Friday, February 27, 2015

මේ කදුළු ලස්සනද...................?



මේ කදුළු ලස්සනද...................?


බදාගෙන දියණිය
අඩනකොට ශෂී
කොචරනම් උනත්
දුක නැද්ද අපිට
වෙහෙර දෙව්කොට ඈව
නටන රංගන දකිනකොට
ලාබෙට කොත්තමල්ලි 
බොන්නට හිතයි මට
මතකයන් දුරගිය
කූගන්ගෙ පොඩි දූත්
අප්පව හොය හොයා
අඩනවා ඇතිනේද
පෙරදාක මහත්_රු
එකතුවී කදුළු විකුණුව
හිරගෙදර බිත්ති පෙගෙනව ඇතිනේද
විභූෂිකා නාඩන්න
තල් අරණෙ ගිණිඅව්වට
කොච්චර දුවලගෙ කදුළු
වාෂ්ප වෙනව ඇත්ද
ලෝකෙට හොරෙන් නොදැනීම
පොල්රුප්පාවෙ වධකබිම් මත
පෙරදාක ඇද‍වැටුණු
ස්තී‍්‍ර කදුළැලි එකතු කළානම්
කදුළු ගංවතුර ගලාවි
බටලන්ද එළියකන්ද යටකරන්
වැජ‍ෙඔනා තුරු ගහලයන්
මන්දිරවල ඊයෙත් අදත්
දෝණි කදුළක්වත්
වටින් නෑ උඔලගෙනම්
හිත්වල තැළුණු පොඩිවුන තැන්
මත තවරන්න වේදනා නාශක
හැබෑ උත්තර අපි
දෙන්නෙ කවදද උඔලට
ආයෙ ආයෙත් හිතෙනව මට
මේ කදුළු ලස්සනද
මහතුනි එතකොට
අර කදුළු කාගෙද
ඇයි ඒව කැතද?

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=793910977352321&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )

4 comments:

  1. අැත්ත ඔ්කයි රවිහාර..... අපිට දැනෙද්දි විතරයි අපිට රිදෙන්නේ.. අපි රිද්දන කොටත් මෙහෙමම වෙන්න අැති කියලාවත් හිතන්න ඔලුවක් නැති හරක්

    ReplyDelete
    Replies
    1. තමන්ට වගේම අනිකාටත් වේදනාවන් දැනෙනව කියල තේරුම් ගන් නැති එක

      Delete
  2. වල්ලාපට්ට...නියමයි රිවිහාර අයියෙ..

    ReplyDelete