Wednesday, May 13, 2020

ආත්මීයව දැනුණු අනාත්මවූ පේ‍්‍රමය


ආත්මීයව දැනුණු අනාත්මවූ පේ‍්‍රමය


සංසාරෙ දුකක්වුව
මේ නැවතුමෙහි සතුටක් 
ඉතිං එහු සොයන්නැති
අනාත්මවූ පේ‍්‍රමය
ආත්මීයව දැනෙන්නැති
ති‍්‍රපිටකයෙ හංගන්
බොද මීදුම් විදින්නැති
බණ පදත් කොටස්කර විකුණන
ඒ ආනුභාවෙන් මන්දිර තැනෙන
බඩ මහත දායකයන්ට මුල් තැන ලැබෙන
ඒ කළ පිනෙන්
බොධියේ වැට රන් පැහැයට හැරෙන
පන්සලට වඩා ඇගේ පැල
අල්පේඡ්ය බවක් දැනෙන්නැති
පන්සලේ හොදම දායිකාව
සිරියාවතීගේ දුව
ගමෙන් අතුරුදහන් වෙද්දි
පොඩි හාමුදුරුවන්ගෙ කුටියෙ
සිවුරක් තනිවෙලා තිබුණ
පන්සලේ මේසන් වැඩකරපු
සෝමෙගෙ ඩෙනිමක්
වැලේදිම අරහත්වෙලා තිබුණ
ඉතිං මේ දුර සංසාරෙ
ඈ ගාව පොඞ්ඩක් නවතින්න
ඔහුට හිතෙන්නැති

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment