Thursday, August 31, 2017

පෙම්වතිය රකිනා පෙම්වතෙකු ලෙස


පෙම්වතිය රකිනා  පෙම්වතෙකු ලෙස


නලිියනා ලේ නහර වැල් තුල
දෑස් බොදකර
උණුසුම් කරයි හදවත
අපේ උන් එක එකා
කැණ හිවල්ලූ ගොදුරු කරගන්න
දඩයම් බිමකි
සගය මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භූමිය
ඒකාධිපති පාලනය
අවසන් කර ඇත
මානව හිමිකම් කි‍්‍රයාධරයිනි
මේ කේතුමතියේ නුඹලට ආතල්ද
නීතියේ කන්‍යාවිය
රෙද්ද උස්සන් ගාණ ඉල්ලන
මහා පතරංග දාර්ශනිකයො
මාර රැුඩිකල් ෆේස් බුක් වීරයො
ඇග පුරා ගාඞ් දාගත්ත
හයේ හතරෙ STF කාරයින්ගෙන්
භය නැතුව ගුටිකන
සියුමැලි කෙල්ලො ගාව
මටනම් තවත් මාර නැත
බයිබලේ පිටු පුරා
දාහෙ කොළ අලවන
පන්දාහෙ කොළ බෝධිය වටා
එල්ලලා බෝධි පූජා තියන
විකිණෙන එකම නිවනද ස්වර්ගයද
කරපු ලෝකයක
ලේ සුවද දෙන අන්ධකාරය මැද
අරුණෝදයේ සිහින දකිමු
හිරේ යන එකෙක් ගානේ
තවත් සීයක් රතු ධජ අත දරමු
මරණ එකෙක් ගානේ
දාහක් නැගිටින පණිවිඩය
උන්ගෙ කන් අඩි වලට ගෙනියමු   
හෙණ නොඉල්ලා දෙවියන්ගෙන්
මේ පවුරු පදනම් දෙදරවන
හෙණයක්ව අපි පතිත වෙමු
දූෂකයන් මැද
පෙම්වතිය රකිනා  පෙම්වතෙකු ලෙස
අරගලය ආදරෙන් රකිමු අද

(රිවිහාර පින්නදුව)

2 comments:

  1. පෙම්වතියක් පේනතෙක්මානයක නෑතිනම් කුමක්නම් රකින්නද?ප්‍රතිස0ස්කරන විප්ලවය ලෙස අර්තදක්වන හීනොන්මාදී වමක පෙම්වතියත් ෆැන්ටසියක් මිස අන්කවරක්වත් නොව.

    ReplyDelete
    Replies
    1. නව යථාර්තයන් බිහිවන්නේ පවතින් යථාර්තයට එරෙහි ෆැන්ටසියන් තුළින්මය. වමට ප්‍ර්‍ර්‍රතිසංස්කරණ වලින් එහාට අරගලයක් ගෙනියන්න පුලුවන් හැමෝම බණ කියමින් ඉන් නැතුව වැඩේ‍ට බහිනවනම්. එතකොට වමටත් ඒකට තෙරපුමක් හැදෙනව.

      Delete