Sunday, December 28, 2014

අපට නොනගතය තාම.............



අපට නොනගතය තාම.............


එරබදු ගහ
කොහේ අද
කපා ගත්තා 
පුටු සෙටිය ගෙට
අළුත් සළු ඉණ
දවටනා දා
තාම කුණු ගද
හමනවා මට
නැවුම් සුවදට
මකාලිය බැරි

සොයුරු පෙම් අද
හරිම සුවදයි
උපවාස බිම පිස
නැගෙන සුළගට
අම්මට කිරි බත්
රහ නෑලු මේ වර
නන්ගි ඔන්චිල්ලාව
බැදල නෑ අද
තල්ලු දෙන්නට
අයිය නෑ ළග
අප්පච්චි තනිවම
වැඩ අල්ලලා අර
අළුත් හේනට

යටත් වුණු වෙර සිදුණු
ලෝකෙට ජවය දෙන
සටන් බිම අත නෑර
අරගලය තුළ රැදුණු
සොයුර නුඹය මට
අවුරුදු කුමරුවන්
මෙදා අවුරුද්දට
මොන තරම් රස උනත්
අම්මගෙ කිරිබත් කට
ගිල්ලෙ අමාරුවෙන්
අව්වෙ වේලෙන
නුඹල සිහිවී

කවි ලියන් නෑ මම
මෙදා අවුරුද්දට
අපට නොනගතය තාම
පතන ලොව බිහි කරණ
නැකත එනවා ළගම
මකුළු දැල් කඩා හදෙහි
දූවිලි පිසිමු අධිටනෙහි
ධයිරය සෝදවා
සහෝදරකම් ඔප දමමු
ධනවාදෙ කුණු ගොඩට
වත්ත කෙළවර ගිණි ගහමු
ඉතින් සැරසෙමු
රතු මල් පිපෙන
අපේ අවුරුද්දට

( https://www.facebook.com/photo.php?fbid=629799553763465&set=pb.100002002790094.-2207520000.1419821379.&type=3&theater )

1 comment:

  1. Suuryaya mina rasiye sita tmat ape meseta pamina nthi bawa dutimi..ow.suryaya ape meseta pmina natha.kawrun Ho suryayata ape meseta enna denne natha.ese nm suuryayawa genwme argalaya apa ekwa kla yuthuya.e araglyata apa pelagasiya yuthuya.ada ammagen kiribth ktak noka attala wla hidinne e araglye nayakathwayayi..apa e nykathwaya hdungatha yuthuya.apa e nayakathwaya wata ek wiyayuthuya..ow..apa e nayakathwaya wata ekthuwi suuryayawa ape meseta gena a yuthuya.

    ReplyDelete