලක්වන විට පහළ දැක්වෙන ලෙස වෙනුවෙන් අඛණ්ඩව කිරයාමාර්ග ගන්නා විට නීතියට අනුව කිරයාකිරීමට නිළධාරීන්ට ඉඩ දී පසකටවූයේ අනුවයඑම කාරණය තේරුම් ගත හැකි යැයි විශ්වාස කරමි.

මීළගට මේ හා සම්බන්ධම චෝදනාවක්නම් මහින්ද, කුමාර් සහෝදරයා ගෙන්වා ගැනීමය උදව් කළා යන්නය. සහෝදරයා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවූයේ මෙම මැතිවරණ කිරයාවලිය ආරම්භයත් සමගය වමේ පොදු අපේක්ෂකයා බවට ඔහු පත්කිරීමේ අදහසක්ද ඇතිවය. නීතියෙන් පිටත දිගින් දිගටම එල්ලවූ බාධාකිරීම් මැද ඔහුව ගෙන්වා ගැනීමට නොහැකිවූ අතර ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් කිරීමේ අදහසද අත් හරින්නට සිදුවිය. එනමුදු මෙම කාලසීමාව තුළ සහෝදරයා ගෙන්වා ගැනීමේ උත්සහයේ දිගටම නිරතවිය මන්දයත් මෙම අවස්ථාවේ සහෝදරයා ගෙන්වා නොගතහොත් නැවත ඔහුව ලංකාවට ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර වන බැවිනි. කෙසේ හෝ ගන්නා ලද අඛණ්ඩ කිරයාමාර්ග හමුවේ සහෝදරයා ගෙන්වා ගැනීමට හැකිවිය. ආණ්ඩුවේ උවමනාවට සහෝදරයා ගෙන්වනවානම් එය කළ යුතුව තිබුණේ මුළින්ය දීර්ඝකාලීනව කෙසේ වෙතත් මැතිවරණයට අදාලව සහෝදරයාගේ මැදිහත්වීම සීමිතය. ජනහමු දෙක තුනකට මාධ් සාකච්චාවකටකට දෙකකට වඩා සහභාගිවීමට ඔහුට ඉඩක් නැත. ඔහුට රටට ඇතුල්වීමට ඉඩ නොදී ඇතැම් විටෙක වමේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට තිබූ අවස්ථාව පවා අහිමි කළ ආණ්ඩුවේ උවමනාවට ඔහු පැමිණියා යන්න තුළ හාස්යකට වඩා යමක් පවතීද යන්න ගැටළු සහගතය.

මීළගට එන අවලාදය ද්විත්ව පුරවැසිබව සම්බන්ධ නීතියේ සිදුවූ වෙනස් වීම් සහෝදරයා ඉලක්කකොට සිදුවූවක් යන්නය. මූලික කාරණය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව කිසිම කටයුක්තක් කුමාර් සහෝදරයා සම්බන්ධයෙන් සිදු කොට නොමැති නිසා එය අදාල නොවන්නකි. සහෝදරයා ලංකාවේ පුරවැසියෙකි. කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ටේරලියාවේ පුරවැසියෙකු නොමැති අතර කුමාර් සහෝදරයා රටින් පිටවූයේ නොයෙල් මුදලිගේ අන්වර්ථ නාමයෙනි.ඔහු ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නවානම් එක්කෝ නොයෙල් මුදලිගේ නමින් ලංකාවේ පුරවැසිභාවය ගතයුතුය නැතිනම් කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ට්‍්‍රලියාවේ පුරවැසිභාවය ලබාගත යුතුය. එවැනි උත්සහයක් දරා නැති අතර ද්විත්ව පුරවැසි භාවයක් අවශ්‍යය මහින්දගේ කාගේ කවුරුන්ටදැයි සැවොම දනී. වමේ දේශපාලනය කිරීමේ වරදට තම උපන් බිමෙහිවත් සිටීමට ඇති අයිතිය අහිමි කළ කුමාර් සහෝදරයාෙගේ කුමාර් ගුණරත්නම් නම් වූ ලාංකීය පුරවැසි භාවය වෙනුවෙන් අප පෙනී සිටිමු. එම අරගලය තුළ විවිධ හේතූන් මත ලාංකීය පොළවෙන් නීතිවිරෝධීව පිටමන් කළ මාධ්‍යවේදීන් දේශපාලන කි‍්‍රයාදරයන්ගේ තම උපන් බිම වෙත වූ අයිතිවාසිකම වෙනුවෙන් අපි පෙනී සිටිමු.

වමේ පෙරමුණට එල්ලවන ප‍්‍රධානම චෝදනාව මෛතී‍්‍රට එරෙහි විවේචනයන් තුළින් මහින්දට උදව් කරනවා යන්නය. එයට දිය හැකි සරළම පිළිතුර මේ සමග ඇති වමේ පෙරමුණේ ජන රැලිවල සම්පූර්ණ වීඩියෝ දෙස බලා තීරණයක් ගන්නා ලෙසයි. අප මෛතී‍්‍රව විවේචනය කරමු ඒ දෙස බලා අප මහින්දට කඩේ යනවා කියන්නේනම් අප මහින්දට ගෙනෙන විවේචන දෙස බලා මෛතී‍්‍රට කඩේ යනවා කියන්නට ඊට වඩා ඉඩක් ඇත මන්දයත් ඔවුන් බලයේ සිටිනා ආණ්ඩ්ව ලෙස ස්වාභාවිකවම මෛතී‍්‍රට වඩා මහින්දව විවේචනය කර ඇත්තෙමු. මීට අමතරව අපගේ සටන් පාඨ ,පෝස්ටර්, අපට හිතවත් වෙබ් අඩවි, පුවත් පත් මේ සියල්ල පරීක්ෂාකරන ඔ්නෑම කෙනෙකුට අප මේ කරන්නේ මහින්දට කඩේ යෑමක්ද නැද්ද යන්න පැහැදිලිවනු ඇත. මේ පිළිබදව සාධාරණ සැකයක් ඇති සහෝදරයෙක් සහෝදරියක්වේනම් තැනින් තැන ඇසෙන දෙඩවිලි වලට සවන් නොදී ඒ පිළිබදව විමසා බලන්නට ආරාධනා කරමු. අපගේ විවේචනය දෙදෙනාටම එල්ලවන අතර පෙනුමේ සුළු වෙනස්කම් හැර මෙම දෙපාර්ශවයම සමාන බව ජනතාව අතර තහවුරු කරමින් විකල්ප දේශපාලන භාවිතාවක් කරා ඔවුන්ව පෙළඔවීමට මෙම මැතිවරණය තුළ විවර වන දේශපාලනික අවකාශය අප භාවිතා කරන්නට උත්සහ දරමු. එහිදී අපගේ සාර්ථක අසාර්ථකභාවය පිළිබද විවේචනයන් සහෝදරාත්මකව භාරගනිමු. මෙම අවලාදයේ ප‍්‍රමුඛයන් වන ජවිපෙ ආදරණීය සහෝදර සහෝදරියන්ට අපිට පැවසීමට ඇත්තේ අපිද ඔබ මෙන්ම දූෂිත පවුල් පාලනයට එරෙහි වීමේ සටන් පාඨය හඩ නැගුවෙමු. අප අතර වෙනස වන්නේ ඔබලා ඒකාධිපතියා පරදවමු යන තැනින් නතරවී මෛතී‍්‍ර දෙසට හොරෙන් ඇස් ගසන විට අප ඒකාධිපති මහින්ද පරදවමු තවත් ඒකාධිපතියෙකුට ඉඩ නොදෙමු වමේ බලයක් ගොඩනගමු ලෙසින් එම සටන් පාඨය පූර්ණ කළෙමු. ඔබ අප වෙහෙසී ගොඩනැගූ විරෝධයන්ගේ , බලවේගයන්ගේ ධජය ඉතිහාසය පුරාවට චන්ද‍්‍රකා මහින්ද දැන් මෛතී‍්‍රද සොරා ගත්තා මෙන් ධනපති පාලකයින්ට සොරා ගැනීමට නොහකි ධජයක් එසවීමට වෙහෙසෙන්නෙමු.

මේ මොනදේ කිව්වත් විවිධ තර්ක නගමින් මෙම කාරණය හෝද හෝද මඩේ දමන බව දනිමු. අමතර කාරණා කිහිපයක් මතුකළ යුතුය. අප විවේචනයන් ගෙනෙන විට මෙන්න මහින්දට කඩේ යනවෝ ලෙස බෙරිහන් දෙනවා මිස ඊට පිළිතුරු බැදීම මෙම පිරිස් මග හරින ලදී. ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වැනි වදන් පුනරුච්චාරණය කරමින් තමන්ට එන විවේචනයන් මග ඇරීමේ මහින්දගේ ප‍්‍රාථමික දේශපාලනික භාවිතයෙහි සහ මෙහි ඇති වෙනස  ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වෙනුවට  මහින්දට කඩේ යනවා යන්න පුනරුච්චාරණය පමණක් බව හැගෙයි. එසේම අප නැගූ ප‍්‍රශ්න කිරීම් හමුවේ මුනිවත රැකි බොහෝ පිරිස් කුමාර් සහෝදරයාගේ පැමිණීමත් සමග දිගින් දිගටම ආණ්ඩුව සම්බන්ධ කරමින් චෝදනා නැගීම තුළ තවත් කාරණයක් මතුවෙයි. අප ආණ්ඩුවට වැඩ කරනවා වැනි ලේබලයක් අලවා අපගේ හඩ අවතක්සේරු කිරීමට බොහෝ උත්සහයන් දරණ ලදී. බැසිල්ගෙ සල්ලි වලින් පොස්ටර් ගහන්නෙ, නුගේගොඩ රැළියට ඉඩ වෙන් කරල දුන්නෙ මහින්ද මෙවැනි පදනම් විරහිත කාරණා රැසක් මතුකළ අතර ඒවා ඔවුන් සිතූ තරම් වැඩ කලේ නැත. කුමාර සහෝදරයාගේ පැමිණීම තුළ මඩ ගැසීමට ඔවුන් අවස්ථාවක් විවර කරගෙන ඇත. වමේ හෝ ප‍්‍රගතිශීලී ලෙස හදුන්වා ගන්නා දේශපාලනය මෙබදුද?

