Tuesday, February 3, 2015

සිරකූඩුවක නිදහසක්...................



සිරකූඩුවක නිදහසක්...................


මන් සොයන නිදහසක
අකුරැ අද ඇදවෙලා
ජාතික කොඩි වැනුව අතීතෙක
මතකයන් සිරවෙලා
සිරකූඩුවක නිදහසක්
සමරන්නෙ කුමකටද
මන් මගෙන් අහනවා
මා තුළම යදම් ලූ
වධකාගාරයට 
මා කෙළස නම්දෙම්ද
ජාතික නිදහස කියා
මා ඉන්නෙ සිරගෙයක බව
හිතන්නටවත් නිදහසක් නැති
මිනිස් පඹයින් බෝවෙලා
ඉතින් මේ යදම් බිදළා
මිනිසත්කමේ නිදහසක්
සොයා යන මිනිසුනේ
නුඹලායි මගෙ ධජය
ළෙලදෙන හදවතේ..............

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=595517837191637&set=pb.100002002790094.-2207520000.1423026146.&type=3&theater )

1 comment:

  1. නිදහස සෙවූ බහුතරයක් නිදහස අහිමි හිරබත් කෑවා.....................

    ReplyDelete