Thursday, September 14, 2017

මේ අපි පොඩි කාලෙ වැස්ස වැස්සමද





මේ අපි පොඩි කාලෙ

වැස්ස වැස්සමද


පොළෝ හිමි සද
තරහවූ සද
අහස් දෙවගන
හෙළන කදුළට
ඉතිං අපි ආසයිනෙ ඉස්සර
පිරී මිදුලේ අහස් වැහි දිය
ගලන සද රැුළි නගා ඉවතට
පෙමින් ඇළලී වහින වැස්සට
ඇදේ දෙව්සුව සෙව්ව පෙරදින
සීතළ වැස්සයි - උණුසුම් සයනෙයි
අම්මගෙ තේකයි - කියවන පොතකුයි
ගංජා මොකටද
ඉතිං මට මත්වෙන්න
පුටුවක දිග ඇදී
පේ‍්‍රමයේ මතකයන් කියවන්න
ජීවිතේ ආගිය කතා
රිදෙන හිනැහෙන පිටුවල
ආයෙ ආයෙම මුමුණන්න
සිය ගණන් කවි වලට
සරු පසක්වී දළුලන්න
වැස්ස පොළවට අරගෙන ආවෙ
වැහි බිංදු විතරමද මට පවසන්න
වේළිලා කරවෙච්ච පොළවක්
මුල්ම වැහි බිංදු සිපගන්නකොට
නැගෙන සුවදත් සුවදද මොන තරම්
පස් කන්න බඩ ගිණි හිතෙන
අහස කළු කරගෙන එද්දි
හදාගෙන කොල බෝට්ටු
බලන් හිටිය අපි දියඹට යන්න
පංති කට් කරන්න
වැස්ස තව වැඩිවෙන්න
වැහි දෙවියන්ව යැද්ද අපි
කතරගම ගම්භාර පරදන්න
එන්න පාරවල් කොතෙක් තිබුණත්
වතුර යටවුණු පාරවල් හොය හොයා
ගෙදර ආවෙමු හරිම සතුටින්
පොඩිකාලෙ ඉස්කෝලෙ
පිට්ටනිය වැස්සට පිරුණම
ජල කි‍්‍රකට් ගැහුව අපි
මඩවතුර නාගෙනම
වැස්ස ගැන මතකයන්
මොන තරම් ලස්සනද
ඒත් අද වැස්සට
අපි කොච්චරනම් භයද
මට තාම තේරෙන් නෑ
මේ අපි පොඩි කාලෙ
වැස්ස වැස්සමද
පාරම්බාන සංවර්ධනය
අන්තිමට නැති කරල අපිට
වැස්සෙ ලස්සන බලන්නත්
මේ යක්ෂයෙක්ව එන්නෙ
අනේ මං ඒ ආදරේ කරපු වැස්සමද

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment