Sunday, March 8, 2015

මේක අරුම ටවුමක්..............



මේක අරුම ටවුමක්..............


අද පෝය
හැමදාම සිල් ගන්න නගරයක
උවැසි උවැසියෝ
අපි ඔක්කොම
නෙක වර්ණ සළුපිළි
සයුරත් පහුකරන් මෙහි ආව
අවන්හල් රසබර
රැටත් මෙහෙට ඉර පායනව
ඉතිං කළුවරක් නෑ අපිට
අයිසිං තවරපු නගරයක
මදය මොනතරම් තිත්තද
දුම් රොටු සුළගෙ නැළවෙන
බොපත් සිසිළ සෙවණ යට
ගෑණු ඇගවල් විකිණෙන
කාසි කොට ශිල්ප උරයකට
ගන්නට ආව මානවක රැළ
විඩා නිවනා නවාතැන්
පැයට හත්සියයට රත්වෙන
මංගල රැයක කදුළු බොන
ලේ බිංදු කොහෙන් පෙන්නම්ද
මග වැරදෙනා ජීවිත
පාර සොයාගෙන ඇවිදින්
තව තවත් පැටලෙන
අතරමං වී ලතවෙන
කොච්චර දැගළුවත්
ජීවිතේ සිල්ලරටම ඉල්ලන
ඉරි ගසා කියන්නට
මායිම් කොහෙද දිවියක
කවුද කාටද රැවටෙන
දන්න නොදන්න හීනෙක
ආතුරවු රෝගීන් ගැවසෙන
නගරයක් මැද
එළාගෙන ඉටි කොළයක්
කියමින් අදෝනා
හිගන්නට හිතයි මට
හදවතක් දෙන්න මට හදවතක්
මේක අරුම ටවුමක්
මස් කඩ වහපු
අද පෝය....................

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=797361867007232&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

2 comments:

  1. "කොච්චර දැගළුවත්
    ජීවිතේ සිල්ලරටම ඉල්ලන"
    පට්ට මචං...

    ReplyDelete