Saturday, August 26, 2017

සම්මතේ පිංවතුන් අවිදරන්

සම්මතේ පිංවතුන් අවිදරන්


සම්මතේ පිංවතුන්
අවිදරන් අමෝරන්
පේ‍්‍රමයක් සොයනවා
ගිණි තබා වනසන්න
රත්තරනෙ පා තබා
පේ‍්‍රමයත් වරදක්වුණු
ලෝකෙට හොරෙන්
ඇවිද යමු හෙමි හෙමින්
ආදරේ සොහොන් ලකුණු ළග
ඇස් පියාගෙන තදින්
කෝච්චියෙ හදිස්සියෙ හම්බවුණු
ඇස් අගින් යාළුවුණු
ඒ රුවට ඇබ්බැහිවෙලා
වයස් සීමා ඉර පැන්න
අපි ටිකෙන් ටික ළංවෙච්ච
වැහිකෝඩ අදුරු හැන්දෑවක
කුඬේයට ස්ටේෂමේ තනිවෙච්ච
දෙතොළගින් ජීවිතේ රහබලා
ආයෙමත් වෙන්වෙච්ච
හදිස්සියෙ සැරින් සැරේ
රස්සාවට ලෙඩ නිවාඩු වැටුණු
ලෙඩ හොදකරගන්න අපි
ලෝකයෙන් හුදකලාවක් හොයන් ගිය
යන්නෙ කොහෙද දන් නැති
යන්න දිහාවකුත් නැති
තහනම් පේ‍්‍රමයත් අරන්
හෙටත් අපි කෝච්චියෙ හම්බෙන

(රිවිහාර පින්නදුව)

1 comment:

  1. දුම්රියේ හමුවන අසම්මත ප්‍රේමයක් ගැන ? හොඳ නිසඳැසක්

    ReplyDelete