Thursday, January 1, 2015

හදක් හඩගා අඩනවා........




හදක් හඩගා අඩනවා........


මගෙත් හිත රිදෙනවා
සුසුම් හද නැගෙනවා
කදුළු නැති ඇස් උනත්
වැඩියෙන්ම අඩනවා
නිසළ ජල තලය යට
දිය සුළිත් තියෙනවා
නිහඩ මුව පිටු පසින්
හදක් හඩගා අඩනවා
නුඔට ඒ හඩ
නෑසුනේ ඇයි
හිතක් පැමිණිලි කරනවා
හදවතක් බරවෙලා
බිම වැටෙයිදෝ සිතෙනවා
කව්රුන්ද වැරදි මොකටද
නොදන්නා මුත්
වේදනාවක් ආයෙ ආයෙම
දිවා රැ මා පෙලනවා............




2 comments: