Thursday, May 18, 2017

සක්මනින් වඩිනට බැරි නිසා

සක්මනින් වඩිනට බැරි නිසා


සිවුර ඇතුළින් කකියනා ලේ
බවුන් වඩනට නොවේ
අරගල බිමට වඩිනට
ඉතිං ඉල්ලයි කෑ ගසා
සිහින ඇහැරෙන කණිසමේ අද
සැගවිලා ඉන්න හැටියක් නැතිවෙලා
අකුරු වළදන රුපුන් එනකොට
සක්මනින් වඩිනට බැරි නිසා
දිව ගියා මා පෙරමුණට
කෙලෙස වන්නද පමා
ජල ප‍්‍රහාර කදුළු ගෑස් මැද
ශාන්තිවාදී බණ කෙලෙස දෙසන්නද මං
උගුර ලේ රහ කරන්
මොර දුනෙමි සටන් පාඨ
රතන සූත‍්‍රය එය යැයි සිතා
දන් දුන්නම මල් පිදුවම
විතරමද පිනක් වෙන්නෙ
විකුණනා හෝඩි පොත
රකින අරගල බිමත්
පිං බිමක්ය මට
බෝ මළුව සේ අද
සිත නිවා සනහනා

(රිවිහාර පින්නදුව)


Monday, May 15, 2017

අකුරු අඩුවෙයි හෝඩි පොත්වල

අකුරු අඩුවෙයි හෝඩි පොත්වල


ඉතිං හරියනවද
වෙනුරල ති‍්‍රමාලව
හිරකරල තිබ්බහම පිළිමෙක
යුනියන් එකේ පිංතූර වල
තවත් අපි බලන් උන්නොත්
අකුරු අඩුවෙයි හෝඩි පොත්වල
බන්දේසිවල තියල
ගෙන ආවෙ කවුරුන්ද කවදද
නුඹට මට හිමි ලෝකය
දිනාගන්නට ඒ ලොව
කදුළු දහඩිය මත
සිතුවම් කරපු සිතුවමකි
රුධිරයෙන් අතීතෙක
මැක්ඩොනල්ඞ් කේ එෆ් සී
බ්‍රෙඞ් ටෝක් ෆැබ් එකත් පරාදයි
කැම්පස් කැන්ටිමේ
සීනිත් නැති තේ කොළත් නැති
ප්ලේන්ටි වල හයිය
කහ පාට වතුර වල
පරිප්පු ඇට හොයන
බත් එකකින් ලැබෙනවද
අධිබලැති ප්‍රෝටීන
කදුළු ගෑස් කාගෙන
බැරියර් පෙරළන්න
මම තනියෙන් ගොඩයමි ගච්ඡාමි
සිල් පදය පස් පාරක් කියල
පන්සිල් ගන්න ලෝකෙක
උත්තර හොයන එක එකට
ඒකත් ජයක් ලේසි නැති
ඉතිං වෙනුරලව නිදහස් කරන්න
ඔයත් එන්න අරගල බිමට
වෙනස් කරන්න බැහැ කියන ගොඩක් දේවල්
වෙනස් කරන්න පුලූවන් කියල
එහෙම හිතන්නවත් අකමැති
කොළඹ පාරවල් වල කෑගහන්න

(රිවිහාර පින්නදුව)

Sunday, May 7, 2017

මතකයන් පෙම්බරිය සමගින්

මතකයන් පෙම්බරිය සමගින්


ඉතිං මේ රෑ මැදියම
සිතිවිලි හෙමි හෙමින් ඇවිදින්
අතීතෙක තැනින් තැන කොනිත්තන
ජීවිතේ අරුමයකි
ඒ අරුම විදින්නෙමි
දුක් කදුළු තුටු සිනා
තැවරිලා ඇති මගට
ජීවිතය යැයි නම් දෙන්න
දවසෙ නිහඩම නිමේෂෙක
කොහේදෝ සැගව සිට
නැගිට මා වෙත ඇදෙන
මතකයන් පෙම්බරිය සමගින්
ඉතිං මා රමණයේ යෙදෙන
වචනයට හකුලන්න බැරි
හැගීමකින් ගැබ්ගෙන
ආයෙමත් උදෑසන ගබ්සා වෙන
මිදුලට පැන හිස හැරුන අත
තරු එළිය යට දුවන්න
ඇයව සොයන් ගොස්
හතිවැටෙන තුරු හාදු දෙන්නට
හොස්ටල් වල මේ වෙලාවෙත්
ඇහැරන් ඉන්න
සහෝදරවරු එක්ක ගිහින්
අරලියගහ මන්දිරේ තාප්පෙ
පෝස්ටර් අලවන්න
හිතෙන්නේ මට විතරද
විභාගෙන් බුදු බව පතා
සටහන් මත අනිමිසලෝචනයෙ යෙදෙමින්
නීරස වචන කටපාඩම් කරණකොට

(රිවිහාර පින්නදුව)



Tuesday, May 2, 2017

උන් මැරිල කියල එයාලට කියන්න

උන් මැරිල කියල එයාලට කියන්න


මට ඇහෙනවා හඩක් ඉකිබිදින
ඒත් ඉකිබිදින කිසිවෙක් නැති
වේදනා සුසුම් පමණක්ම ඉතිරි
හාල් මිල වැඩිවෙලා
බත් කන්න බැරිවෙද්දි
එහෙම රටක මිනිස් ජීවිත
මොන තරම් ලාභද
මතකයන් කප්පරක් දරාගත් පොළවක්
අපෙන් අහනව කවුද මේ මිනිසුන්
ඒත් අපි දන්නෙ කොහොමද
උන්ට කළියෙන් අපි මැරුණනෙ
ඉතිං උන්ට  ඕනෙවුණා
මේ ගැබ පලාගෙන ඉපදෙන්න
ඒත් අපි ලෑස්තිවුණේ නැහැ
හුස්ම ගන්න ජීවිතයකට
ඉපදෙන්න හදපු හැමෝම මැරුණ
නැත්තන් එහෙම අය හිටියෙ නැතිවුණා
අඩුම ගාණෙ මට කියන්න
උන්ව වැළලූව තැන
රතු මලක් තියල පස් පිඩලිමත
මදකට අතීතෙක මතකයන් ළග නවතින්න
උන්ව සිහි කරල සැරෙන් සැරේ අඩන
ලෙන්ගතු හිත්වලට
එකපාර අඩල ඉවරවෙන්න
උන් මැරිල කියල
එයාලට කියන්න

(රිවිහාර පින්නදුව)


Tuesday, April 11, 2017

මකරු දඩයමේ යන්නෙ කොහොමද

මකරු දඩයමේ යන්නෙ කොහොමද


අයවැයක් ගෙනල්ලා
බෙහෙත් මිළ අඩුකළා
ඔඪ එකෙනුත් කියනවා
රැුවටෙන්න එපාලූ බොරු කතාවලට
ඉතිං මං කියනවා
රැුවටෙන්න එපා මගේ මේ කතාවට
පාර්ලිමේන්තු වටරවුමෙ හැප්පිලා
පෙන්ෂන් එක දැඩිසත්කාර ඒකකේ
ඔළුවෙ කැක්කුමේ බිල දැකල
හදවත කැක්කුම් දෙන සද
කළු ලෑල්ලෙ අකුරු ලියන්න බෑලූ
හුණු කූරු ඉවරවෙලා
ප‍්‍රපාතෙට බස් එක හරවද්දි
අපි කොන්දගෙන්
ඉතුරු සල්ලි ඉල්ලූව
හොරු සමග හුරතල්
තවත් දහසක් නෙක හැඩයෙ කුණු හරුප
ඔතා සීරුවට පදමට
ගැහුව අපි සූස්ති
පොළව ගිණි ගද්දි
හදට වෙලා හා බෙටි අහුලන්න
ගල් ගැහුණු මිනිසුනේ අපි
මකරු දඩයමේ යන්නෙ කොහොමද
හික් මීයො පිට නැගී
මල්ටි බැරල් ගහන්න  ඕනෙ පොළවකට
අපි ගිහින් පතතුකළා රතිඥ්ඥා

(රිවිහාර පින්නදුව)

Monday, March 6, 2017

පිසාච නගරය

පිසාච නගරය


අකාලේ ඇදහැලූනු වැස්සෙන් පාර තෙමිල කාණු උතුරපු තැන්වලින් එන වතුර පාර දිගේ ගලනව. වැහි අනධකාරයට හැන්දෑ අදුර එකතුවෙලා හුළං පොදක් නැති ගුප්ත නිහඩකමත් එක්ක හිතට ගේන්නෙ අසහනයක්. වෙනදට සතියට සැරයක් හම්බෙන්න ආවම සතියක් තිස්සෙ එකතු කරගත්ත දේවල් ඔක්කොම වමාරන ඇයත් අද නිහඩවෙලා. මගෙ අතේ එල්ලිලා නොඉන්න ඇය ඉන්නවද කියලවත් හොයන්න බැහැ. එයාටත් මොනව හරි දැනෙනව වෙන්න ඇති. කලකට පෙර උද්යෝගයෙන් පිරි නගරයක් උනත් අද දැනෙන්නෙ කනත්තක් මැදින් ඇවිදන් යනව වගේ හැගීමක්. සැරෙන් සැරේ පාරෙ හමුවෙන හැම මිනිහෙක් දිහාම අපි බැලූවෙත් අපි දිහා ඒ අය බැලූවෙත් හරිම සැකයකින්. භිය, අවිශ්වාසය, බලාපොරොත්තු විරහිත බව ඒ ඇස්වල පිරිල තිබුණ. අපේ ඇස්වලින් ඒ අය දකින්න ඇත්තෙත් ඒකම වෙන්න ඇති.  වාතයේ සීතළ කලකට කළින් අපිට ආස්වාදයක් ගෙනාවත් දැන් දැනෙන්නෙ ඇටමිදුළු පවා කකියන වේදනාවක්. සිහිනයක් වගේ දැනෙන අතීතය දිහාවට මතකයන් හෙමි හෙමින් ඇවිදගෙන ගියා.
වාතයේ උණුසුම එන්න එන්නම වැඩිවෙන්න ගත්ත හින්ද හැමෝටම  ඕනෙවුණා පොඞ්ඩක් සීතළට සනීපෙට ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඒකට උත්තරයක් විදිහටයි වාතය සීතළ කරන්න රසායන ද්‍රව්‍ය වාතයට එකතු කරන්න තීරණයක් ගන්නෙ. එහෙන් මෙහෙන් සමහරු මේකෙන් ඉස්සරහට වෙන්න පුළුවන් අනතුරු ගැන කෑ ගගහ කියන්න ගත්තට වාතයේ උණුසුමෙන් හෙම්බත්වෙලා උන්නු මිනිස්සු ඒ කතා ගණන් ගත්තෙ නැහැ. හැමෝම හිතුවෙ මේක නියම තීරණයක් කියල. වාතය සිසිල් වෙන්න ගත්තත් ඒකත් එක්ක කළින් මේකට විරුද්ධව කතා කර කර හිටපු ගොඩක් අයත් ඒ කතාවල් නවත්තල මේ සිසිල විදින්න ගත්ත. හැම තැනම අනිත් නගර වලත් මේ විදිහට වාතය සිසිල් කරන්න ගත්ත හින්ද එහෙම නොකර ඉදීමක් ගැන විශ්වාසයක් නැතිවෙලා ගියා. කොටින්ම මේ විදිහට වාතය සිසිල් වෙන එක අනිවාර්ය දෙයක් කියල අපි හිතුව. ඒත් කාලයක් යද්දි ඒ සීතළත් එක්කම ජීවිතේ තව තවත් වෙහෙසකර වෙන්න ගත්ත. වාතය ස්වසනය කරන්න බැරි තරම් වෙන්න ගත්ත. හැම හුස්මක් ගාණෙම ශරීරයට වේදනාවන් ගෙනෙන්න ගත්ත. මිනිස්සු ඒ වේදනාවට උත්තර හෙව්ව හැමතැනම. අන්තිමට එක භයානක සොයාගැනීමක් වෙනව. ඒ තමයි මේ වේදනාවෙන් මිදෙන්න මනුස්සයෙක් විදිහට බෑ කියන එක. ඒ එක්කම මතුවෙන කාරණය එහෙනම් මනුස්ස ජීවිතයෙන් ඈත් වෙලා මේ වේදනාවෙන් මිදෙන්න පුලූවන් කියන කාරණය. මේ ඛේදවාචකය පටන් ගන්නෙ එතනින්.
එක දවසක් අභිරහස් විදිහට මරා දැමුණු මිනිහෙක් ගැන ප‍්‍රවෘත්තියක් වාර්තාවුණා. විශේෂත්වයවුණේ ඒ මනුස්සයගෙ ශරීරයේ ලේ අසාමාන්‍ය විදිහට අඩුවෙලා තිබුණ එක. බෙල්ලෙ තිබුණ සපාකෑමක් වගේ තුවාලෙකින් ලේ පිට වෙන්න ඇති කියල හිතුවත් ඒ මළසිරුර හම්බුණ තැන ඒ තරම් ලේ සළකුණු තිබුනෙ නැති හින්ද වෙන කොහොදි හරි මරල දාල පස්සෙ එතන්ට ගෙනත් දාන්න ඇති කියල හිතුව. කොහොම හරි මිනිස්සු වැඩිය ඒ ගැන හිතන්න ගියෙ නැහැ. ඒත් ටික දවසක් යද්දි තැන තැන ඒ විදිහට මැරිච්ච මිනිස්සු හම්බෙන්න ගන්නවත් එක්කම හැමෝම ඒ ගැන කතා වෙන්න ගත්ත. සමාජය බය කෙරුව අභිරහසක් හැම මිනිහෙක්ගෙම හිතට තැතිගැන්මනක් ගේන්න ගත්ත. ඔය අතර දවසින් දවස හම්බෙන ඒ වගේ මළසිරුරු ගාණ වැඩි වෙන්න ගත්ත. ඒ එක්කම මේ ඝාතනයන්ට සම්බන්ධ අය එහෙන් මෙහෙන් අත්අඩංගුවට ගන්නගත්ත. ඒ ඝාතනයන් ගැන ප‍්‍රශ්න කරද්දි ඒ මිනිස්සු ආයෙ ආයෙ පුනරුච්චාරණය කරපු හේතුව තමයි ගැළවීම.... ගැළවීම.... කියන කාරණය. මොකෙන්ද මේ ගැළවෙන්න හදන්නෙ කියන ප‍්‍රශ්නය අපිට තිබුණෙ ටික දවසයි. වාතයේ සිසිල් බවින් ගෙනෙන වේදනාවෙන් මිනිසෙකුගෙ උණුසුම් රුධිරය බීමෙන් මිදෙන්න පුලූවන් කියන කාරණය කවුරුන් හරි සොයාගෙන. මිනිසුන් දසදෙනෙක්ගෙ රුධිරය බිව්වොත් ඒ වේදනාවෙන් සදාකාලිකව මිදෙන්න පුලූවන් වෙනවලූ. ඇත්තටම එතනදි වෙන්න මොකක් හරි ලෙඩක් හොදවෙනව වගේ දෙයක් නෙමෙයි ඇත්තටම ඒ රෝගයට බිලිවෙලා රෝගයේ වේදනාවෙන් මිදෙනව වගේ දෙයක්. ඒ විදිහට මිනිසුන්ගෙ උණුසුම් රුධිරය පානය කිරීමෙන් වේදනාවෙන් මිදෙනව කියන එකෙන් අදහස් වෙන්නෙ ඒ වේදනාවෙන් මනුස්සයෙක් විදිහට මිදෙන්න බැරි හින්ද මනුස්සයව පිසාචයෙක් බවට පත්කරණ එක. ඒ විදිහට පිසාචයො බවට පත්වෙන අයට සිසිල් වාතය ආස්වාසයෙන් වේදනාවක් දැනෙන්නෙ නැහැ.
මුලදි මේක මිනිස්සුන්ට පිළිකුලක් වුණාට පස්සෙ ටික ටික හැමෝම පිසාචයො වෙන්න දගලන්න ගත්ත. සීතළ හින්ද අසනීප වෙලා එන ලෙඞ්ඩුන්ගෙ ලේ දොස්තරල උරා බොන්න ගත්ත, පන්සලට දානෙ අරන් එන දායකයන්ගෙ ලේ හාමුදුරුවො බොන්න ගත්ත, පෙම්වතියගෙ ලේ පෙම්වතා බොන්න ගත්ත අන්තිමේ අම්ම තාත්තගෙ ලේ බීල හරි හැමෝම පිසාචයෙක් වෙන්න දැගලූව. කට්ටියක් ඒ විදිහට ගොදුරු වෙලා මැරිල ගියා, තව කට්ටියක් පිසාචයො වුණා, තවත් කට්ටියක් පිසාචයො වෙන්න ලේ හොය හොය ඇවිදින අමනුස්සයො වුණා. අන්තිමට මානව සම්බන්ධකම් දියවෙච්ච යක්ෂයාගේ භූමියක් බවට නගරය පත්වුණා. පිසාචයෙක් නොවී මේ හැම දෙයක්ම දරාගෙන ඒ සීතළට මූණ දෙන එක ඒ තරම් ලේසි දෙයක්වුණේ නැහැ. එහෙම උත්සහ කරපු ගොඩක් අයත් නතරවුණේ අන්තිමේ පිසාචයො වෙලා. හැබැයි පිසාචයෙක් නොවී පිසාචයො අතින් මැරෙන මොහොත වෙනකන් පොර බැදුව මිනිස්සුත් නොහිටියම නෙමෙයි. දැන් මං කවුද? ඇත්ත මං තාම පිසාචයෙක් නෙමෙයි. ඒ වගේම මනුස්සයෙකුත් නෙමෙයි. දහවෙනි බිල්ල හොයන අමනුස්සයෙක්. පේ‍්‍රම සබදතාවයෙ සංවත්සරය දවසෙ ඇවිදින්න යන්න දාගෙන පෙම්වතියගෙ ලේ බොන්න ලෑස්තිවෙච්ච එකෙක් ගාව මනුස්සයෙක් ඉදීවි කියල හිතන්න පුලූවන්ද?
සීතළ එක්ක පොරබදල හෙම්බත් වෙච්ච දවසක රෑ අවසිහියෙන් වගේ මං පළවෙනි ගොදුර හොයාගත්ත පාළු පාරකදි. එතන ඉදන් ජීවිතේ එකම අරමුණ වුණේ පුලූවන් තරම් ඉක්මනට ලේ බොන්න මිනිස්සු දහයක් හොයාගන්න එක. අහළ පහළ ගෙවල්වල අය, නෑදෑයො, යාළුවො මේ හැම කෙනෙක්ම මගේ ගොදුරු අතර වුණා. අද මං මනුස්සයෙක් විදිහට නාමිකව හරි ඉන්න අන්තිම දවස. ඒ දවස්වල දවසක් දෙකක් දැක්කෙ නැතිවුණාම කෑවෙ නෑ වගේ දැනුන, පුලූවන් හැම වෙලේම කෝල් කර කර කටහඩ අහන් උන්නු පෙම්වතියගෙ ලේ උරාබොන්න මං ලෑස්තියි. අපි ඇවිදන් ගිය මාවතේ කෙළවර උද්‍යානයට ඇතුල්වෙලා අපි දෙන්නට පුරුදු බංකුවෙ තනිවුණා. දැන් වෙලාව ඇවිත් පුරුදු විදිහට බංකුවෙ තනිවුණාම කරණ ආදරණීය සිපගැනීමට. ඒක ඉවර වෙනවත් එක්කම මගෙ වැඬේ කරගන්න  ඕනෙ. මේ වගේ වෙලාවක් ආයෙ ලැබෙන් නැහැ. සිප ගැනීම අවසන තව සිප ගැනීමක් ඇරඹුනා එකකට එකක් පසු පස වැළද ගැනීම් හා සිප ගැනීම් ගලාගෙන ගියා. පුදුමයක් මට සීතල මැදින් උණුසුමක් සිරුර පුරා දුවනව දැනුන. 
අන්ධකාර සන්ධ්‍යාවක් අවසන රාති‍්‍රය උදාවෙමින් තියෙනව. නමුත් ඒ අන්ධකාරය මැදින් පෙරදිගින් සද නැගී නගරය ආලෝකමත් කරණව. කිසිවෙකු අන්ධකාරය සමග එළියට නොබසිනා සමයක තරුණයෙක් හා තරුණියක් අත්වැල් බැද සිනා සලමින් මාවත දිගේ ඇවිදයන් යනව අපිට පෙනෙනව. හොදින් බැලූවොත් ඒ දෙන්න විතරක් නෙමෙයි සෙවණැලි අතර සැගවෙමින් තවත් ගොඩක් දෙනෙක් ඒ මාවතේ ඇවිදන් යනව පෙනේවි. මාවතේ තාප්ප මත රහසින් ඇළවුණු පෝස්ටරයක තියෙනව ”පිසාචයො පරදවමු”. මේ නගරයේ ඉතිහාසය ගැන අනාගතයෙදි ලියැවෙන කෘතියක ලේඛකය අනිවාර්යයෙන්ම ලියාවි අන්ධකාරම හැන්දෑවක ආලෝකමත් අරුණෝදයක් ගැන විශ්වාසය අත්නොහැරි මිනිසුන් ටිකක් ගැන කතාවක්.

(රිවිහාර පින්නදුව)

Tuesday, February 28, 2017

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

පිස්සු කෙළපු ති‍්‍රමාලා හා වැඬේ ගොඩ දාගත්තු ධම්මිකලාගේ කතා වස්තුව

කාලෙක ඉදන් ලියන්න කියල හිතන් උන්නු කතාවක් මේ විදිහට ලියන්න හිතුවෙ පහුගිය දවසක සගයෙක් බුකියෙ පළවෙලා තිබුණ ති‍්‍රමා හා ධම්මික පෙරේරා අතර යම් සන්සන්දනයක ස්වරූපයේ අදහස් දැක්වීමක් මගේ අවධානයට යොමුකිරීමත් එක්කයි. ඇත්තටම ඒ සටහනේ තියෙන කරුණු සාමාන්‍යයෙන් පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදයේදී එක්තරා සමාජ ස්ථරයක් වෙතින් බහුලව පැවසෙන අදහස්. නමුත් ඒ ලේඛනයට ආකර්ෂණයක් ගෙනෙන්නෙ එය ධම්මික පෙරේරා හා පද්මසිරි තී‍්‍රමාවිතාන අතර කෙරෙන සංසන්දනය නම් අලංකරණය එයට එකතුවීමත් සමගයි. මේ ලිවීමට එය පදනම් කරගන්නෙ එහි ලියුම්කරු සමග තියෙන තරහක් හින්ද නෙමෙයි. එමගින් ඒ අදහස් නිශ්චිතව පෙළගස්වා ගන්න තියෙන පහසුව හින්දයි.
මෙහි පළවෙනි කාරණය පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් මිනිස්සු ඉගෙනගෙන රස්සා කරල ජීවිතේ ගොඩදාගන්නව රටටත් සේවයක් කරණව ඉතිං ඇයි ඒ මිනිස්සු ඉගෙනගත්තම තියෙන වැරැද්ද කියන කාරණය. ඒ එක්කම ති‍්‍රමාලගෙ අරගල වගේ දේවල් නොතිබෙන්න පුද්ගලික අධ්‍යාපන අවස්ථා පුළුල් වෙලා තවත් ගොඩක් දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාගන්න තිබුණ වගේම ඒ හරහා රටට අවශ්‍යය වෘත්තිකයන් ගොඩක් බිහිකරගන්න තිබුණ කියන අදහස. නිකන් කියවන් යද්දි හිතෙනව ඇත්තනෙ කියල. මෙතනදි මං අධ්‍යාපන අර්බුදය කියන චිත‍්‍රයෙ තවත් කොටසක් දිහාට අවධානය අරන් යනව. පහුගිය කාලය ඇතුළෙ අපිට අහන්න ලැබෙනව ඉස්කෝලෙ යන්න සපත්තු නැතුව එල්ලිලා මැරුණ ළමයෙක් ගැන, ඉස්කෝලෙ තීන්ත ගාන්න පොල් හොරකම් කරන්න වෙච්ච ළමයෙක් ගැන, ගෙදට්ට හොරෙන් ඉස්කෝලෙ ඇරිල ඇවිත් අහළ පහල පිරිමි එක්ක ලිංගික ශ‍්‍රමික වෘත්තියෙ යෙදිල සල්ලි හොයාගත්ත ළමයෙක් ගැන, අළුත් පාසල් වාරයට පොත් අරන් දෙන්න සල්ලි නැතුව නිල්වලා ගගට පැන්න අම්ම කෙනෙක් ගැන මේ විදිහට දවස ගාණෙ මේ වගේ සිදුවීම් ගැන අපිට අහන්න ලැබෙනව. ආණ්ඩුව කියන විදිහට ගත්තත් පහුගිය කාල සීමාව තුළ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමයින් පනස් දහසකට වැඩියෙන් පාසල් හැර ගිහින් තියෙනව. මහත්වරුනි මේ උසස් අධ්‍යාපනය නෙමෙයි නාමිකව හෝ නිදහස් අධ්‍යාපනය තියෙන රටක මූලික අධ්‍යාපනයට අදාල ඛේදවාචකයයි. දැන් උසස් අධය්‍යාපනයේ පටන් මේ විදිහට පිළිකාවක් වගේ පැතිරිලා තියෙන අධ්‍යාපනයේ අර්බුදයට පිළියම මොකක්ද? මෙතනදි ජනපි‍්‍රය තර්කය පුද්ගලික අධ්‍යාපනය යන්නයි. නමුත් අධ්‍යාපනයේ අර්බුදයේ වැඩිම පීඩාවට පත්වෙච්ච නැතිනම් මේ අර්බුදයෙන් අධ්‍යාපන අයිතිය දරුණු ලෙසම උල්ලංඝනය වුණ සමාජ කණ්ඩායම් වෙත හැරුනොත් ඒ කිසිවෙක්ට පුද්ගලික අධ්‍යාපනය විසදුම්ක් නෙමෙයි. එහෙනම් රනිල්ල පාගමන් ගිය විදිහට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම වගේ කි‍්‍රයාමාර්ග හරහා මූලික අධ්‍යාපනයේ සිට අධ්‍යාපන අවස්ථා පුලූල් කොට අධ්‍යාපනය ලැබීම අයිතියක් ලෙසින් තහවුරු කිරීමේ අවශ්‍යයතාවය පවතිනව. මෙතනදි මගේ මූලික තර්කය වෙන්නෙ සමස්ථයක් ලෙසින් ගත්තම අපි මුහුණ දෙන අධ්‍යාපන අවස්ථා අහිමිවීමේ ගැටළුවට අධ්‍යාපනය වෙළදපල ප‍්‍රවණතාවයන්ට නිරාවරණය කිරීමෙන් උත්තර ලැබෙන් නැහැ කියන කාරණයයි.
ඒ එක්කම නැගෙන තර්කය අධ්‍යාපන අවස්ථා අහිමිවීමට සමස්ථයක් ලෙස පුද්ගලික අධ්‍යාපනයෙන් විසදුමක් ලැබුන් නැතිවුණාට යම් පිරිසකට හරි ඒකෙන් ඉඩක් ලැබෙනව, ඇයි ඒකට විරුද්ධ වෙන්නෙ කියන කාරණය. ඒ තර්කයටම එකතුවෙනව පුද්ගලික අධ්‍යාපනය තිබුණට රාජ්‍යය අධ්‍යාපනයට හානියක් වෙන්නෑ කියන මතය. මෙතනදි කියන්න වෙන්නෙ ධම්මික පෙරේරල බබාලා නෙමෙයි කියලයි. මොකද යමක් වෙළද පලට විවෘත කළාට පස්සෙ ඒක එක තැන පල්වෙන්න දෙන්න විදිහක් නෑ ඒකට පැතිරෙන්න වෙනව ඒකෙ අනිවාර්ය තත්වයක් වෙන්නෙ රාජ්‍ය ව්‍යවසායන් යටතෙ නැත්තන් ලාභ අරමුණු කරනොගත් ආයතන යටතේ තියෙන අවකාශයන් අත්පත්කර ගන්න වෙනව. පුද්ගලික රෝහල් හා සෞඛ්‍ය වෙළද පල දිහා බැලූවොත් මේක පැහැදිලි වෙනව. මුලින් සල්ලි තියෙන යම් පිරිසකගෙ තෝරා ගැනීමක් වෙච්ච ඒක අද වෙද්දි සල්ලි තිබුණත් නැතත් ගෙවල් දොරවල් උගස් කරල හරි විවිධ පරීක්ෂණ ආදියට පුද්ගලික ආයතන වෙත යන්න වෙන එක අනිවාර්ය කාරණයක් වෙලා. ඒකෙ සමාජ යථාර්තය මොන තරම් අමිහිරිද කියන එක බස් එකක කෝච්චියක ගියහම වෛද්‍ය සහතික උස්සගෙන බෙහෙත් ගන්න සල්ලි හිගාකන මිනිස්සු ගාණෙන් පැහැදිලි වෙනව. ඒ හින්ද වෙළදපල අහිංසක පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් කරන් ඉන්න එකක් නෙමෙයි. පුද්ගලික පාසල් ප‍්‍රවණතාවය හින්ද රජයේ පාසල් ස්වාභාවික මරණයන් කරා ගමන් කරමිකන් තිබෙන ආකාරය, ටියුෂන් වැනි වෙළදපල ස්වාභාවයන් හින්ද උසස් අධ්‍යාපන අවස්ථාවන් වැනි කුසලතාව මත තීරණය වන කාරණන්ගේ සමාන ප‍්‍රවේශය අහිමිවී ඇති අකාරය වගේ අධ්‍යාපනයට අදාල උදාහරණයන්ගන්ද මේ කාරණයට අදාල ඉගි දැනටමත් පළවෙමින් තියෙනව. රාජ්‍ය අධ්‍යාපනයෙන් අවම ආවරණයක් වෙන සමහර ක්ෂේත‍්‍ර ඇතුළෙ තවම ඊට අදාල වෙළදපල සම්පූර්ණයෙන් ග‍්‍රහණය කරගන්න ව්‍යාප්ත වෙන්න බැරිවෙලා තියෙන තත්වයන් ඇතුළෙ අපිට අධ්‍යාපනය වෙළද පලට විවෘත කරණ එක අවුලක් නෑ වගේ හිතුනට එතන ඉදිරියෙදි ඛේදවාචකයක් වෙන්න නියමිත අවුලක් තියෙනව.
ගෑණු ළමයෙක් ඉන්නව, එයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි. හැබැයි මුහුණ විරූපියි. දැන් මං එයාගෙ ලස්සන ඇස් දෙකට ආසවෙලා එයාව කසාද බදිනවනම් ලස්සන ඇස්දෙක එක්ක විතරක් විවාහ වෙන්න බැහැනෙ විරූපී මුහුණත් ඒ එක්කම එනව. ඒ වගේ තමයි, අධ්‍යාපන අවස්ථා සීමිතවීම නිසා පීඩාවට පත්වෙන සමහර කෙනෙක්ට පෞද්ගලික අධ්‍යාපනය නිසා අස්වැසිල්ලක් නැත්නම් ජීවිතේ ගොඩදාගන්න පාරක් හැදෙනව වෙන්න පුලූවන්. ඒත් ඒක මත පදනම් වෙලා ඒ වෙළදපල කි‍්‍රයාවලියම සුජාතකරණය කරන්න බැහැ. ඒකෙන් කියවෙන් නැහැ ඒ හරහා අධ්‍යාපන අවස්ථාවන් ලබාගන්න අයට අධ්‍යාපන අවස්ථා අහිමි වෙන්න  ඕනෙ කියල. කියන්න තියෙන්නෙ ඒ ප‍්‍රශ්නෙට උත්තරය  ඕක නෙමෙයි. හිට්ලර්ගෙ පාලන කාලෙ සිරිපාල කියල සුද්දෙක් ජර්මනියෙ හිටිය. රැුකියා අවස්ථා අහිමිකමින් සිරිපාල ගොඩක් පීඩා වින්ද. ඔය අතර හිට්ලර්ගෙ වධකාගාරයක මරණ යුදෙව්වන්ව වළදාන්න සිරිපාල ඇතුළු පිරිසකට රැුකියාව ලැබෙනව. දැන් සිරිපාලලට රස්සාවක් ලැබෙන එක අවුල්ද? නෑ ඒක නියමයි. ඒත් එහෙමයි කියල හිට්ලර්ට වධකාගාර හදන්න ඉඩදෙන්න  ඕනෙද? සිරිපාලලට රස්සා ලැබෙනව කියන කාරණට දිහා විතරක් බලල හිට්ලර්ගෙ පාලනය ගැන තීරණයක් ගන්න එක හරිද? සිරිපාලලට රස්සා ලැබිය යුතුයි ඒත් ඒ හිට්ලර්ගෙ වධකාගාර හරහා නෙමෙයි.
ඊළග කාරණය කෙටියෙන් කව්වොත් ලංකාවෙ සමාජය ඇතුළෙ වෙළදපලට විරුද්ධ මතවාදයක් තහවුරුවෙලා තියෙනව ඒ හින්ද සයිටම් අහෝසි කරනු කියන කාරණය සමාජගත කරන්න ලේසියි. ති‍්‍රමා හරහා වන ඇගවුම්කාරකය සමාජය තුළ අධිපතිමතය කියන කාරණය. ඒ අදහසට යම් මට්ටමකින් එකගවෙන්න පුලූවන් ලක්ෂණ පැවතුනත් වෙළදපලවාදය සමාජය ඇතුළෙ කිදා බැහැල තියෙන්නෙ. ඒක එහෙම නොවෙන්න සයිටම් වගේ සටනක් උස්සගන්න අන්තරයට මෙච්චර කාලයක් මෙච්චර කට්ටක් කන්න  ඕනෙ වෙන්න නැහැ. පාරවල් ගාණෙ ගුටිකකා ගමින් ගමට මිනිස්සු දැනුවත් කර කර ඉන්න  ඕනෙ වෙන්නෙ නැහැ. අද ඇතිවෙලා තියෙන මේ සංවාද හෝ කතිකාවන් මීට අවුරුදු දෙක තුනකට කළින් මේ විදිහට තිබුණෙ නැහැ. සයිටම් හරහා මතුවෙන සංවාදය වෙළදපල ක‍්‍රමය වෙනුවෙන් පෙනී ඉන්න අයට උනත් ලේසියෙන් මගහැරයා හැකි අනිවාර්ය නොවන කාරණයක්ව පැවතුනේ. නමුත් පසුගිය කාලය පුරාම අතහරින් නැතුව සමාජය වෙත කරපු අඛණ්ඩ බලපෑම ඇතුළෙයි මේ වගේ කතාබහක් පවා ඇතිවෙන්න බලපාන තත්වයන් ගොඩනැගෙන්නෙ.
ඇත්තටම ආගම්වාදී ඇදහීමක් මේ මොහොතේ පවතින්නේ වෙළදපල ක‍්‍රමය සම්බන්ධවයි. අද පවතින් වෙළද සමාජයෙන් එහාට වූ සමාජ පැවැත්මක් නැහැ කියන වෙළදපල සම්බන්ධ අනුරාගී බැතිමත්භාවයකින් වැඩකරණ මිනිසුන්වයි අපි දකින්නෙ. අධ්‍යාපනය අයිතියක් ඒක වෙළදපලට විවෘත කරන්න බැහැ කියල කියද්දි කොහොමද එහෙම කියන්නෙ වගේ අදහසක් එක පාරට නැගෙන්නෙ ඒකයි. මේ සියල්ල කරන්නෙ දෙවියන් වහන්සේ එතනින් එහාට දෙයක් නැහැ වගේ ප‍්‍රශ්න කිරීමකින් තොරවයි මේ ක‍්‍රමය පිළිගන්නෙ වගේම ඊට වඩා වෙනස් ක‍්‍රමයක් ගැන අදහස් ප‍්‍රතික්ෂේප කරන්නෙත්. මේක හොදට කිරල මැන ගන්න පුලූවන් තැනක් තමයි අපි පොඩි ළමයින්ට ලොකු උනහම කවුරු