Monday, August 31, 2015

බොමුද රස්නෙට කැද කෝප්පයක්


බොමුද රස්නෙට කැද කෝප්පයක්


මේක නියම කැඳ හැලියක්
කෝකියො ගොඩයි ගොඩයි
දර දාන්න රස බලන්න
වටේට තව ගොඩයි ගොඩයි
ඉස්සර නිල් පාටට කොළ පාටට
කැද හැලි දෙකක් කියල
අපිට කියල
මහත්තුරුනි
එකම මෙනු එක
රස පොඞ්ඩක් වෙනස් කරලා
මාරුවෙන් මාරුවට ලිප් දෙකට
අපි පණ දාගෙන ගිණි පිම්බ
රස අප්සට් යන වෙලාවට
රතු පාටින් ලූණු ගම්මිරිස්
වැඬේ ගොඩදාල දුන්න
දේශපේ‍්‍රමී කැද
ප‍්‍රජාතන්ත‍්‍රවාදී කැද
සිංහළ ජාතිය රැකගන්න කැද
ජාතික සංහිඳියාවට කැද
ජනවාරි 8 විප්ලවේ කැද
මහින්ද සමඟ නැගිටල බොන කැද
හෘදසාක්ෂියෙ කැද
ඔක්කොම එකයි මගෙ සඳ
හැමදාම බීල
අපිට සරමෙ බඩයන
උන්ගෙ කැද නෙමෙයි
අපි හදමුද අපේ සුප් එකක්
දැන් නෙමෙයි පස්සෙ කිය කිය
ප‍්‍රායෝගිකව හැදිගෑව කැද හැලිය
බාලගිරි දෝෂෙ සුප් එකට
ඇතිනේද මදි නැද්ද
හැමදාම පරණ කැදහැළියට බැන බැන
ඒකම අරන් ඒවි අළුත් කිය කිය
දොරට තටටු කරල අහාවි ආයෙම
බොමුද රස්නෙට කැද කෝප්පයක්
මෝල්ගහ තියෙන්නෙ කුස්සියෙ

(රිවිහාර පින්නදූව)

Monday, August 24, 2015

විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා




විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා


පියඹා ආව ඒ පිසාචයා
තටු දිගැර සරන්නට හැම තැනම
සාධුකාර දිදී ඉඩ දුන්න කරුමය
උරා බිව්ව පැතුම් සිහින
කශේරුකාවල ඇට මිදුළු පවා
කෙළින් හිටගන්න බැරිවෙන්න
අවි දැරුව ඌට විරුද්ධව
මොර දුන්නු ”මේකා පිසාචයෙක්”
ඌ අනුභව කළා හැම දෙනාම
අත්පොළසන් විසිල් මැද්දෙ

ලේසි උනේ නෑ කවදත්
සරසවියේ ඉම පනින්න
ලේ කදුළැලි දහඩිය
පවුරක් වී රකිනා කළ

සිහිනයකට රොද බැන්ද
සොයුරන් පවා අද
සිහිනය සිහිනයක්ව දකිනා කළ
අඳුරුවූ මූසල අහසක
සොයන්නෙමි තරුවක් 
ප‍්‍රාර්ථනා දල්වන්න

දින ගෙවුණු අට්ටාලය 
විවෘතය ළග පාගමන
අඩුකළේ ගාස්තුනොව
වැඩිකළේ විශ්වාසය
පුළුවන් අපිට
පිසාචය ටිකක් හොඳ කරන්න
නොව ඌව සතපන්න
සදාකාලික නින්දක

වීරයෙක් ඇවිත්
හොම්බට ඇන පිසාචයගෙ
විමුක්තිය ගෙන ඒවි අපට
නොසිතන්න විශ්වාස නොකරන්න
විශ්වාස කරමු අපි අපිම
විතරක්ම විතරක්ම
කම්හලේ ගොවි බිමේ
ටයි දාන් දහඩියේ තැම්බෙන
කාර්යාල දුම්රියේ
සැරිසරා හැම තැනම
පීඩිත සවනතට ළංව
කියමු එකම එක පණිවිඩයක්
සහෝදරය පුළුවන් අපිට
සටන් කරන්න 
සටන් කරන්න
සටන් කරන්න
සතුකකට බොඳවෙච්ච ඇස්වලට
විවෘතය ළග දණ ගහපු පිසාචයා පේනවා

(රිවිහාර පින්නදූව)

Friday, August 21, 2015

හොඳ පරාජිතයින් හා නරක ජනතාව


හොඳ පරාජිතයින් හා නරක ජනතාව


තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් අවසන් වී ඇත. ජයඝෝෂා, අදෝනා, විචාර හැම තැනම ඇහෙන කාල සීමාවක්. කාලෙකට කළින් කොටින්ගෙන් රට බේරාගනිමු වගේ මේ පාර නැගල ගිය අදහස වුණේ හොරකම් නොකරණ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේනුතු යවමු කියන එකයි. කළින් වගේම මේ සටන් පාඨය උඩට උස්සන්න ගොඩක් දුරට මැදිහත් වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතාව ඒ කිව්ව කතාව අසන්නේ නැතිව ඉදලාම නැති හැඩය. හර්ෂලා එරාන්ලා පාර්ලිමේන්තුවට තේරීපත්වී ඇත. ගිය වර වැඩි ආසන ගණනක් ලැබෙද්දීත් මර්වින්ලා පාර්ලිමේන්තු යන විට පළාත් සභාවට වී සිටින්නට සිදුවූ නීතීඥ සිසිර ජයකොඩි වැනි අය ගම්පහින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. නමුත් ඡන්දදායකයා ඒ හැන්දෙන් හැමෝටම බෙදා නැත. පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම ඇතැම් පිරිස් එළියේ සිටියදී කිසිදු සුදුසු කමක් නොමැති පිරිස් ඡුන්දය ජයග‍්‍රහණය කර ඇත. මේ කාරණය සමාජජාල අවකාශයේ තදින් මතුවී ඇති අයුරු දැක ගතහැකිවිය. එහිදී ප‍්‍රබලව සන්සන්දනය වූයේ දකුණු පළාතේ පාර්ලිමේන්තු අසුන අහෝසිවූ සුනිල් හදුන්හෙත්ති සහ ජය ලැබූ ගීතා කුමාරසිංහ හා නිශාන්ත මුතුහෙට්ටිගමයි. බොහෝ ජවිපෙ හිතවාදී පිරිස් හා වෙනත් පාර්ශව පවා ඉතා කළකිරීමෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය. ජනාධිපතිවරණය සමයේ බුද්ධිමත් යැයි කියූ ඡුන්ද දායකයා, මැතිවරණ දින වන තුරු මැතිවරණ ඉතිහාසයේ වෙනසකට සූදානම් වී සිටි ඒ ඡුන්ද දායකයා එක රැුයින් බත් කන හරකුන් ලෙසින් රූපාන්තරණය කරන්නට විය. මිනිස්සුන්ට තේරෙන් නෑ, මිනිස්සුන්ට කොච්චර හොද කළත් වැඩක් නෑ, දැන් ඔය තෝරල යවපු අය පිස්සු නටද්දි තේරේවි මේ වගේ හිතේ දුකට කියන කතා ගොඩක් අහන්න දකින්න ලැබුණා.
ඇත්තටම ඔය විදිහට බැලූවොත් උගත් බුද්ධිමත් හොද වගේ නිර්ණායක අනුව ගීතා කුමාරසිංහලට වැඩිය වෘත්තීමය දේශපාලන කි‍්‍රයාධරයෙක් වෙච්ච සුනිල් හදුන්හෙත්ති සහෝදරයගෙ සුදුසුකම ගැන තර්කයට ලියුම්කරුට කිසිම ගැටළුවක් නෑ. හැබැයි එහෙම බලද්දි ගාල්ලෙ අජිත් කුමාර සහෝදරයත් පාර්ලිමේන්තුවෙ ඉන්න  ඕනෙ කෙනෙක්, පහුගිය කාලය පුරාවට පනත් ගණනාවකදි ඒවට විරුද්ධව තනිව පෙනී සිටියෙ අජිත් සහෝදරයා. හැබැයි කවුරුත් අජිත් කුමාර පාර්ලිමේනතුවට තේරුන් නෑ කියල හොටු පෙරනවා දැක්කෙ නෑ. ඒ වගේ ඔය උගත් බුද්ධිමත් හොද වරණයන්ට අනුව පාර්ලිමේන්තුවට යන්න  ඕන ගොඩක් දෙනෙක් වමේ පක්ෂ ඇතුළෙ වගේම වෙනත් පාර්ශව වලත් උන්නා. ඒත් ඒ අය වෙනුවෙන් ඒ වගේ දුක් වීමක් දකින්න ලැබුණ් නෑ. ගැටළුව පවතින්නේ සුදුසු පුද්ගලයන් තේරී පත් නොවී නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් වීමනම් ඒ වෙනත් පාර්ශව වල පිරිස් ගැනත් ඒ කණගාටුව පැවතිය යුතුයි. නමුත් මේ බොහෝ තැන්වල පවතින්නේ තමන් අපේක්ෂා කළ ප‍්‍රතිඵලය නොලැබීම තුළ ඇතිවුණ සිත් වේදනාව සමනය කර ගැනීමට ගන්නා උත්සහායක් විනා අන් දෙයක් නොවෙයි.
වමේ දේශපාලනය තුළ අප මෙම නිශ්චිත දේශපාලන සිදුවීම කියව ගන්න  ඕනෙ කොහෙමද? එක පැත්තකින් ජනපි‍්‍රය දහරාවේ වම ලෙසින් නියොජනය වන ජනතා විමුක්ති පෙරමුණ ගත්තද අනිත් පසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වමේ පක්ෂ ගත්තද ඡුන්ද සංඛ්‍යාවෙන් ගතහොත් අසාර්ථක වී ඇත. ඒ තත්වය මිනිස්සුන්ට පවරා වමට නිදොස් විය හැකිද? එක අතකට ඔය වම කළ කී දෑ වල එක්තරා ශේෂ පත‍්‍රයකි. මෙම මැතිවරණයේදී ජවිපෙ සියයට හතරයි දශම ගණනක ඡුන්ද ප‍්‍රතිශතයක් ලංකාවෙන්ම ලබාගෙන තිබේ. නමුත් මේ තරම් ප‍්‍රචාරණ දැන්වීම් සදහා වියදම් නොකර, මුහුණු පෙන්වා පුද්ගල ප‍්‍රතිරූප ඉහළට ඔසවන්නේ නැතිව, අඩු පාඩු මැද වුවත් ජනපි‍්‍රයවාදී නොවන වාමාංශික වැඩපිළිවලක් සහිතව ඡුන්දයට ඉදිරිපත් වී ජවිපෙ 2001 දී සියයට දහයකට ආසන්න ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා ලදී. ජවිපෙ අපේක්ෂකයින්ගේ මුහුණවල් තාප්ප පුරා ඇළවෙද්දී, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කවරයට පවා අනුර දිසානායකගේ රූපය පැමිණෙද්දී අප ඒ ගැන විමසන විට ජවිපෙ හිතවතුන් පැවසුවේ මෙය මිනිසුන් ආකර්ෂණයට කරණා උපක‍්‍රමයක් බවයි. එසේනම් දැන් ඒ උපක‍්‍රමය අසාර්ථක වී ඇත. එය ජවිපෙ ප‍්‍රතිපත්තිමය පරිණාමයේ නිරූපණයක් නොවේනම් ඔවුන්ගේ හැසිරීම ඉදිරියේ සැළකිය යුතු ලෙස වෙනස් විය යුතුව ඇත.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබදව සැළකීමේදී අතීතයේදී මෙන් අනාකුත් ප‍්‍රධාන පක්ෂ දෙකෙන් කැපී පෙනෙන වෙනසක් නොවූ අතර එම පක්ෂ දෙකට ඡුන්දය නොදී ජවිපෙට ඡුන්දය දීමට ඔවුන් මතු කරණ ලද කාරණය වූයේ ඔවුන්ගේ අපේක්ෂකයන් ලයිස්තුව උගතුන් බුද්ධිමතුන්ගෙන් සමන්විත වීමයි. අනෙක් කාරණය එම අපේක්ෂකයින් සොරකම් නොකරන හොද අය වීමයි. ඒවගේම අළුත් පරපුර වැනි සංවිධාන මතුකළ ශක්තිමත් විපක්ෂය, ආණ්ඩුව කරවන ආණ්ඩුව වැනි සාධයන්ද මතුකරණ ලදී. සමාජ වෙනසක් හෝ වෙනත් එවැනි ප‍්‍රතිපත්තිමය කාරණයක් මිනිසුන් අතරට නොගෙනෙන්ට මිනිසුන්ට ශක්තිමත් විපක්ෂ යන කතාව අදාල නොවන අතර ඔවුන් සිතන්නේ දිනවන්නේ කවුද යන්නය. අවසන එය මහින්දද රනිල්ද වැනි තැනකට ලඝුවීම වැළැක්විය නොහැක. අනිත් අතින් ආසියානු පසුගාමී සමාජ ශේෂයන් කරපින්නාගෙන යන සමාජයක් ලෙස ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රභූන් වෙත මිනිසුන් නිතැතින් ආකර්ෂණය වනු දැක ගත හැකිය. ඒ මිනිසුන් වෙත දේශපාලනය ගෙන යන්නේ නැතිව, ඔවුන් දියුණු කරන්නේ නැතිව මෙන්න අපේ එකාට උපාධියක් තියෙනවා, එයා හොරකන් කරන් නෑ කියුවට ඵලක් නැත. මිනිසුන්ට එය අදාල නැත ගමේ එකාට ගොස් කතිරය ගසා එයි. එයට ඒ මිනිසුන්ට බැන වැදී ඵලක් නැත. වරද ඇත්තේ සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්නා බලවේග වෙතය.
දැන් කෙනෙකුට අසන්නට පුළුවන් එහෙනම් ඩිමෝ බට්ටො අරන් හන්දි හන්දි ගානෙ ගිහින් විකල්ප ආර්ථික වැඩපිළිවලක් ගැන කිව්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ වෙනත් වාමාංශික පක්ෂයකට මෙම ඡුන්ද ප‍්‍රතිඵල අනුව ජනතාව ආකර්ෂණය වෙලා තියෙනවාද කියල. එවැනි තත්වයකුත් නැහැ. පැහැදිලිවම පවතින සමාජ ප‍්‍රශ්න වලට පිළිතුර ලෙස වාම විකල්පයක් පිළිබදව අදහස ගොඩනගන්න, ඒ ගැන මිනිස්සු අතර කතිකාවතක් හදන්න, වම ගැන විශ්වාසයක් හදන්න ලංකාවේ වමේ ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා. මෙතන ගැටළුව ලෝක පරිමාණව වමේ ව්‍යාපාරය නැවත අළු දූලි මතින් නවතාවයකින් නැගී සිටින මොහොතක ලංකාවේ වමේ ව්‍යාපාරය ජනතාවගෙන් ඈත් වීමත්, ලිබරල් සංශෝදනවාදයන්ට පසුබැසීමත්ය. එසේම පසුගිය කාල සීමවේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන්ට වෙනස්ව විකල්ප දේශපාලනයක් උදෙසා ලංකාව තුළ යම් අවකාශයක් ගොඩනැගුන අතර එය ජවිපෙ විසින් හුදු ජනපි‍්‍රයවාදය තුළ ප‍්‍රධාන දේශපාලන ධාරාවටම ගැටගසන ලද අතර අනෙකුත් වාමාංශික පක්ෂයන්ද එම අවකාශයට කඩාපැන එය තමන්ගේ ග‍්‍රහණයට ගැනීමට අපොහොසත්විය.
මේ සියළු කරුණු සාරාංශ ගත කළහොත් නැවත නැවතත් පසක් වෙන කාරණය වමේ දේශපාලනය නැතහොත් සමාජ වෙනසක් වෙනුවෙන් කරණා දේශපාලනය පිළිබදව නැවත නැවතත් වමේ අවකාශය තුළ සංවාදයට බදුන් කළ යුතු බවයි. එතනින් ඔබ්බට ජනතාව සකී‍්‍රය වෙන කම්හල් ගොවිබිම්වල අරගල තුළට යමින් මිනිසුන් අතර හිදිමින් ඔවුන්ගේ ඡුන්දය තම පක්ෂය වෙතට නොව ඔවුන් වම වෙත මතවාදීව දිනා ගැනීමේ දුෂ්කර මාවතට සමාජ වෙනසක් වෙන්වෙන් පෙනී සිටිනා සියළු පක්ෂ හා සංවිධාන යොමුවිය යුතුය. තම පක්ෂ අනන්‍යතාවයන් අතහැර වාමාංශික අනන්‍යතාවයක් තුළ සියළු දෙනාම පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් තමන්ද වෙනස් වෙමින් දියුණු වෙමින් මිනිසුන් වෙනස් කිරීමේ කාර්්‍යය ඇරඹිය යුතුව ඇත. මොකක් හෝ දෙයක් කේවල් කොට ඔළු ගෙඩි ටිකක් දිනා ගැනීමෙන් කළ හැකි සමාජ වෙනසක් නොමැත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ වේදිකාවල පැවසූ පරිදිම අප සියල්ලන් එකතු වී අළුත් ජනතාවක් පත්කර ගත යුතුව ඇත. 


   


Tuesday, August 11, 2015

පක්ෂ විපක්ෂය වෙනුවට සැබෑ විපක්ෂය


පක්ෂ විපක්ෂය වෙනුවට සැබෑ විපක්ෂය


මං පුංචිම කාලෙ ගෙදර සහෝදර සහෝදරියො කවුරුත් නැති හින්ද තනියමයි සෙල්ලම් කළේ. රූපවාහිණියෙන් බලන කාටුන් චිත‍්‍රපටි වගේ වැඩසටහන්වල චරිත තනියම රඟපාන එක  ඕනෙම පොඩි දරුවෙක් කරන දෙයක් ඒත් මට ප‍්‍රශ්නයක් තිබුණ, මං ඒ කතාවල වීරයා වුනාට පස්සෙ කවුද දුෂ්ඨය වෙන්නෙ? ඒකට උත්තරේ වුනේ මගේ සතුරා මංම වෙන එක. වීරයත් මන්ම රඟපානව, සතුරත් මන්ම වෙනව. සෙල්ලම් කරන්න කවුරුත් නැති එකේ ප‍්‍රශ්නෙත් මඟ ඇරෙනව. මට මේ දේ මතක්වුනේ පහුගිය කාලෙ පුරාවටත් දැන් ආයෙ ඡුන්දෙ කිට්ටු වෙලා වැඩියෙනුත් මතුවෙලා තියෙන හොද විපක්ෂයක් නැත්නම් ශක්තිමත් විපක්ෂයක් කියන කතා බහත් එක්කයි.
ඇත්තටම විපක්ෂය කියන්නෙ මොකක්ද? පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂය ඉඳගන්න පැත්තට අනිත් පැත්තෙ ඉඳගන්න කට්ටියද? පාර්ලිමේන්තුවෙදි කුණුහරුප කියාගෙන එළියට ගිහින් කැන්ටිමෙන් දෙන්න බැන ගත්ත හැටි කතා වෙවී එකට බුරියානි කන එකද? සරළ අදහසක් තියෙනව විපක්ෂය කියන්නෙ ආණ්ඩු පක්ෂෙ කරණ හොද දේට උදව් කරල නරක දේට විරුද්ධ වෙන කට්ටියක් කියල. ආණ්ඩුවෙ වංචා දූෂණ වෙනවනම් කෑ ගහල  ඒව සමාජෙට එළිකරල ඒවට විරුද්ධව විරෝධය හදන එක, අකාර්යක්ෂම වෙද්දි ඒ ගැන විවේචනය කරණ එක වගේ අදහසක්. ජනතා විමුක්ති පෙරමුණ වගේ විපක්ෂයෙ බලය ගන්න  ඕනෙ කියල ගොඩක් මැද පන්තිය පිරිස් අතර කථිකාවතක් හැදෙන්නෙත් මේ තර්කය ඇතුළෙ. ජවිපෙ පසුගිය කාල සීමාව ඇතුළෙ වංචා දූෂණ පිළිබද ප‍්‍රමුඛ විවේචකයාගේ භූමිකාව අයිති කරගන්නවත් එක්කයි. ඒ අනුව මේ පවතින සමාජ ක‍්‍රමය ඇතුලෙ ධනේෂ්වර පක්ෂයක් රට පාලනය කරණකොට ඒක අවුල්කර ගන් නැතුව කරගෙන යන්න මුර බල්ලගෙ භූමිකාව හොදටම කරන්න පුළුවන් කාටද කියල හොයන එක තමයි විපක්ෂයෙ භූමිකාවෙදි සළකන්නෙ. ඇත්තටම විපක්ෂය කියන්නෙ පවතින ක‍්‍රමයේ රැකවලූන් කියන එකද?
දැන් කෙනෙක් මට චෝදනා කරන්න පුළුවන් මිනිස්සුන්ට පොඩි හරි දෙයක් දිනා ගන්න එතකොට කවද හරි සමාජ වෙනසක් වෙනකන්ම ඉන්න  ඕනෙද කියල. චංචා දූෂණ වලට විරුද්ධවෙන එක වගේ දේවල් නරකද? ඒ වගේ දේවල් නේද ඇත්තටම විපක්ෂයකින් වෙන්න  ඕනෙ කියල. ඒවගේ දේවලූත් විපක්ෂයෙන් වෙන්න  ඕනෙ. හැබැයි විපක්ෂයෙ වෙන්න  ඕනෙ ඒක විතරමද? උසස් පෙළ විභාගය හොදට සමත් වෙන්නනම් හැම විෂයකම හැම ප‍්‍රශ්න පත‍්‍රයකටම හොදට ලෑස්තිවෙලා උත්තර ලියන්න  ඕනෙ. කෙනෙක් එක විෂයක පළමු ප‍්‍රශ්න පත‍්‍රයට හොදට ලෑස්ති වෙනව. වෙන එක විෂයක්වත් පොඞ්ඩක්වත් පාඩම් කරන් නැතුව. වෙන විෂයනුත් පාඩම් කරන්න තියෙනව කියල අදහසක්වත් නැතුව. දැන් මං ගිහිං එයාගෙන් අහද්දි ඇයි  ඕකම පාඩම් කර කර ඉද්දි අර වගේම කෙනෙකුට අහන්න පුළුවන් ඇයි පාඩම් කරණ එක නරකද කියල. අපි මෙතනදි බලන්න  ඕනෙ උසස් පෙළ සමත්වෙනව කියන සමස්ථ කි‍්‍රයාවලියට සාපේක්ෂවයි. ඒ වගේම අතනදිත් බලන්න  ඕනෙ රටක විපක්ෂයෙ කාර්්‍යයභාරය කියන කාරණයට සාපේක්ෂවයි. 
මෙතනදි තැන් දෙකකින් මේ කාරණය දිහා අපි බලන්න  ඕනෙ. කල්පනා කරල බලන්න පහුගිය කාල සීමාව පුරා විපක්ෂය කියන සාධකයේ හැසිරීම. අත්අඩංගුවට ගත්ත කෙනෙක් පැය 48ක් අත්අඩංගුවේ තබාගන්න ඉඩදෙන මර්දන පනතට, පාසල් වල ගාස්තු අය කිරීම නීත්‍යානුකූල කිරීමේ පනත වගේ දේවල් වලට ඔය විපක්ෂය විපක්ෂ වෙන් නෑ. ජවිපෙ පවා ඒ තීරණාත්මක පනත්වල ඡුන්දය විමසන වෙලාවල විපක්ෂයෙ භූමිකාව ඉටුකරමින් කැන්ටිමට වෙලා තේ බොනවා. මහින්ද ගෙනාපු අයවැයම අතුරු අයවැය කියල ගේද්දි, සේනක බිබිලෙගෙ නම සිල්ලරට විකුණල සමාගම් තර කරණ ෙඖෂධ පනත ගේද්දි අජිත් කුමාර සහෝදරය ඇර ඔය කොයි කවුරුත් යස අගේට අත ඉස්සුව. ඉතිං නියමින් හෝ අනියමින් හැම ප‍්‍රතිපත්තිමය කාරණාවකටම සහාය දෙනවා. ඒත් මහබැංකු අධිපති වංචා කරද්දි විපක්ෂය කඩු හෙලි අමෝර ගන්නව. මේ සමාජ ක‍්‍රමයෙ නඩත්තුවට  ඕනෙ කරණ ප‍්‍රතිසංස්කරණ, යෝජනා වලට විපක්ෂය නිහඩයි හැබැයි වංවා දූෂණ වගේ ඒ වැඬේ පිළිවලකට කරන්න බාධාවෙන වැඩ වලට විරුද්ධයි. පවතින වෙළඳ පල ධනේෂ්වර සමාජ භාවිතාවන් තව තවත් තහවුරු කරගන්න ගන්න කි‍්‍රයාමාර්ග වලට සහාය දෙන ගමන් ඒක හරියට කරගන්න බාධාවෙන පසුගාමී කි‍්‍රයාවන්ට විරුද්ධවෙන විපක්ෂයේ භූමිකාව සැබෑ විපක්ෂයේ භූමිකව වෙත ගෙන යා යුතුව තියෙනවා. ඒකට විපක්ෂයෙ භූමිකාව කියන්නෙ මොකක්ද කියල හරියටම අඳුන ගන්න වෙනවා.
ඇත්ත විපක්ෂයක් කියන්නෙ පවුලේ සංවාදයක් වගේ අපි අපි ඇතුළෙ පුංචි පුංචි ආරවුල් විසඳගන්නව කියන එකට නෙමෙයි. උදාහරණයක් ගත්තොත් පවතින සමාජ ක‍්‍රමය ඇතුළෙ හැමෝම හැම දෙයක්ම වෙළඳ භාණ්ඩයක් කරන්න හදනවා. ඒ අනුව සෞඛ්‍යත් වෙළද භාණ්ඩයක් කරන්න ඔය කොයි පාලකයත් ඡුන්දෙදි අපේ මූණට නොකීවට උත්සහ කරණව. දැන් සැබෑ විපක්ෂයක කාර්්‍යයභාරය වෙන්නෙ සෞඛ්‍ය ඇමතිවරයා ගත්ත කොමිස් කුට්ටියක් ගැන කියන එක විතරක් නෙමෙයි. මේ සෞඛ්‍ය වෙළඳ භාණ්ඩයක් කරණ ප‍්‍රතිපත්තියත් එක්ක කොන්දේසි විරහිතව ගැටෙන්න  ඕනෙ. ඒත් අපි විපක්ෂයෙ කාර්්‍යය භාරය කියල දකින්නෙ මීට වඩා හරිම සරළ දෙයක්. ඇත්තටම ඒක විපක්ෂයද කියන ප‍්‍රශ්නෙත් එනවා. ආණ්ඩුව ගෙනියන ප‍්‍රතිපත්තියට විරුද්ධවීමක් නෙමෙයි ඇත්තටම එතන කරන්නෙ ඒකට උදව් කිරීමක්. නැත්නම් ඒකට පක්ෂ වීමක්. 
සැබැවින්ම පවතින සමාජ ක‍්‍රමය තුළ සැබෑ විපක්ෂයේ භූමිකාව පවතින සමාජ ක‍්‍රමයෙන් වෙනස්ව වඩා යහපත් සමාජයක් දිහාවට යොමුවූවක් වෙන්න  ඕනෙ. ඒක පාර්ලිමේන්තුවෙ අනිත් පැත්තෙ වාඩිවෙලා ආණ්ඩුවට හූ කියනවට වඩා සංකීර්ණ වගේම භාර¥ර කාර්්‍යයක්. සැබෑ විරුද්ධ පක්ෂයේ කි‍්‍රයාකාරීත්වය මහ පොළවත් එක්ක බැඳුනක් වෙන්න  ඕනෙ. විරුද්ධත්වය කියන මතය ඊළග ඡුන්දෙදි තමන්ට බලය ගන්න හෝ තමන්ගෙ ගොඩ වැඩිකර ගැනීමෙන් එහාට ගිහින් පවතින ක‍්‍රමයට එරෙහි අදහසක් ජනතාව වෙත ගෙනයාමත් ඔවුන් ඒ වටා ගොනු කිරීමත් දිශාවට යොමුවිය යුතුයි. මෙතනදි ආණ්ඩුව කරණ ¥ෂණ වංචා වලට මුණිවත රකින්න  ඕනෙ කියල කියවෙන් නෑ. ඒවට විරුද්ධ වෙන්න  ඕනෙ හැබැයි මේ සමාජයෙ අර්බුදය මේ ආණ්ඩුවෙ ඉන්න ඇමතියෙක් හරි දෙතුන් දෙනෙක් හරි හොරකන් කරණ එක වගේ තැනකට ලඝුවෙන්න දෙන්න බෑ. 
පවතින සමාජය ඇතුළෙ සැබෑ විපක්ෂයෙ භූමිකාව පවතින්නෙ මිනිසුන් අතරයි. සැබෑ විපක්ෂය මතුවෙන්න  ඕනෙ ඔවුන් තුළිනුයි. ආණ්ඩුව ගන්න ජනතා විරෝධී කි‍්‍රයාමාර්ග වලට එරෙහිව දැනුවත් වෙලා නැගී සිටින්න  ඕනෙ ඔවුන්. එහෙම නැතුව පාර්ලිමේනතුව ඇතුළට යවන ගැළවුම්කරයො ටිකක් ස්වර්ග රාජ්‍යය පහල කරනකන් බලන් ඉදීමෙන් විසදුම් ලැබෙන් නෑ. ඉතිහාසය පුරාම තීරණාත්මක ජනතා විරෝධී තීරණ පරාජය කළේ පාර්ලිමේන්තුව ඇතුළෙ නෙමෙයි, ඉන් එහා මහපාරෙ අරගල ඇතුළෙයි. පහුගිය මහින්ද රාජපක්ෂ සමය ඇතුළෙ පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බහුතරයක් තියෙද්දිත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනත, විශ‍්‍රාම වැටුප් පනත වගේ දේවල් පරාජය කළේ ඒ ප‍්‍රශ්න පාර්ලිමේන්තුවෙ හතර සීමාව පැනල මිනිස්සු ඒව තමන්ගෙ අතට ගත්ත හින්දයි. ඒ නිසා කවුරු බලයට ආවත්, සැබෑ විපක්ෂයවීමේ වගකීම තියෙන්නෙ මිනිස්සු අතේ. ඡුන්දෙදි කාට හරි කතිරය ගහන එක නෙමෙයි වැදගත් දෙය, එතනින් එහා එළඹෙන සමය ඇතුළෙ සකී‍්‍රය වෙන එකයි. වාමාංශික ව්‍යාපාරය වැනි සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්න බලවේග වල වගකීම මේ සැබෑ විපක්ෂය ගොඩනගන එකයි. ඒ විපක්ෂයෙ වගකීම තමන්ගෙ කරට ගැනීමෙන්ම නෙමෙයි මිනිස්සු සංවිධානය කිරීම හරහා ඔවුන්ව විපක්ෂය බවට පත් කිරීමෙණි. එවැනි සකී‍්‍රය ජනතාවක් හරහායි එම ව්‍යාපාර බලාපොරොත්තුවෙන සමාජ වෙනස කරන්න වෙන්නෙ. එහෙම නොවී කොළ පාටට නිල් පාටට වගේම රතු පාටට අත්පුඩි ගහන පිරිසක් හදා ගන්න එකෙන් නෙමෙයි.



Friday, August 7, 2015

වෙනුරගෙ පෙම්වතී ඈ.....


වෙනුරගෙ පෙම්වතී ඈ.....


උන් වීරයො
කේවල් නොකර
කැප කරපු දිවියම
අප කෙරේ පේ‍්‍රමය නමට
ලියුවට ගොඩක් දේ උන් ගැන
වෙනුරට ති‍්‍රමාට
හිටියද පෙම්වතියක්
හිටියනම් මොනවගේ
වෙන්න ඇතිද ඒ ආදරේ
අපේ හිත් තුළ ඇදුණු
ඒ මහා යෝධයින්
හරිම සරළ පෙම්වතෙක්
වෙන්න ඇතිනේද ඇයගාව
තරුණ ලේ ඉවකරණ
පිසාචයො සරණ සමයක
දඩ බිමට ඔහු යද්දි
දඩයමක් වෙන බව දැනම
ගිණියම්ව හදවත
කොච්චරනම් උනත්
ඇය භියෙන් සැලෙන්න ඇති
ඇගෙ උපන් දිනය දා
චොක්ලට් පෙති රෝස මල් නොව
පණිවිඩයක්වත් යවන්නට
මගක් නොවෙන්නැති ඔහුට
අන්තරේ වැඩ වලම
හිරවෙලා ඉන්න ඇති
ඔයා කෑවද?
මං කන්න හදන්නෙ
පණිවිඩේ නාවාට
රණ්ඩුවෙන අපෙ ආදර ගාව
මේ කවිය හිරවුණේ
උන් ගැන ලියන්න
මගෙ වචන මදි හින්ද වෙන්නැති
ටයරයක් මත දැවී
ඒ සෙනෙහෙ
අකාලික වෙන්න ඇති
සරසවියෙ තුරු වදුළු
ඒ අරුම පෙම්වතුන්
එනතුරා තාම මග බලන් ඇති
රොබරෝසියා සුවඳෙ තාමත්
ඒ හාදු උණුසුම තැවරෙනව ඇති
උන්ගෙ හිත්වල තිබුණු
ඒ විසල් හැගීමට
කියන්නෙ ආදරේ කියල වෙන්න ඇති

(රිවිහාර පින්නදුව)

https://www.facebook.com/photo.php?fbid=856902944386457&set=pb.100002002790094.-2207520000.1438947213.&type=3&theater