Saturday, February 21, 2015

ඔයා දන්නව නේද?................................



ඔයා දන්නව නේද?.................


පොද වැස්ස වැටෙනකොට
කුඩය යට ඉන් නැතුව
වැහි දියට ඉඩදෙන්න
හෙම්බිරිස්සාව හැදිල කැහැ කැහැ
අඩුවට කොත්තමල්ලි බොන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
පාරෙ වම් පැත්තෙන් ඇවිදින්න
කහඉරි නැති තැන් බලල පාර පනින්න
රෑට උදේට කාල
හවසට දවල්ට කන්න
තේ බීල අත හෝදන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
රෑට හීතළේ මිදුලට යන්න
තණ බිස්ස උඩ නිදාගෙන තරු ගණින්න
මුහුදු වෙරළට යන්න
වැල්ලෙ ලොකුවට අපේ නම් ලියන්න
මුහුද රැළි ගහල 
ඉවරවෙනක්න් බලන් ඉන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
මල් අතුුල මාවත ළගදි
කටු අකුල් මග දෙසට යන්නට
කළුගල් මත ඉදන් 
පිච්ච මල් කවි පබදින්න
කුරුළු ගීයක තානමට
සමනළ පියාපතක් මත රගදෙන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
සටන් පාට මෘදු ස්වරයට
අව්කට්ට සීතළයි
කදුළු ගෑස් පෙම්බරයි
වෘක්කයින් එක්කල
තේ හැන්දක් අරන් සටනට යන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
කුණු ගොඩක් උන ලෝකයක
නිළ මැස්සෙක් නොවී ඉන්න
මහා ගිරිශිඛරයට
අතකැඩී ලේ ගැලුවත්
එක කුළුගෙඩි පාරක් හරි ගහන්න
මද පවනෙ සැදෑවක
නුඔ දෑත් අල්ලන්
අවරදිග අහසෙ පියඔන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=791109037632515&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

2 comments:

  1. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15967-2015-02-26-21-58-06

    ReplyDelete