වගේද වෙන්න කියන්නෙ කියන කාරණයෙන්. ඉස්සරම ගමේ ඉස්කෝලෙ මහත්තය, වෙද මහත්තය වගේ චරිත පරමාදර්ශවුණා. එවගෙ සමාජ පිළිගැනීම වගේ කාරණයන් එක්ක ඒ අදාළ පුද්ගලයින්ට ආරෝපණය කරපු යම් යම් මානවීය ගුණයන් තිබුණ. ළමයින්ට බල කෙරුනෙ ඒ වගේ කෙනෙක් වෙන්න. ඒත් අද දොස්තර කෙනෙක් වෙන්න නැත්තන් ඉංජනේරුවෙක් වෙන්න හරි වෙන මොකෙක් හරි වෙන්න හරි කෙරෙන බල කිරීම පිටිපස්සෙ තියෙන්නෙ අදාල වෘත්තිකයන්ට අදාල මානවීය ගුණයන් හරි වෙන මොකක් හරි නෙමෙයි ඒ අය සමාජයෙ අනිත් අයට සාපේක්ෂව වෙළද භාණ්ඩ වැඩියෙන් පරිභෝජනය කරණව. ඉතිං අරය වගේ වෙන්න මෙයා වගේ වෙන්න, එයානම් හරිම සාර්ථක මනුස්සයෙක් මේ වගේ කතා හැම එකක් පිටිපස්සෙම තියෙන්නෙ වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කරණ මිනිහෙක් වෙන්න කියන කාරණය. ඒ අනුව ජීවිතේ සතුට අරමුණ මේ හැමදේම වෙන්නෙ පුළුවන් තරම් වෙළද භාණ්ඩ පරිභෝජනය කරණ එක. පුළුවන් තරම් නැහිල ඉගෙනගන්නව කියල වෘත්තීය සුදුසුකම් හදාගෙන රැුයක් දවාලක් නැතුව නැහිල හම්බකරල පුලූවන් තරම් භාණ්ඩ ගොඩගහගන්න කියන වෙළද පලට අවශ්‍යය මනුෂ්‍යයව හදන කි‍්‍රයාවලියෙන් බැහැරට ඒ ජීවිත වල මොනවද තියෙන්නෙ? නව යොවුන් ගෑණු ළමයෙක්ගෙ තමන්ගෙ අනාගත ස්වාමිපුරුෂයා ගැන තියෙන චිත‍්‍රය ගත්තොත් ඒක සමාන වෙන්නෙ ධම්මික පෙරේරගෙ ස්වරූපයකට මිසක් ගෙවුණු බාට දාන වේලිච්ච තීන්ත පැල්ලම් වලින් අවපැහැවුණු අත් තියෙන ති‍්‍රමාට නෙමෙයි.
වෙළදපල ක‍්‍රමයේ බැතිමතුන්ට කියන්න තියෙන්නෙ ඒ මවන ස්වර්ගය වෙළදපල ක‍්‍රමයේ ශුද්ධවූ භූමීන් තුළ පවා පහුගිය දශකයක පමණ කාලය තුළ ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙන්න අරන් තියෙන්නෙ. අසූව දශකය අග භාගයේ ඔබ විසින් අතුගා දමන ලද වාමාංෂික මිථ්‍යාදෘෂ්ඨික අවතාර වෙනස්වූ ආකෘතීන් හා ස්වරූප සොයමින් මතුවෙන්න අරන් තියෙනව. ඒ නිසා ඉතිහාසයේ ඒ තනි අශ්වයාගේ තරගය එය විසින්ම නිමාකරගනිම්න් ඇත. අන්තිමට ව්‍යතිරේඛ සාමාන්‍යකරණය කිරීම හරහා ඔප්පුවෙන මොකුත් නැහැ. ධම්මික පෙරේරා කියල සාමාන්‍ය මනුෂ්‍යයෙක් මේ වෙළදපල ඇතුළෙ ගේම ගහල සාර්ථකවෙද්දි ඒ එක මනුස්සය පිටිපස්සෙ ඒ ගේම ගහල කෙළ වෙලා වකුගඩුවත් විකුණන්න වුන සෝමදාසල, තමන්ගෙ අකමැත්තෙන් රැුයක් දවාලක් නැතුව තැන තැන එක එක මිනිස්සු එක්ක බුදියන්න වෙච්ච සෝමලතාල සිය දහසක් ඉන්නව කියන යථාර්තය අපිට මගහරින්න බැහැ. ධම්මික පෙරේරලගෙ පැවැත්ම රදාපවතින්නෙ මේ ගේම ෆේල් වෙන සෝමදාසල, සොමලතාල මත. එහෙම නැත්නම් ඒ මවන රූපය අනුව මහන්සිවෙලා පිස්සු කෙළින් නැතුව ගේම ගැහුවොත් මේ රටේ මිලියන 20ටම ධම්මික පෙරේරල වෙන්න පුලූවන් වෙද්දි රටේ ගැරඩින්ට පිහාටු එනවලූ. ඒ කාලෙට අහසෙ ලවක් දෙවක් නැතුව ගැරඩි පියාඹනවලූ. ඇත්තමයි... සත්තයි... නෙවිල් ප‍්‍රනාන්දු පල්ලා...

(රිවිහාර පින්නදුව)