මෙම සටහන නිමාකරන්නට මත්තෙන්, ජනවාරි 8 වනදාට පසු මහින්ද හෝ මෛතී‍්‍ර ජය ලබනු ඇත. අපගේ ඡන්ද ප‍්‍රමාණය පෙන්වමින් අපට විසිළු කරනු ඇත. කෙසේ වෙතත් අප කාට හෝ කඩේ යනවාද යන්න තීරණයේදී මැතිවරණයට පෙර මෙම ප‍්‍රභූ දේශපාලනයෙන් බැහැරව සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරුවන් සිසුන් ආදී බලවේග දියත් කළ අරගල තුළ අපගේ කි‍්‍රයාකාරීත්වය විමසා බලන්නට ආරාධනා කරමු. දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කෑ ගසන බොහෝ දෙනෙකු නිදි වැදි මොහොතක සැබෑ ජනතා අයිතීන් වෙනුවෙන් අප පෙනී සිටියෙමු. අපගේ සහෝදරයින් ජීවිත පවා මේ ආණ්ඩුව උදුරා ගනිද්දී අප සටන් වැදුනෙමු. එයද ප‍්‍රමාණවත් නොවේනම් මෙම අවලාද දැනට විශ්වාස කරන්න මැතිවරණයෙන් සියල්ල අවසන් නොවන බැවින් එයින් පසු අපගේ කි‍්‍රයාකාරීත්වය තුළ අපව පරීක්ෂා කරන්න ඒ තුළ අප නිවැරදිනම් එදිනට මෙම අවලාද බොරු බව පිළිගන්න. මෙම මැතිවරණය තුල අපගේ මැදිහත්වීම සිත් රිදීමට හේතුවූ තවත් කාරණයක් නම් මේ සමාජය ගිලගෙන ඇති අර්බුදයන්ට විසදුම මහින්ද එළවා මෛතී‍්‍ර ගෙන ඒම වැනි සරළ කාරණයක් නොවන බවත් එයින් තාවකාලික රැවටීමක් විනා සැබෑ විසදුමක් නොලැබෙන බවත් අප ගොඩනගන තර්කය මේ සමාජයේ සැබෑ ප‍්‍රශ්නය විසදීමට තමන්ගේ ජීවිතයේ දේවල් කැපකරමින් දීර්ඝකාලීන අරගලයකට ප‍්‍රවේශවීමට අකමැති සැහැල්ලුවට මෙයට පිළිතුරු සොයන පිරිස් දකින ෆැන්ටසිය අප මැද්දට පැන මේ කියන දෙයින් බිද වැටෙන බැවිනි. මහින්ද හො මෛතී‍්‍ර තුළින් විසදුම් හොයන පිරිස් වලට, විශේෂයෙන්ම පොඩි හරි දෙයක් ලැබෙයිනෙ ඒකටවත් උදව් වෙන් නෑ කියන හිතවතුන්ටයි අවසන පැවසීමට ඇත්තේ ඔබේ ඡන්දය කාට හෝ දෙන්න එයින් පසුව කවුරු පුටුවේ ඉදගත්තත් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීම හමුවේ පැන නගින ගොවි කම්කරු සිසු අරගල බිම් තුළ දේශ පේ‍්‍රමයෙන් හෝ මෛති‍්‍රයෙන් බැටන් පොළු පාරවල්, කදුළු ගෑස් කමින් සැබෑ ජනතා ජයග‍්‍රහණ වෙනුවෙන් අපත් සමග සිටින්න. ගැටළුවක් නැත දැන් අපට බැන එදිනට එක්ව සටන් වදිමු. දැන් අපිටද බනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හඩනගා එදිනට තමන්ගේ කන්තෝරුකාමර තුළටම හෝ නිදන කාමර තුළටම ගුළිවී නොසිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඔබලාගේ සිත රිදුනානම් සමාවෙන්න අපි වකුගඩු නරක්වී මැරෙන්නට නියමිත ගොවියාට, පාසල් ගමන මග නතර කරන්නට වෙන දරුවාට දරුවන් සමග ගගට පැන මියෙන්නට තැත් කරණ අම්මාට වෙළද කලාපේ මැදපෙරදිග දියව යන සොයුරියන්ට කඩේ යන්නෙමු එබැවින් ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්න වලින් වහන්ව අකාසගතවූ 18 සංශෝධනය වැනි ව්‍යාජයන් තුළ ඔබලා ඔබලාට අවංකව මවා ගන්නා ලද ෆැන්ටසියට අපි ගල් ගසමු. තරහකට නෙමේ. 
ජය

 ඇමුණුම 1

කුමාර් ගුණරත්නම් සහෝදරයා ගෙන්වා ගැනීමට ආසන්න කාල සීමාව තුළ ගන්නා ලද කි‍්‍රයාමාර්ග

නොවැම්බර් මුල -
 ආගමන විගමන නිළධාරීන් හමුවී කුමාර් සහෝදරයා ගෙන්වා ගැනීමට අදාල කරුණු විමසා සිටීම
තැනින් තැනට යවමින් මග ඇරීම ඇර නිශ්චිත උත්තරයක් නොලැබුණු අතර දිගින් දිගටම විමසීම නිසා අවසන නීති විරෝධීව මෙරට රැදී සිටීමට හේතු දක්වමින් කුමාර් සහෝදරයාගෙන් ලිපියක් අවැසි බව දැන්වීය

