Thursday, June 4, 2015

වීරය නුඹයි අදටත් පුරවරට........


වීරය නුඹයි අදටත් පුරවරට........


රීඩ් මාවත අද හරි පාලුයි
පුරවර බිම ළග හදවත
හරි බරයි
කළ ගුණ නොදත් අපි ගැන
සිත දොස් කියයි
සමාවෙන්න අයියේ මා අසරණයි

කිසිදා නොදුටු අප හට ආදරය කෙරෑ
ප්‍රේමයේ මුල් පොත විය පුරවරට
නිවටුන් රජයනා ලොව දීන
වීරය නුඹයි අදටත් පුරවරට

අයුක්තියට එරෙහිව නැගි අසිපතය
ඝනදුරැ මග දැල්වූ ගිණි සිළුව
කලා පීඨයේ ලෙලදුන් රතු ධජය
රෝහණ අයිය නැති අද පාලුයි සරසවිය

ඔහු වැනි යෝධයින් බිහිකළ
පුරවර අම්මෙ නුඹේ කුසින්
අපි වැනි කුහුඹුවන්
කුමටද පුරවරට

නුඹ ගිය මග සුවදයි 
තවමත් සරසවියේ
ඒ මග යන්න දිරිගමු
අපි අද දිනයේ
වෙර බල සිදී ඇද වැටෙනා කළ
සටන් බිමේ
රහසින් ඇවිත් පවසනු
නැගිටපන් පුතේ......

( රිවිහාර පින්නදුව )
( කොළඹ විශ්වවිදයාලය )
(2013.06.21)

( නිදහස් අධ‍යාපනයත් අධයාපනයේ නිදහසත් වෙනුවෙන්වූ සටනේදී 1984 ජූනි 21 දින තමන් නොදන්නා පරපුරක අධ‍යාපන අයිතිය වෙනුවෙන් මරණයේ මග තෝරාගත් ආදරණීය රෝහණ රත්නායක සහෝදරයාගේ අසීමාන්තික ප්‍රේමයත් වීරත්වයත් අමතක කරණ ලද හා අමතක කරවන ලද වත්මන් පරම්පරාවට සිහිකර දෙනු වස්........ )

https://www.facebook.com/photo.php?fbid=488474044562684&set=pb.100002002790094.-2207520000.1433470591.&type=3&theater 

1 comment:

  1. ප්‍රචාරකවාදී නොවන වීරයින් අමතක වී යාම ඛේදයකි

    ReplyDelete