Monday, January 19, 2015

කිරළ විලාපය.................



කිරළ විලාපය.................


ඇළ දෙපස අධිරජය
පුරා බලය හිමි
කිරළ ‍ජෝඩුවක් උන්නා පෙර දාක
සෙනහසක විජිතයක
සදාතනික සළකුණව
ආදරෙන් රැකගත්තු
කිරළ පැටවා සුරතල්
දුව ඇවිද හැම තැනම
හැඩ කළා දොළ දෙපස
දිනෙන් දින ටිකෙන් ටික
වැ‍ඩෙන හැටි අපූරුව
බලන් උන්නා හැම දාම
කබරගොයි ගැරඩින්ට
ළං වෙන්න ඉඩ නොදී
සටන් කළ හැටි ඔවුන්
සෙනෙහසක නාමයෙන්
මල් සුවද තවරාන
මුදු සුළං හැමුව බිම
කිරළ අධිරදය වටලන්න
සතුරු සේනා චණ්ඩ
ආවා වැහි වළාවල නැගී
සුළං බර අවි
අඔරවා ඇළ දෙපස
ගස් නැමැති ප‍්‍රාකාර
කොකුන් සහයක සේනා
හැර යද්දි සටන් බිම
බිද වැටුණි කිරළ අධිරදය
ඇළ දෙපස පේ‍්‍රමයේ 
පැටවා කෝ කිරළ
විලාප දෙයි ඔවුන්
සතුරන් අරන් ගිය ආදරේ නමට
ඇළ දෙපස ආයෙමත්
මල් පිපෙන් නැති බවට
මල් ගසුත් එකග තාවයක
ඇළෙහි හැඩ මවා
පීනුව මසුන් අද
හිටි තැන්වලම ගල් වෙලා
පැටවා කෝ කොහිද
ඇට මිදුළු ලේ නහර
පවා කකියවන 
කිරළ විලාපය 
නැගෙන්නේ මා හදිනි අද

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=776043875805698&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )

2 comments:

  1. අගෙයි ......... උපරිමයි..........

    ReplyDelete