නොවැම්බර් 27 -
හේතු දැක්වීමේ ලිපිය ලබාදීම
සතියක් ඇතුළත පිළිතුරු ලැබීම සාමාන්‍ය සම්ප‍්‍රදායවුවද මෙයට පිළිතුරු නොලැබුණි

දෙසැම්බර් 12 -
නැවත ලිපියකින් පිළිතුරු ඉල්ලා සිටිමින් ලංකාවට පැමිණීමට නොහැකිවීමට හේතු විමසා සිටීම
එයටද ප‍්‍රතිචාරයක් නොලැබුණි

දෙසැම්බර් 16 -
online visa ක‍්‍රමයට වීසා අයදුම් කිරීම
සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත පිළිතුරු ස්වයංකී‍්‍රයව ලැබිය යුතු වුවද එයද සිදු නොවුණි

දෙසැම්බර් 20 -
දුමින්ද නාගමුව සහෝදරයා හා චමීර කොස්වත්ත සහෝදරයා මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කිරීම
එයින්  පසුවද ආගමන විගමන නිළධාරීන්ගෙන් ප‍්‍රතිචාරයක් නොවුණි

දෙසැම්බර් 24 -
අජිත් කුමාර සහෝදරයා (පා.ම) ආගමන විගමන පාලකයා හමුවී ප‍්‍රතිචාරයක් නොදැක්වීමට හේතු සෘජුවම විමසා සිටීම
එහිදී අනවසරයෙන් රැදී සිටීමට අදාල දඩය ගෙවීම පමණක් බාධාවක්ව පවතින බව ආගමන විගමන පාලකවරයා පැවසීය
ඒ අනුව එදිනම සවස 1ට රු 39130ක දඩ මුදල ගෙවන ලදී



ඇමුණුම 2

කුමාර් ගුණරත්නම් සහෝදරයා සහභාගිවූ මාධ්‍ය සාකච්චාව

http://www.youtube.com/attribution_link?a=pjaY3Hch4r4&u=%2Fwatch%3Fv%3D7VYPk0KHlqE%26feature%3Dshare


ඇමුණුම 3

වමේ පෙරමුණට පොළිසියෙන් සිදුවූ බාධා කිරීම්

https://www.facebook.com/media/set/?set=a.714737418625549.1073741841.692458024186822&type=1


 ඇමුණුම 4

මහින්ද විවේචනය කිරීමට අදාල උදාහරණ

https://www.facebook.com/video.php?v=712953545470603

https://www.facebook.com/video.php?v=712950495470908

https://www.facebook.com/video.php?v=712946752137949

https://www.facebook.com/video.php?v=712935915472366

https://www.facebook.com/video.php?v=712934322139192



 ඇමුණුම 5

දුමින්ද නාගමුව සහෝදරයාගේ රූපවාහිනී කථාව

https://www.youtube.com/watch?v=3yPnL9QtrAs&feature=youtu.be

ඇමුණුම 6

නුගේගොඩදී පැවති වමේ පෙරමුණේ ජන රැලියේ සම්පූර්ණ වීඩියෝව

https://www.youtube.com/watch?v=JcZuqSoltZo&channel=flsocialistparty


4 comments:

  1. එසේනම් මෛත්‍රී ජවිපෙ ගනුදෙන්වක් ගිවිසුමක් ගැන මඩ ගසන්නේ ඇයි? එවන් අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.

    ReplyDelete
  2. හොඳ බ්ලොග් අඩවියක්. මගේ බ්ලොග් එකට ඇතුලත් කර ගතිමි.

    ReplyDelete
  3. කුමාර් ලංකාවේ පුරවැසියෙක් නොවේ. මෙය අසත්‍යයකි. වෙන නමකින් හෝ පුරවැසි භාවය ගත්කල ලංකාවේ නීතියට අනුව ද්විත්ව පුරවැසි භාවය ගන්නා තෙක් ලංකාවේ පුරවැසි භාවය අහෝසි වේ.

    ReplyDelete
  4. http://kolambagamaya.blogspot.co.uk/2015/01/blog-post.html

    ReplyDelete