Monday, September 11, 2017

සල් ගහයට අපි sex කරමුද?


සල් ගහයට අපි


අමර ගෙදර ඔප්පුව
උකස් කරන්න පුලූවන් කීයටද
ඒ ගාණට සෙට්වෙන
කැම්පස් එකක් තියෙනවද
පේරද කොළඹද ජපුරද
කැළණියෙ අලූතෙන් හදපු ෆැකල්ටියට
පළවෙනි බැජ් එක හින්ද
මේ අවුරුද්දෙ ඩිස්කවුන්ට්ලූ
පහසු ගෙවීමේ ක‍්‍රමයට 
O\L කරපු අපිට
 ඕව කරන්න පුලූවන්ද
A\L ණය වාරිකත් තාම ඇරියස්
අහම්බෙන් සෙට්වෙන
Free card එකකින්
මැතිදුනි අනේ හැකිවෙයිද
අපිට නිවනින් සැනසෙන්න
සල්ලි තියෙන අයට ප‍්‍රයිවට්
අවුලක් නෑනෙ ඉතිං
රජයෙ ඒව දුප්පත් අයට
ලිබරල් බණ කතා හොදයි
ගමේ සිරිපාල මාමට
අඩියක් ගහල දොඩවන්න
සාමා එන්න
හෝඩි පොතට ගෙවන්න
සල් ගහයට අපි
SEX  කරමුද
රෙදි මිළ ඉහළට
වවුචර් එක තැන
දැන් අපි ඉස්කෝලෙ යන්නෙ
නිළ රෙද්දෙන් ජංගි මහන්
ඉඩෝරෙක දළුලන්න
සිහිනයකට හැකිවෙයිද
වසත් සමයක් නුදුරේම
ආයෙත් ශීත සෘතුවකට ගියොතින්
වසන්තයෙ මල් නොපිපේවි සත්තට

(රිවිහාර පින්නදුව)

1 comment: