Saturday, September 24, 2016

කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි


කේසර සිංහයා නොවෙමි
කොඩියක ළෙලෙන
වනයක හඩ දෙන
සිංහයෝ වන්නෙමු අපි
කොල්ලූපිටියේ වේලෙන
මුහුදු රළ පිස නැගෙන
ලූණු රහයි ජීවිතේ
ඒකත් සතුටක් අපිට
මෙලෝ රහක් නැති
මිනිස් ජීවිත අතර
දිවා රෑ නියොන් එළි අද්දර
නිළංකාර දෑස් රිද්දන
ගද ගගහ කුණුවෙන නගරෙක
ආයෙ අපි මොනව කරන්නද ලස්සන
තුන්තිස් පැයේ නිදි නැතිව
නැගෙන වාහන හඩ
තවත් දහසක් ඝෝෂා මැද
තිබුණ හද කීරි ගැහෙනා නිහඩ බව
උන් ඇවිත් හඩනගා
බිදදමන සද
විකුණන්න එපා මොරදුන්නට
තේරේවිද මේ ටවුමට
විකිණීමම ස්වර්ගයද නිවනද වූ කල
තවත් සිය දහසක් ඇහැරවන්නට
ගිගුම් දුන් දසදහසක් හඩවල්
දුම් වලා මැද කදුළු
සිනහ නැගුනා සිංහ මුවගට
සිමෙන්තියෙන් සැදුණු බව අමතකව
වෙර දැරුව පාද සොලවන්න
කඩා පනිනට බැරියර් මතට
ආයෙ එනවැයි සපථ කොට
උන් ගියා සමුගෙන
ඉතිං නූඹලා කවදාද ආයෙ එන්නෙ
අපි ඉන්නෙ බලාගෙන
මියැදුණු හංදියක
මොහොතකට ජීවත් වෙන්න
සිංහයෝ අපි
කොල්ලූපිටියේ වේලෙන

(රිවිහාර පින්නදුව)



2 comments:

  1. රාත්‍රියේ පාලුව රජ යන ගන අන්ධකාරයේ තනිව වෙසෙනා නියොන් එළියක් කිසිදා නුදුටු සීගිරියේ සිංහයා ගැනත් ලියන්න.

    ReplyDelete